වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ඇතැම් ගැහැනු දරුවන් වැඩිවියට පත්වීම ප්‍රමාද වන්නේ ඇයි?
අප්‍රේල් 29, 2022
සාමාන්‍යයෙන් ගැහැනු දරුවකුගේ වැඩිවිය පැමිණීම ලෙස හඳුන්වනුයේ, ප්‍රථම ආර්තවය සිදුවීම වශයෙන් හඳුන්වා දිය හැකියි. නමුත් මෙය වෛද්‍ය විද්‍යාවට අනූව නම් ඊට හාත්පසින් වෙනස්, සංකීර්ණ ක්‍රියාවලියකි. මෙහිදී, අප සාමාන්‍යයෙන් හඳුනාගන්නා පළමු ආර්තවය යනු සම්පූර්ණ ආර්තව ක්‍රියාවලියේ එක් අවස්ථාවක් වන අතර, එය තවත් ක්‍රියාවලි ගණනාවක් සමඟ බැඳී පවතී.
වයස් සීමාවන්වල බලපෑම
සාමාන්‍යයෙන් දැරියක් වැඩිවියට පත්වෙතැයි අපේක්ෂා කරන වයස් සීමාව අවුරුදු 12 – 14 දක්වා කාල පරාසයක පවතී. පසුගිය වසර සියයක පමණ කාලය සලකා බැලුවහොත් ලෝකයේ ගැහැනු දරුවන් වැඩිවියට පත්වීමේ වයස ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව පැහැදිලි කරුණකි. මෙයට හේතුව ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ දරුවන්ගේ ආහාර රටාවේ ඇති වූ ප්‍රබල වෙනස්කම් නිසා පෝෂණයේ ඇතිවන වෙනස්කම් හේතුවෙන් මෙවැන්නක් සිදුවී ඇති බවයි. අධිපෝෂණයෙන් යුතු සකස් කළ ආහාර පාන හා කුකුල් මස් වලින් ද, කෘත්‍රිම වර්ධක හෝමෝන භාවිතයෙන්,වෙළඳපොළට එන ආහාර බහුලව ආහරයට ගැනීම මීට එක් හේතුවකි.
ශරීරයේ සිදුවන වෙනස්වීම්
වැඩිවියට පත්වීමේදී දැරියකගේ ශරීරය විවිධ වෙනස්කම් රැසකට භාජනය වෙයි. මේ නිසා මෙය එක් අතකින් සංක්‍රාන්ති සමයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. මුල් අවස්ථාවේ දරුවාගේ උස වැඩිවීම සිදුවන අතර ඒ සමඟම පියයුරු වර්ධනය, ලිංගික ප්‍රදේශ ආශ්‍රිතව හා අත්යට රෝම වර්ධනය, ශරීරය මනාව පිරුණු ස්වභාවයක් ගැනීම ද සිදුවේ. මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස ආර්තවය (මාසික ඔසප්වීම) සිදුවේ. දැරියකට සිදුවන මෙම පළමු “ රුධිරය පිටවීම ” ගැමි සමාජය විසින් වැඩිවියට පත්වීම ලෙස හඳුන්වයි.
වැඩිවිය පැමිණීම ප්‍රමාද කරවන හේතු
සමහර දැරියන් කිසිදු රෝගාබාධයක් නොමැතිව, ස්වාභාවිකව අන් දැරියන්ට වඩා මඳක් පසු වී වැඩිවියට පත්වනු දැකිය හැකිය. සාමාන්‍යයෙන් එම දැරියගේ මව, සහෝදරිය ආදී වශයෙන් වූ පවුලේ සමීප ඥාතීන් වැඩිවියට පත්ව ඇත්තේ තරමක් ප්‍රමාද වී නම් බොහෝ විට එවැනි ගැහැනු දරුවන් ද තරමක් ප්‍රමාද වී වැඩිවියට පැමිණීම සිදුවීම දැක ගත හැකියි. මෙහිදී සඳහන් කළ යුතු විශේෂිත කාරණය වන්නේ දරුවාගේ සිරුරේ පියයුරු වර්ධනය, රෝම වර්ධනය, උස යෑම නිසිලෙස සිදුවේ නම් වයස අවුරුදු 16 පමණ වනතෙක් ආර්තවය ප්‍රමාද වීම ගැන එතරම් කලබල වීම අවශ්‍ය නොවන බවයි.
හෝමෝන
අසමතුලිතතාවය
දැරියක් වැඩිවියට පත් වීමට ශරීරයේ යම්කිසි ප්රශස්ත බරක් තිබීම ඉතා වැදගත් වේ. නමුත් යම්කිසි දරුවකු බෙහෙවින් කෙට්ටු නම්, එසේම ක්‍රීඩාවල නිතර යෙදෙනවා නම් එවැනි දැරියන්ගේ ද පළමු ආර්තවය මඳක් ප්‍රමාද වීම සුලබව සිදුවිය හැකිය. එමෙන්ම දැරියකගේ වැඩිවිය පැමිණීමට හයිපොතැලමස, පිටියුටරි ග්‍රන්ථිය, ඩිම්බකෝෂ යන අවයවයන්ගෙන් ස්රාවය වන හෝර්මෝන අතිශයින් වැදගත් වේ. මෙම හෝර්මෝනවල යම්කිසි අසමතුලිතතාවක් පැවතීම ද දැරියකගේ වැඩිවිය ප්‍රමාද වීමට බලපායි. ඊට අමතරව කාන්තා ප්‍රජනක පද්ධතියේ පවතින අසාමාන්‍යතා හා සංකූලතා නිසාත්, පළමු ආර්තවය සිදුවීම ප්‍රමාද වීමට ඉඩ ඇත. එමෙන්ම සමහර රෝගාබාධ එනම්, අධික ස්ථූලතාව, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත රෝග තත්ත්ව සහ ශරීරයේ පවතින වෙනත් රෝගී තත්ත්ව ද දරුවකු වැඩිවියට පත්වීම ප්‍රමාද කළ හැකි සාධක වේ.
වෛද්‍ය උපදෙස් ලැබිය යුතු අවස්ථා
මේ සාධක හැරුණු විට බොහෝ දැරියන් වැඩිවියට පත්වීම ප්‍රමාද වීමට තහවුරු කරගත නොහැකි හේතු සාධක ද බලපෑ හැකිය. හඳුනා නොගත්, මඳක් අසාමාන්‍ය මෙවැනි තත්ත්වයන් වලදී සමවයසේ අනිකුත් ගැහැනු දරුවන් වැඩිවියට පත්වී තමා පමණක් වැඩිවියට පත් නොවීම පිළිබඳව දැරියක තුළ විශාල මානසික කම්පනයක් ඇති කළ හැකි වේ. එනිසා මෙවැනි පසුබිමක් තුළ සිටින දරුවන්ට මවුපියන්ගේ නොමඳ අවධානය හා සහාය නිරතුරුවම අවශ්‍ය වනු ඇත.
දියණියට වඩාත් සමීප වී කටයුතු කිරීම මෙන්ම අවබෝධයෙන් මේ අවධියේදී කටයුතු කිරීම අතිශයින් වැදගත් වේ. මේ කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් දැරියක වයස අවුරුදු 14ක් පමණ පසුවීත් වැඩිවිය පැමිණීම සිදුවී නැත්නම් හෝ එම දැරිය වැඩිවිය පැමිණීම මේ කාලවකවානුව තුළ සිදු නොවන බවක් පෙනී යනවා නම් ප්‍රසව හා නාරිවේදය පිළිබඳ වෛද්‍යවරයකු හමුවීමෙන් ඒ පිළිබඳ ඊට බලපාන හේතු සහ ඒ සඳහා කළහැකි පිළියම් ගැන සාකච්ඡා කර අවශ්‍ය ප්‍රතිකාර ලබාගත හැකියි.
(ඩ්ඥපචතඤ ර්‍ණජ් ඩ්ඥචතබඩ ඇසුරිණි) කීර්ති එස්. කුමාර
෴ සබැඳි ලිපි ෴
මේ දිනවල යළිත් ක්‍රිකට් අපේ ජීවිතයේ කොටසක් බවට පත්ව ඇත. දඹුල්ල ක්‍රීඩාංගනයේ තරග ජය ගැනීමත් සමඟ රොක් වුණු ක්‍රිකට් ලෝලීන් අසුනක් ලබා ගැනීමට පොර කෑ...
2024-02-29 18:30:00
කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ විස්මිත ගුරුකම් පිළිබඳව අපූරු සත්‍ය සටහන් පෙළ අතරට කොළඹ “ආනන්දය” ඇරඹි මුල් කාලවකවානුවල එහි ප්රතාපවත් යුග පුරුෂයකු වූද...
2024-02-29 23:30:00
මානවයා අසාමාන්‍ය මිණිකැට හා ඒ හා සබැඳි ආභරණ කෙරෙහි ආකර්ෂණයට ලක් වූයේ අද ඊයේ නොව ප්රාග් ඓතිහාසික කාලයේ සිටම එය පැවැත එන්නකි.පුරාතන යුගයේ සිටම මැණික්...
2024-02-29 18:30:00
කිසිසේත්ම ජනප්‍රිය පුද්ගලයකු නොවූ මහයායේ ගොවිරාළ ප්‍රසිද්ධියට පත්ව සිටියේ ඉඩකඩම් පිළිබඳව අසීමිත තෘෂ්ණාව ඇති පුද්ගලයෙකු ලෙසය.“යහමින් ඉඩ කඩම්...
2024-02-29 18:30:00
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේකෙළ ලක්ෂයක් සක්වළ පුරාඅනන්ත බුදු ගුණයෙන් බලගන්වාදේශනා කර වදාළඋතුම් රතන සූත්‍රාන්ත දේශනාවෙන්එදිනෙදා ජීවිතයේ ඇතිවන...
2024-02-22 18:30:00
හස්ත රේඛා පරීක්ෂාවේදී තවත් ඉතා වැදගත් රේඛාවක් වශයෙන් දෛව රේඛාව හැඳින්විය හැකිය. ඕනෑම පුද්ගලයෙකුට ලැබෙන සියලු සැප සම්පත් රැකියාවේ නැගීම් බැසිම්...
2024-02-22 18:30:00
මේ ලෝකය මැවුණු කිසියම් බලශක්තිය මහ පුදුමාකාර එකක්. කෙනකුට බලය දෙනවා මොළය දෙන්නෙ නැහැ. මොළය ඇති එකාට බලය නැහැ. ඔය දෙකම ඇති එකාට ශක්තිය නැහැ. ඒ වගේම...
2024-02-22 18:30:00
ලෙස්ලි ජයසිංහ යන නාමය මෙරට වැසියාට හුරුපුරුදුය. ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරියකු එමතුනොව ඡ්‍යොතිෂ ශාස්ත්රඥයකු, මාධ්‍යවේදියකු යනාදී ලෙස ක්ෂේත්‍ර...
2024-02-22 18:30:00
එදා හිමිදිරියේ කොණ්ඩදෙණිය පන්සලට අමුත්තන් රැසක් එන බව කලින්ම සංඥා කළේ සැතපුමකට එහා සිටම ඇසෙන තඩි බලු රෑන් සේනාවේ බිරුම් හඬිනි. “බණ්ඩෝ” අද නම්...
2024-02-22 18:30:00
රට දැය සමය වෙනුවෙන් පුබුදු කළ විරුවන් අතර ඩී.ආර්. විජයවර්ධන යන නාමය රන් අකුරින් ඉතිහාසගත වූ චරිතයකි. ශ්‍රී ලංකාවේ පුවත් පත් ඉතිහාසය ගැන කතා කරන...
2024-02-22 18:30:00
එය 1880 මාර්තු මාසයේ දවසකි. ඇමෙරිකාවේ ගම්බද ගොවි පොළ හිමියකු වූ ඩේවිඩ් නැමැත්තා එදින සවස් භාගයේ එළියට බැස්සේ කිසියම් ගමනක යෙදෙනු පිණිසය.ඒ සමඟම...
2024-02-22 18:30:00
රෑ කුමාරි මල්වැනි අධික සුවඳවත් මල් පැළ රෝපණය කිරීමෙන් නිවාස, වතුපිටි, ඉඩකඩම් සහ දිය පහරවල් ආදි බොහෝ ස්ථානවල සැරිසරන පහත් ආත්ම පළවා හැරිය හැකි...
2024-02-22 18:30:00
ලෝකප්‍රසිද්ධ නාට්‍යකරුවකු වූ ශේක්ස්පියර් නිර්මාණකරුවා‘මයි ඩියර් දොරතියා’ (My Dear Dorothiya) පොතේ දුව දොරතියාට ලියූ ලිපිය වගේ මම ඔබට ලියනවා... දුවේ,...
2024-02-15 18:30:00
කුඩා කල සිටම කසාවතට අශා කළ දරුවකු විය. සෑම මසකම පොහොය දිනයට මේ දරුවා නොවරදවාම පන්සලට ගොස් සිල් සමාදන් වන්නට අමතක නොකළේය. පන්සලට නිතර යන එන පුරුද්ද මේ...
2024-02-15 18:30:00
තරුණ වියේදී ප්‍රතිවිරුද්ධ ලිංගිකයා කෙරෙහි දක්වන ඇල්ම බෙහෙවින්ම ලිංගිකමය පදනම මතම රැඳේවි. ලිංගිකමය උනන්දුව යනු දෙවැන්නා පිනවීමට ඇති වුවමනාවයි. ව්...
2024-02-15 18:30:00
“මහත්තයෝ...ඔයාකාරයෙන් අපහාස කරන එක හොඳ මදි නේද?”හඬ උස්ය. තර්ජනයක් නැතත්, අසතුටක් ඇත.“මට තේරෙන්නේ නෑ කියන්නේ මොකක් ගැන ද කියලා”“මිනිස්සුන්ට භූතයෝ කියන...
2024-02-16 02:30:00