වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ඇතැම් ගැහැනු දරුවන් වැඩිවියට පත්වීම ප්‍රමාද වන්නේ ඇයි?
අප්‍රේල් 29, 2022
සාමාන්‍යයෙන් ගැහැනු දරුවකුගේ වැඩිවිය පැමිණීම ලෙස හඳුන්වනුයේ, ප්‍රථම ආර්තවය සිදුවීම වශයෙන් හඳුන්වා දිය හැකියි. නමුත් මෙය වෛද්‍ය විද්‍යාවට අනූව නම් ඊට හාත්පසින් වෙනස්, සංකීර්ණ ක්‍රියාවලියකි. මෙහිදී, අප සාමාන්‍යයෙන් හඳුනාගන්නා පළමු ආර්තවය යනු සම්පූර්ණ ආර්තව ක්‍රියාවලියේ එක් අවස්ථාවක් වන අතර, එය තවත් ක්‍රියාවලි ගණනාවක් සමඟ බැඳී පවතී.
වයස් සීමාවන්වල බලපෑම
සාමාන්‍යයෙන් දැරියක් වැඩිවියට පත්වෙතැයි අපේක්ෂා කරන වයස් සීමාව අවුරුදු 12 – 14 දක්වා කාල පරාසයක පවතී. පසුගිය වසර සියයක පමණ කාලය සලකා බැලුවහොත් ලෝකයේ ගැහැනු දරුවන් වැඩිවියට පත්වීමේ වයස ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව පැහැදිලි කරුණකි. මෙයට හේතුව ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ දරුවන්ගේ ආහාර රටාවේ ඇති වූ ප්‍රබල වෙනස්කම් නිසා පෝෂණයේ ඇතිවන වෙනස්කම් හේතුවෙන් මෙවැන්නක් සිදුවී ඇති බවයි. අධිපෝෂණයෙන් යුතු සකස් කළ ආහාර පාන හා කුකුල් මස් වලින් ද, කෘත්‍රිම වර්ධක හෝමෝන භාවිතයෙන්,වෙළඳපොළට එන ආහාර බහුලව ආහරයට ගැනීම මීට එක් හේතුවකි.
ශරීරයේ සිදුවන වෙනස්වීම්
වැඩිවියට පත්වීමේදී දැරියකගේ ශරීරය විවිධ වෙනස්කම් රැසකට භාජනය වෙයි. මේ නිසා මෙය එක් අතකින් සංක්‍රාන්ති සමයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. මුල් අවස්ථාවේ දරුවාගේ උස වැඩිවීම සිදුවන අතර ඒ සමඟම පියයුරු වර්ධනය, ලිංගික ප්‍රදේශ ආශ්‍රිතව හා අත්යට රෝම වර්ධනය, ශරීරය මනාව පිරුණු ස්වභාවයක් ගැනීම ද සිදුවේ. මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස ආර්තවය (මාසික ඔසප්වීම) සිදුවේ. දැරියකට සිදුවන මෙම පළමු “ රුධිරය පිටවීම ” ගැමි සමාජය විසින් වැඩිවියට පත්වීම ලෙස හඳුන්වයි.
වැඩිවිය පැමිණීම ප්‍රමාද කරවන හේතු
සමහර දැරියන් කිසිදු රෝගාබාධයක් නොමැතිව, ස්වාභාවිකව අන් දැරියන්ට වඩා මඳක් පසු වී වැඩිවියට පත්වනු දැකිය හැකිය. සාමාන්‍යයෙන් එම දැරියගේ මව, සහෝදරිය ආදී වශයෙන් වූ පවුලේ සමීප ඥාතීන් වැඩිවියට පත්ව ඇත්තේ තරමක් ප්‍රමාද වී නම් බොහෝ විට එවැනි ගැහැනු දරුවන් ද තරමක් ප්‍රමාද වී වැඩිවියට පැමිණීම සිදුවීම දැක ගත හැකියි. මෙහිදී සඳහන් කළ යුතු විශේෂිත කාරණය වන්නේ දරුවාගේ සිරුරේ පියයුරු වර්ධනය, රෝම වර්ධනය, උස යෑම නිසිලෙස සිදුවේ නම් වයස අවුරුදු 16 පමණ වනතෙක් ආර්තවය ප්‍රමාද වීම ගැන එතරම් කලබල වීම අවශ්‍ය නොවන බවයි.
හෝමෝන
අසමතුලිතතාවය
දැරියක් වැඩිවියට පත් වීමට ශරීරයේ යම්කිසි ප්රශස්ත බරක් තිබීම ඉතා වැදගත් වේ. නමුත් යම්කිසි දරුවකු බෙහෙවින් කෙට්ටු නම්, එසේම ක්‍රීඩාවල නිතර යෙදෙනවා නම් එවැනි දැරියන්ගේ ද පළමු ආර්තවය මඳක් ප්‍රමාද වීම සුලබව සිදුවිය හැකිය. එමෙන්ම දැරියකගේ වැඩිවිය පැමිණීමට හයිපොතැලමස, පිටියුටරි ග්‍රන්ථිය, ඩිම්බකෝෂ යන අවයවයන්ගෙන් ස්රාවය වන හෝර්මෝන අතිශයින් වැදගත් වේ. මෙම හෝර්මෝනවල යම්කිසි අසමතුලිතතාවක් පැවතීම ද දැරියකගේ වැඩිවිය ප්‍රමාද වීමට බලපායි. ඊට අමතරව කාන්තා ප්‍රජනක පද්ධතියේ පවතින අසාමාන්‍යතා හා සංකූලතා නිසාත්, පළමු ආර්තවය සිදුවීම ප්‍රමාද වීමට ඉඩ ඇත. එමෙන්ම සමහර රෝගාබාධ එනම්, අධික ස්ථූලතාව, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත රෝග තත්ත්ව සහ ශරීරයේ පවතින වෙනත් රෝගී තත්ත්ව ද දරුවකු වැඩිවියට පත්වීම ප්‍රමාද කළ හැකි සාධක වේ.
වෛද්‍ය උපදෙස් ලැබිය යුතු අවස්ථා
මේ සාධක හැරුණු විට බොහෝ දැරියන් වැඩිවියට පත්වීම ප්‍රමාද වීමට තහවුරු කරගත නොහැකි හේතු සාධක ද බලපෑ හැකිය. හඳුනා නොගත්, මඳක් අසාමාන්‍ය මෙවැනි තත්ත්වයන් වලදී සමවයසේ අනිකුත් ගැහැනු දරුවන් වැඩිවියට පත්වී තමා පමණක් වැඩිවියට පත් නොවීම පිළිබඳව දැරියක තුළ විශාල මානසික කම්පනයක් ඇති කළ හැකි වේ. එනිසා මෙවැනි පසුබිමක් තුළ සිටින දරුවන්ට මවුපියන්ගේ නොමඳ අවධානය හා සහාය නිරතුරුවම අවශ්‍ය වනු ඇත.
දියණියට වඩාත් සමීප වී කටයුතු කිරීම මෙන්ම අවබෝධයෙන් මේ අවධියේදී කටයුතු කිරීම අතිශයින් වැදගත් වේ. මේ කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් දැරියක වයස අවුරුදු 14ක් පමණ පසුවීත් වැඩිවිය පැමිණීම සිදුවී නැත්නම් හෝ එම දැරිය වැඩිවිය පැමිණීම මේ කාලවකවානුව තුළ සිදු නොවන බවක් පෙනී යනවා නම් ප්‍රසව හා නාරිවේදය පිළිබඳ වෛද්‍යවරයකු හමුවීමෙන් ඒ පිළිබඳ ඊට බලපාන හේතු සහ ඒ සඳහා කළහැකි පිළියම් ගැන සාකච්ඡා කර අවශ්‍ය ප්‍රතිකාර ලබාගත හැකියි.
(ඩ්ඥපචතඤ ර්‍ණජ් ඩ්ඥචතබඩ ඇසුරිණි) කීර්ති එස්. කුමාර
෴ සබැඳි ලිපි ෴
ඵ් මීට වසර කීපයකට පෙර බදාදා දිනයකි. ඵංගලන්තයේ නැඟෙනහිරට ගමන් කරමින් සිටි මා හට ඵක් දිනක් ලන්ඩනයේ නවාතැන් ගැනීමට සිදු වූයේය. ඵ් අත්‍යාවශ්‍ය...
2024-03-14 18:30:00
ඵ් මීට වසර කීපයකට පෙර බදාදා දිනයකි. ඵංගලන්තයේ නැඟෙනහිරට ගමන් කරමින් සිටි මා හට ඵක් දිනක් ලන්ඩනයේ නවාතැන් ගැනීමට සිදු වූයේය. ඵ් අත්‍යාවශ්‍ය...
2024-03-14 18:30:00
මනු කාන්ති තෛලය අඤ්ජන අක්ෂි ප්‍රතිකාරයක්. විස්මිත ඔසු තෙලක්. මේ තෙල හිස ගල්වන්නකුට කිසිම කාලයක ඇස් ලෙඩක් ඇති නොවන බව කියැවෙනවා. පොදුවේ තෙල්...
2024-03-07 18:30:00
පසුගිය සතියක “දුවේ නුඹ අවදියෙන් නම්” ඡ්‍යොතිෂ මාමාගෙන් ලිපියක් කියලා සටහනක් ලිව්වා. ඒකට මට ගොඩක් ප්‍රතිචාර ලැබුණේ පුතාලාගෙන්. වැඩිදෙනෙක් මට දෝෂාරෝපණය...
2024-03-07 18:30:00
මන්ත්‍රය....ඕං ජීවක ශාස්තෘ විද්යාභවේ බුද්ධො භගවතාය ධාතු ධරණේ ආරක්ෂා බන්ධ බන්ධ ස්වාමි ස්වාහාහඞක්රමයපැතිරී යන සරම්ප, පැපොල හෝ ඕනෑම බෝවන රෝගයක්...
2024-03-07 18:30:00
එකල පිටිසර ගම්මානයක් වුවද කොණ්ඩදෙණියේ ගම්වාසීන් බක්මාසයේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර නිසි ලෙස ඉටු කිරීමට දැක්වූයේ ඉමහත් උනන්දුවකි. වැව් ඉස්මත්තෙන්...
2024-03-07 18:30:00
ඉපැරැණි පිරිත් පොතේ සඳහන් බොජ්ඣංග සූත්‍ර දේශනාවන්ට ඇතුළත් මේ උතුම් ගාථා රත්නයන් ධර්මානුකූලව සීලයක පිහිටා, පිළිවෙත් ගරුකව සිදුකර ගැනීම මඟින් ඉමහත් ප්...
2024-03-07 18:30:00
ඇය වර්තමානයේ ප්‍රකට නවකතා කතුවරියක වන දර්ශනා ශම්මි විජේතිලකය. කලකට පෙර එංගලන්තයේ රැකියාවක නිරතව සිටි ඇය එංගලන්තයේ නිව් බෝල්ඩන් ප්‍රදේශයේ ඇම්බවුඩ්...
2024-03-07 18:30:00
අංක විද්‍යාත්මක කරුණු විග්‍රහයේදි සූර්යයා හෙවත් රවි ග්‍රහයා මාර්තු මාසයේ ගමන් කරන්නේ මීන රාශියේ වන බවත් මාර්තු මාසයේ උපන් ඔබ ඔබගේ පෞද්ගලික අංකය හිමි...
2024-03-07 18:30:00
උතුම් රන්දෙනේ ගාථාවන්ගෙන් කළ හැකි යහපත් සහ අයහපත් කටයුතු පිළිබඳ සමාජයේ විවිධ කතිකා ඇත.බුදු, පසේබුදු, මහ රහත් උතුමන්ගේ ගුණ ඇතුළත් ගථාවන් හෝ සූත්...
2024-02-29 18:30:00
කාල යානය පිළිබඳ නවකතාවක් නොකියවූ අයෙක්, ටෙලිනාට්‍යයක්, චිත්‍රපටයක් නොබැලූ කෙනෙක් ඔබ අතර නොමැති තරම් විය යුතුය. එසේම කාලය හරහා ගමන් කිරීමට ඔබත්...
2024-02-29 18:30:00
වර්තමාන සමාජයේ විවාහ සම්බන්ධ ගැටලු ඇතිවීමේ යම් වැඩි ප්‍රවණතාවයක් ඇති බව තර්කයෙන් තොරව පිළිගැනීමට සිදුව තිබේ. මේ සඳහා හේතු සාධක ගණනාවක් බලපා ඇති බව...
2024-02-29 18:30:00
බොහෝ දෙනකු මවුපියන්ගේ නිවෙස්වල සහෝදර සහෝදරියන්ගේ හෝ ඥාතීන්ගේ නිවෙස්වල හෝ කුලී නිවෙස්වල ජීවත් වෙමින් සිට ණය මුදලක් හෝ වෙනත් ඉඩමක් විකුණා හෝ තමන්ටය...
2024-02-29 18:30:00
දැනට වර්ෂ 326කට පෙර එනම් 17 වැනි සියවසේ අගභාගයේ ක්‍රි.ව. 1698 පොසොන් මස මෙලොව එළිය දුටු මහා යතිවර මාහිමිපාණන් වහන්සේ නමක් වූ ශ්‍යාමෝපාලි මහා නිකාය...
2024-02-29 18:30:00
ප්රශ්නය -වම් දණහිසේ ආබාධය ස්ථිරවම සුව වේද? ගම්පහ - නයනානන්දපිළිතුර -ඔබට 2025 අප්‍රේල් දක්වා අපල ඇත. ඉන්පසු ශරීර සෞඛ්‍යයට යහපත්. එම කාල සීමාව තුළ...
2024-02-29 18:30:00
ගලායන හිරු රැස් ටිකක් නතර වෙලා වගේ. හීල්මංජාමේ එළිය ලෝභකමින් වාගේ බලිපොළේ වැතිර යමින් ඇඹූ බලි මත තැවරී ගිය ආලෝකය ඒ ඒ පාට වෙන් කරලා පෙන්වමින්, තැවී...
2024-02-29 18:30:00