වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
මත්වතුර භාවිතය නිසා මානසික ව්‍යාධිය ඇතිවෙනවා
දෙසැම්බර් 10, 2021
මද්‍යසාර භ්‍රාන්තිය
මේ කියන්නේ මත්වතුර බීලා නන්දොඩවන එක නෙවෙයි. මත්වතුරවලට ඇබ්බැහි වූ අයකු මත්වතුරනොගෙන සාමාන්‍ය අන්දමින් සිටින විට කවුරුහරි කෙනෙක් ඉතා සැරපරුෂ ලෙස බණින ආකාරයක් ඇසිය හැකියි. මෙහිදී තමන්ට දොස් නගන පුද්ගලයන් පෙනෙන්නේ නෑ. නමුත් ඉතා තදින් බණින අන්දමට ඇසෙනවා. ඒ නිසා එම පුද්ගලයාට තමන්ගේ ජීවිතයට අනතුරක් කරයි කියලා විශාල බයක් ඇති වෙනවා. කාලයක් තිස්සේ එක දිගට මත්වතුර පානය කළ කෙනෙකු ඉන්පසු මත්වතුර නතර කළ විටත් මේ තත්ත්වය හට ගන්න පුළුවන්. මෙය බීමත්කමට ඇබ්බැහි වූ අයගෙන් 10 % - 20 % කට පමණ ඇති වන තත්ත්වයක්. සමහර අයට මත්වතුර පානය නතර කළ පසු සති දෙක තුනකින් මේ තත්ත්වය ඉබේටම නැතිවන අතර තවත් අයට මත්වතුර නතර කර හය මාසයක් පමණ ගත වන තුරුත් මෙය දිගින් දිගටම පවතී. පසුව මඟ හැරී යයි. එසේම දිගටම මේ තත්ත්වය තිබී ඉන්පසු හින්නෝන්මාදය (ඉජඩඪලධනඩපඥදඪච) රෝගය දක්වාම වර්ධනය වීමද ඉතා කලාතුරකින් සිදුවිය හැකි ය.
විශාදය
මෙහි ස්වභාවය නම් එම පුද්ගලයන්ගේ මානසික තත්ත්වය අස්ථාවර වීමයි. මේ අනුව සතුට දුක ආදී වූ හැඟීම් වේගයෙන් වෙනස් වෙමින් මනසේ අස්ථාවර තත්ත්වයක් ඇති වෙනවා. මත්වතුරවලට ඇබ්බැහි වූවන්ගෙන් 70% කට පමණ මේ තත්ත්වය හට ගන්නවා. මද්‍යසාර විරමන රෝග තත්ත්වයට (ඒතජධඩධත ඹඪබඩඤපචඹචත ඵරදඤපධථඥ) පත් වූ අයට ප්‍රතිකාර දී එය සුව වූ පසු පළමු මාසය තුළ 50 % කට පමණම මෙම විශාද රෝග තත්ත්වය ඇතිවෙනවා. පසුව ඉබේම එම තත්ත්වය යටපත් වන මුත් 15% - 20 % කගේ පමණ මෙය දිගු කාලීනව පැවතිය හැකියි. මත්වතුර නිසා විශාද තත්ත්වයට පත්වීම සේම විශාද තත්ත්වය නිසා මත්පැන්වලට ඇබ්බැහි වීම දක්නට ලැබෙන්නේ අඩුවෙන්. නමුත් එසේ ඇබ්බැහි වූ කාන්තාවන් අතරින් වැඩි දෙනෙක් ඊට යොමු වී තිබෙන්නේ විශාද රෝගය පැවතීම නිසයි. තවත් පිරිසකට මත්වතුරවලට යොමු වී ඊට ඇබ්බැහි වීමෙන් පසුවද විශාද තත්ත්වය හට ගන්නවා. බොහෝ දෙනෙක් සිතන්නේ මත්පැන් මානසික අසහනයට පිළියමක් බවයි. නමුත් එය විනාඩි පහක දහයක අස්වැසිල්ලක් පමණයි. දිගු කාලීනව ලැබෙන ප්‍රතිඵලය වන්නේ මත්වතුර නිසා මානසික තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් පහළටම බැස අන්තිමේ විශාද රෝගය හට ගැනීමයි.
සියදිවි හානිකර ගැනීම
මත්වතුරවලට ඇබ්බැහි වීම සහ විශාද රෝගය යන කරුණු දෙකම තිබෙන අයගේ සියදිවි හානිකර ගැනීමේ ප්‍රවණතාවය වැඩියි. එය සාමාන්‍ය අයට වඩා සිව් ගුණයකින් ඉහළ බවයි අනාවරණය වී තිබෙන්නේ. ඒ වගේම විශාදය නොතිබුණත් මත්පැන් භාවිතයට ඇබ්බැහි වූවන්ගෙන් 25% ක් වත් එක වතාවක් හෝ සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව හෙළි වී තිබෙනවා.
ලිංගික ඊර්ෂ්‍යාව
මත්වතුර භාවිතයට දිගු කාලීනව ඇබ්බැහි වූවන් තම බිරිඳව කිසිදු පදනමක් නැතිව සැක කරන්නට පුළුවන්. මත්වතුරවලට ලොල් වූවන් බහුතරයකගේ පවුල්වල මෙම තත්ත්වය නිහඬ, ඒත් දැවෙන ගැටලුවකි. එසේම දිගුකාලීනව මත්වතුර පානය කිරීම නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇති වූ පිරිමියකු තම බිරිඳ තමාගෙන් සතුටක් නොලැබීම මත ඇය වෙනත් පිරිමින් ළඟට යනු ඇතැයි සැක උපදවා ගත හැකියි.
ඩිමෙන්ෂියාව
දිගු කාලීනව මත්වතුර ගන්නා විට එය මොළයේ සෛලවලට බලපෑම් ඇති කිරීම හේතුවෙන් (ච්ඪපඥජබ බධයඪජ ඥටටඥජබ ) මත්වතුර නිසා හට ගන්නා ඩිමෙන්ෂියා තත්ත්වය ඇති විය හැකියි. මේ රෝගය හටගන්නේ කුඩා මොළයේ සෛල වැඩිපුර විනාශ වීම මඟිනුයි. එහිදී ඇවිදින විට පැත්තට ඇවිදීම, මතකය අඩු වීම වැනි තත්ත්වයන් හට ගත හැකි යි. මතකය අඩු වන විට භ්රාන්ති තත්ත්වයන් (විවිධ රූප පෙනීම, ශබ්ද ඇසීම වැනි දෑ) සේම මෝහ හෙවත් වැරදි විශ්වාස ද හටගනු ඇත.
කාංසාව
කාංසා රෝග සහ මත්පැන් අතර කිට්ටු සම්බන්ධයක් පවතිනවා. මෙහිදී වැඩිම සෘජු සම්බන්ධයක් තිබෙන්නේ සංත්රාසය සහ බැඳුණු ආබාධ (ර්ථචදඪජ ඤඪඵධපඤඥප) සමඟයි. සංත්රාසය හා බැඳී ආබාධ යනු එක්වරම කිසිදු හේතුවක් නැතිව බියක් දැනීම, හුස්ම ගැනීමට අපහසුවීම, ඇඟපත වෙව්ලීම, දහඩිය දැමීම වැනි ලක්ෂණ ඇති වී එය විනාඩි කිහිපයකින් නැතිවී යාමයි.
සමාජ භීතිකාව
සමාජයට මුහුණ දීමට තිබෙන පැකිලීම නිසා ආත්ම ශක්තිය ඇතිකර ගැනීම සඳහා සමහරු මත්වතුරවලට යොමු වෙනවා. මෙසේ සමාජ භීතිකාව නිසා මත්පැන්වලට යොමුවීම වගේම මත්වතුර නිසාත් සමාජ භීතිකාව ඇතිවිය හැකියි. මත්වතුරවලට ඇබ්බැහිවීම කියන්නේ මානසික රෝගී තත්ත්වයක්. මීට ඇබ්බැහි වූ අයකුට මෙයින් තනිව ගැළවීමට අසීරුය. එයට හේතුව මත්වතුර භාවිතයෙන් මිදීම සඳහා සිතෙහි ආත්ම ශක්තිය තිබුණත් ශරීරය මත්වතුර ඉල්ලා සිටීමයි. එනිසා මෙය විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු යටතේ ඖෂධ හා චර්යාත්මක ප්‍රතිකාර දී සුව කළ යුතුයි.
වෛද්‍යාචාරිනී, වෛද්‍ය ශිරෝමණී, පණ්ඩිත,
ටී.කේ. සී. විමලරත්න
සටහන
කීර්ති එස්.කුමාර
෴ සබැඳි ලිපි ෴
වත්මන් දවස ලාංකේය ජනතාව අතර ජාති භේදයකින් තොරව අතිවිශාලම පිරිසක් ඉමහත් ගෞරවයෙන් පුද සත්කාර තබා අදහන අංක එකේම දේවතාවුන් වහන්සේ ලෙස සලකනු ලබන්නේ ශ්‍රී...
2024-10-17 18:30:00
සත්‍ය තොරතුරක් හෝ සිදුවීමක් පිළිගැනීම, විශ්වාස කිරීම හා අගය කිරීම සිදු වන්නේ ඒ පුද්ගලයාගේ ප්‍රකාශ කිරීමේ හැකියාව හා දැනීම මෙන්ම ඉදිරිපත් කිරීම අනුවයි...
2024-10-17 18:30:00
ශකවර්ෂ 1946 ක් වූ තුලා රවි 02 භාග වප් අව පෑලවිය ලත් කිවිදින සිට එම රවි 08 භාග වප් අව අටවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - තුලාකුජ – මිථුන...
2024-10-17 18:30:00
අලි ඇතුන්, වගවලසුන්ගෙන් ද, නයි පොළඟුන්, තඩි පිඹුරන්, විසකුරු සර්පයන්ගෙන් ද, හාවුන්, මුවන්, ඉත්තෑවන්, වල්ඌරන්, ගෝනුන්ගෙන් ද, කොටි ව්යාග්රාදී...
2024-10-17 18:30:00
ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සනත් ජයසූරිය මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කුම්භ ලග්න කේන්ද්‍ර සටහනට අනුව, ඒ මහතාට ඒරාෂ්ටක කාලවකවානුවලදී ලැබුණ සුබ පල...
2024-10-17 18:30:00
වත්මන් සමාජයේ තරුණ අසහනයට බලපාන ප්‍රධානම හේතුව වනුයේ රැකියාවයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් නොලදහොත් ඊළඟ අපේක්ෂාව වනුයේද...
2024-10-17 18:30:00
දිනක් බුදු හිමියන් වෙත පැමිණි රාජ කුමාරයකු මෙසේ විමසීය.“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ජීවිතය මහත් දුෂ්කරය. මේ සියලු දුක් ගැහැට තනිවම විඳ දරා ගැනීම...
2024-10-17 18:30:00
මෙතෙක් කතාවචිත්ර ශිල්පියෙකු හා ලේඛිකාවක වූ තරුණ අඹු සැමි යුවළක් තම සිතැඟිවලට මනාව ගැළපෙන ආකාරයේ සුන්දර නිවසක් ගම්බද පළාතකින් මිලට ගෙන එහි පදිංචිය...
2024-10-17 18:30:00
මාසය කුමක් වුණත් ඔබ ඉපදුණේ 1, 10, 19, 28 යන දිනයක නම් ඔබගේ ජන්ම අංකය වන්නේ අංක 01 යි. ජන්ම අංක එකෙන් උපත ලබන අය රවි ග්‍රහයාගේ ශක්ති බලයට යටත්ව ක්...
2024-10-17 18:30:00
ග්‍රහ අපල දුරුවීමට කළයුතු වත්පිළිවෙත් ඡ්‍යොතිෂ් ශාස්ත්‍රයෙහි පැහැදිලිව දක්වා ඇත. ආගමානුකූලව ජීවිතය ගත කිරීම, බෝධිපූජා, දේව පූජා සහ ග්‍රහ පූජාවන්...
2024-10-10 18:30:00
කුජ සිකුරු යෝගය පිළිබඳජනිත් - ගෝණදෙණිය,මහත්මියනි,ඉහත නම් සඳහන් මා මකර ලග්න හිමියෙක්. වරක් කේන්දර පරීක්ෂාවකදී මාගේ කේන්දරයේ කුජ - සිකුරු යෝගය...
2024-10-10 18:30:00
සිංහ දෙවි දේවතාවුන් වහන්සේලා අතර ශ්‍රී විෂ්ණු මහ දෙවියන්ට සුවිශේෂී තැනක් හිමි වී තිබේ. උපුල්වන් නමක් ද ඈඳී ඇත. ලංකාරක්ෂක දෙවියකු නිසා සෑම ජන ජීවිතයකට...
2024-10-10 18:30:00
විජය කුමරු ලංකාවට පැමිණෙන විට, යක්ෂ ගෝත්‍රිකයන් ලංකාවේ ජීවත් වූ බව මහාවංශයේ සඳහන් වේ. යක්ෂයන් පිළිබඳ තොරතුරු සපයන තවත් සාහිත්‍ය මූලාශ්‍රයක් වන්නේ,...
2024-10-10 18:30:00
ජීවිතයට කෙතරම් අසීමාන්තික හැල හැප්පීම්, හිත් රිදීම්, ඇද වැටීම් තිබුණද ඒ සියල්ල දරාගෙන ඒවායින් පාඩම් උගෙන කිසිවකුට වෛර නොකර සොම්නසින් යුතුව තමන්ගේ...
2024-10-10 18:30:00
ඡ්‍යොතිෂය පිළිබඳව නිසි අවබෝධයකින් කටයුතු කිරීමේ කාලය එළඹී ඇත. මෙය ජීවනෝපාය කරගෙන තමන්ගේ බඩ වඩා ගැනීමට බොරු ශාස්ත්‍රය භාවිත කරන්නන් නිසා සමාජයට සිදු...
2024-10-10 18:30:00
අප සිතූ ලෙස යමක් නොවී වෙනස් දෙයක් සිදු වූ විට ‘ඔක්කොම වෙන්නේ හොඳට කියලා හිතමු‘ යැයි කියන්නට ඇතැමුන් පෙලඹෙනු දැකිය හැකිය. බොහෝ විට, බොහෝ දෙනකුට සිදු...
2024-10-10 18:30:00