හිරණ්‍යාගේ සොර සිත ස්වාපනයෙන් දැන ගනී

ජනවාරි 4, 2019

හිරන්‍යා මෙතරම් සතුටු වූයේ වින්දනගේ ලේඛන නැති වී විදෙස් ගමන සහ විවාහය කඩාකප්පල් වීම නිසාය.

සෙහන්‍යාගේ දෑස් කඳුළින් තෙත් වී ඇත. මාස ගණනක් පුරා සිහින සිතිවිලිවලින් අහසට ඉණිමං බැඳි ඇයට දැනුණේ මහහන්සියෙන් පිම්බූ බැලුම් බෝලයක් කවරුන් හෝ දිවගෙන විත් කටුවකින් හිල් කළා හා සමාන හැඟීමකි.

වින්දන විදෙස් ගත වනතුරු සෙහන්‍යා ඇඟිලි ගණිමින් බලා සිටියේ නුදුරු අනාගතයේදී ඉක්මනින් ඔහු හා එක්වීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් ඒ සුබ දිනයට දින දෙකක් තිබියදී ගමන් බලපත්‍රය ඇතුළු වටිනා ලියකියවිලි අතුරුදන්විම බලවත් ගැටලුවක් විය.

නිවෙසට කිසිවකු ඒ කාල සීමාවේදී පිටතින් පැමිණියේ ද නැත. එසේ තිබියදී මෙසේ ලියකියවිලි අතුරුදන්වීම ඔවුනට පේන බැලීමට තරම් හේතුවක් විය. ඔවුන් කේන්දර බැලීමට ද අමතක නොකළේය. එහෙත් වෙනදා ඔවුනට මෙවන් ගැටලුවෙන් සහනයක් නම් ලැබුණේ නැත.

අවසානයේදී ඔවුන් ස්වාපනික වෛද්‍ය ක්‍රමය යොදා ගන්නා වෛද්‍යවරයකු හමු වී යටි සිත අවදිකර ගැනීමට හැකි වූයේ මිතුරකුගේ මාර්ගයෙනි. වෛද්‍යවරයා පවුලේ සැම සාමුහික නිද්‍රාවකට පත් කළේය. එසේ කළේ ලියකියවිලි නැතිවීමේ ඇත්ත ඇති සැටියෙන් අවදිකර ගැනීමටය.

මව, පියා, සෙහන්‍යා මේ සම්බන්ධව කිසිවක් දැන සිටියේ නැත. සෙහන්‍යාගේ නිවුන් සොයුරිය හිරන්‍යා සිදුවීමේ වගඋත්තරකාරිය විය.

උපදෙස් :– වෛද්‍ය, ස්වාපනික විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති

පී.එන්.විද්‍යාකුලපති

සටහන:- චම්පිකා දීපානි රණසිංහ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.