අසිරිමත් නත්තලේ සංකේතයක් වන නත්තල් ගස

දෙසැම්බර් 24, 2021

මෙම නත්තල් ගස ගැන පුරාවෘත්ත රැසක්ම තිබෙනවා. ජර්මනියේ එක්තරා ප්‍රදේශයක දුප්පත් ගස් කපා ජීවත්වන අයෙක් සිටියා. දිනක් ශීත ඍතුවක සීතලට හසුවුණු දරුවකු තමාට ශීතලයයි කියමින් උපකාර ඉල්ලා මේ ගස්කපන්නාගේ නිවසට පැමිණියා. එම දරුවා ගැන අනුකම්පා කළ ගස්කපන්නා තමන්ට හැකි පමණින් උදව් උපකාර කරමින් ආහාර පානාදියෙන්ද සංග්‍රහ කළා. එදින රෑ ගත කළ එම දරුවා පසුදින උදෑසන තමා ළමා ජේසු යැයි පවසමින් දේවදූතයකු ලෙස පෙනී සිටියා.

අනතුරුව ගස්කපන්නා අතට දේවදාර අතුරිකිල්ල ලබාදී දේවදූතයා නොපෙනී ගියේය. ගස් කපන්නා එම දේවදාර අතුරිකිල්ල මහත් භක්තියෙන් ඔහුගේ ගේ ඉදිරි පිට මිදුලේ සිටෙව්වා.එය නත්තල් ගසක් ලෙස වැඩුණු බවයි පුරා වෘත්තවල සඳහන් වන්නේ.

හෝලි ශාකයද නත්තල් සැරසිලිවලදී දක්නට ලැබෙන ශාකයක්. හෝලි ශාකයට අයත් ශාක විශේෂ වර්ග හය සියයකට අධික ප්‍රමාණයක් තිබෙන බවත් සඳහන්.මෙම ශාක මල්පිපෙන ශාකයි. ඇකුයුෆෙලි ආසියේ කුලයටයි මෙම ශාක අයත්වන්නේ. (ඒඳභඪටධතඪචජඥචඥ) ශාකය පඳුරු හා මීටර් දෙකේ සිට විසිපහක් පමණ උස් ගස් මෙන් වැඩෙනවා. මෙම ශාකවල ගෙඩි රතුපාට බෙරිගෙඩි වන අතර අලංකාරවත් ලෙස එක අත්තක ගෙඩි එකක් දහයත් අතර ප්‍රමාණයක් හටගනී.

මෙම ගෙඩි විෂ සහිත බැවින් වැරදිලාවත් කෑවහොත් වමනය හා පාචනය ඇති වන බවත් සඳහන් වේ.

හෝලි ශාකය බෙහෙවින්ම යොදා ගනු ලබන්නේ සැරසිලි සඳහා පමණකි. ගෙවතු හා උද්‍යාන අලංකාරයට ද ගන්නා මෙම හෝලි ශාකය සුදු පැහැති කඳකින් යුක්ත වේ. සැරසිලිවලට ගන්නා අතු මිස්ල්ටෝ අතු වෙනත් ශාකයක් හෝ පඳුරක් මත වැඩෙන ශාකයකි. මිස්ල්ටෝ ශාකවල පත්‍රවල මෘදු ඕවල් හැඩය හා දැව කඳන් හා දිලිසෙන ගෙඩි නිසාත් හඳුනා ගැනීමට අපහසුවන්නේ නැහැ.

මිස්ල්ටෝ අතු නත්තල් සැරසිලිවලට ගැනීම ඈත අතීතයේ සිටම භාවිත කෙරේ. නත්තලට සුබ පැතීමට පැමිණෙන ඕනෑම පුද්ගලයින් දෙදෙනකු හමුවන්නේ මිස්ල්ටෝ අත්තක් එල්ලනු ලැබූ තැනක යටදීය.

එම චාරිත්‍රය බ්‍රිතාන්‍යයට පැතිර ගියේ ස්කැන්ඩිනේවියානු චාරිත්‍රයකිනි. විශේෂයෙන් මිස්ල්ටෝ ශාකයක අතුක කපන කොයි මොහොතක දීවත් අතු බිම ස්පර්ශවීමට ඉඩ නොතබන බවත් සඳහන්ය.

එමෙන්ම නත්තලට එල්ලන ලද මිස්ල්ටෝ අතු ඉවත් කරන්නේ ඊළඟ වසරේ උදාවන නත්තලට කලින් දින රාත්‍රියෙහිය. නත්තලට අමතරව මෙම මිස්ල්ටෝ අතු හා පත්‍ර ඖෂධ සඳහා ද යොදා ගනී. එය යුරෝපයේ මෙන්ම ජර්මනියේද ජනපි‍්‍රය ශාකයකි. සමහර රටවල මෙම ශාකය රුධිර සංරක්ෂණයේ හා ශ්වසන පද්ධතියේ රෝග සඳහාත් පිළිකා ඖෂධ සඳහාත් භාවිත කෙරේ. එහි ඖෂධ බෙහෙවින් අඩංගුව පවතී.

යුරෝපයේ උතුරු දෙසට වන්නට පිහිටි රටවල නත්තල් ගස් හැදීම වසර දහසකට අධික කාලයක සිටම කරගෙන විත් ඇත. එක්සත් රාජාධානිය වැනි රටවල් තුළ නත්තල් ගස් සෑදීම ක්‍රි.ව. එකදාස් අටසිය තිහ පමණ වනතෙක් දක්නට ලැබී නොමැතිය. වර්ෂ එකදාස් අටසිය එකේදී ඇල්බර්ට් කුමරු විසින් වින්ඩ්සර් මාලිගයේ නත්තල් ගසක් නිර්මාණය කිරීමෙන් පසුව එහි සෑම නිවසකම නත්තල් ගස සෑදීම ලැව්ගින්නක් මෙන් පැතිරගොස් තිබේ.

මිසල්ටෝ නමින් හැඳින්වෙන කුඩා ගෙඩි සහිත ශාකයක් සමහර රටවල නිවස ඉදිරිපිට එල්ලා තැබීමද නත්තල් චාරිත්‍රයකි. එමෙන්ම සමහර රටවල නත්තල් ගස් රබර්වලින් හා ප්ලාස්ටික් වලින්ද සාදා ඇත.

එම කෘත්‍රිම නත්තල් ගස් ගනු ලබන කිතුණුවන් රතු, කහ, නිල්, කොළ ආදී පාටවලින් යුත් බෝල එල්ලා දිලිසෙන පීත්ත පටිවලින් සරසා සෙල්ලම් බඩු එල්ලා විදුලි බුබුළුවලින් අලංකාර කර නිවෙස් තුළ හා ආයතනයන්හි තබයි. මෙම නත්තල්ගස මුදුනේ වල්ගාතරුවක්ද සවිකර ඇත. ඒ බෙත්ලෙහෙමේ දී වූ තරුව සිහිගන්වමිනි.

නත්තල් ගස් සඳහා ශී‍්‍ර ලංකාවේ වැඩියෙන්ම ගනු ලබන්නේ කසගස්වල අතු සහ සයිස්ප්‍රස් අතුය. දෙසැම්බර් මාසයේ මුල් සතිය වන විට නත්තල් ගස් සෑදීමට අවශ්‍ය අතුවර්ග මංමාවත්වල ප්‍රසිද්ධ ස්ථානවල අලෙවියට තබා ඇති බව දැක ගන්නට ඇත.

එමෙන්ම රබර්වලින් හා ප්ලාස්ටික්වලින් සාදන ලද නත්තල් ගස්ද වෙළඳසල්වල සහ පදිකවේදිකාවේද අලෙවි කිරීමට තබා තිබේ. නත්තලට සූදානම් කරනු ලබන නත්තල් ගස්වල මුදුනේ වල්ගාතරුවක් ද ගසේ සෙල්ලම් බඩුද එල්ලා විදුලි බුබුලුවලින් ආලෝක කර තැබීමෙන් දරුවෝ මහත් පී‍්‍රතියට පත්වෙති.

පාරම්පරික ඡ්‍යොතිෂවේදී
තිස්ස මහානාම 
 
සටහන මාධ්‍යවේදී බී.ඇල්.පේ‍්‍රමරත්න
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.