මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දැයේ දූ දරුවන් සැම දෙනා උදෙසා මහා බල සම්පන්න සෙත්කවියක් හා ගණදෙවි පූජාවක් මෙන්න

පෙබරවාරි 4, 2022

මහා බලසම්පන්න සෙත්කවි රත්නය

හිමිව ඇති බල තෙදිනි මනුසත වෙතට යහපත නිතර සදමින

පිනැති සිරිවස් දෙව් සෙනෙවි ගණදෙවිඳ නිති ගැති වඳීමි බැතියෙන

නවම් මස තුළ සියලු දින වල මුහුණ දෙන තරගයට කුලුනින

දුරැර දොස නැණ බලය දෙනු මැන විභාගයෙ ඡය සතිරවන මෙන

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි මස 07 වන දින ආරම්භ වන බව සඳහන් වන අතර, ඒ අනුව මෙම විභාගයට පෙනී සිටින සියලු දරුවන් ට එම විභාගයට සාර්ථකව මුහුණ දීමටත්, සිය මතක ශක්තිය හා ධාරණ ශක්තිය වැඩි දියුණු වීමටත් නිරෝගී සම්පන්නව යහපත් මනසකින් යුතුව යන එන ගමන බිමනේ ආරක්ෂාවත්, රැකවරණයත් අරඹයා මෙන්ම අති සාර්ථකව මෙම තරග විභාගය ජය ගැනීම සඳහා පහත සඳහන් ග්‍රහ ශාන්ති කර්ම හා මහා බලගතු සෙත්කවිය ගායනා කිරීම තුළින් දරුවාට සාර්ථක ලෙස මෙම විභාග කඩ ඉම ජය ගත හැකිය.

උසස් පෙළ විභාගයේ ආරම්භක දිනය සුබ බලයක පවතී. මසකට ආසන්නව පවතින මෙම විභාගයේ ආරම්භය ඉතා සුබදායී වෙයි. අප ඔබට ඉතා බලසම්පන්න සෙත් කවි රත්නයක් ද ඉදිරිපත් කරන අතර එය නිවරැදිව භාවිතය තුළින් මහඟු ප්‍රතිඵල උදාකර ගත හැකිය.

මෙම විභාගයට පෙනී සිටින සියලු දූවා දරුවන් වෙනුවෙන් ඉතාමත් නිවැරදිව ගණ පිහිටුවා බල සම්පන්න ව හා සරලව රචනා කර ඇති මෙම විශේෂ සෙත්කවිය පහත සඳහන් ආකාරයට ගායනා කිරීම තුළින් ඉතාමත් ම යහපත් සුබ ප්‍රතිඵල උදාකර ගත හැකිය.

විභාගයට පෙර දින වල ස්නානය කර පිරිසිදු වී සුදු ඇඳුමින් සැරසී ළඟම ඇති විහාරස්ථානයට ගොස් බෝ මළුව ඇමද මල් අසුන පිරිසිදු කර ගන්න. ඉන් පසු සුවඳීන් රුවින් යුත් මල් පුදා සුවඳ කූරු දල්වා තෙරුවන් නැමැද ආගමික වතාවත් කිරීමෙන් අනතුරුව තමන් කළ පින් ගණ දෙවියන්, විෂ්ණු කතරගම හා සරස්වතී මෑණියන් හා තම ඉෂ්ට දේවතාවන්ට අනුමෝදන් කර විභාග ජය ප්‍රාර්ථනා කරන්න. ඉන් අනතුරුව පහත සඳහන් මහා බලසම්පන්න සෙත්කවිරත්නය බෝධීන් වහන්සේ ඉදිරිපිට සිට උදෑසන හෝ සවස 6 .00 ත් රාත්‍රී 10 .48 ත් කාලය තුළ නිවැරදිව 7 වරක් ගායනා කොට විභාග නිමාවන තුරු මතක ශක්තිය වර්ධනය , නිරෝගී භාවය හා යන එන ගමනේ බිමනේ ආරක්‍ෂාව ප්‍රාර්ථනා කරන්න. සෙත්කවිය ගායනා කිරීම අදාළ දරුවාගේ මව හෝ පියා විසින් සිදුකිරීම ඉතා හොඳයි.

අදාල විභාග දිනයේ විභාගයට පිටත්වීමට පෙර සුදු මල්වට්ටියක් බුදුරඡාණන් වහන්සේට පූඡා කර පහන් දල්වා තෙරුවන් නැමැද, දෙමාපියන් නැමැද දකුණු පය පෙරට තබා පහත සඳහන් ගාථා රත්නය තෙවරත් සිහිපත් කර අදාල දිනයේ සුබ නැකැත හා දිශාව අනුව පිටත්ව යන්න.

“ඡයෝ මුණින්දස්ස සුබෝධි මූලේ

අහෝසි මාරස්ස පරාඡයෝ හි

උද්ඝෝසයුං දේව ගනා පසන්නා

ඒතේන සච්චේන ඡයස්තු මය්හං”

සුදු මලක් දමන ලද පිරිසිදු වතුර වීදුරුවක් රැගෙන එන මව පෙරමගට හමුවන ලෙස පිටත්ව යන්න.

විභාග ජය ගෙනෙන මහා බල සම්පන්න ගණ දෙවිපූජාව...

උසස් පෙළ විභාගය යනු දැයේ දරුවන් ගේ ජීවිතයේ කඩඉමයි. ඒ අනුව ඔවුන්ගේ ජීවිත කඩඉමක් බඳු වූ මෙම අති සුවිශේෂ විභාගයන් වෙනුවෙන් ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ මතක ශක්තිය හා ධාරණ ශක්තිය වැඩිකර ගැනීමටත් සිය අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගනිමින් මනා ශාරීරික ශක්තියකින් හා නිරවුල් මනසකින් යුතුව විභාගයන්ට මුහුණ දීම සඳහා ප්‍රයෝජනවත් වන ගණ දෙවියන් උදෙසා පවත්වන ග්‍රහ ශාන්ති කර්මයක් අප මෙවර ඔබ වෙත ගෙන එනු ලබනවා. ඒ අනුව මෙහි පහත සඳහන් ගණ දෙවිපූජාව නිවැරදි ව පැවැත්වීම තුළින් ඔබටත් අති සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැකිය. ඒ අනුව මෙහි පහත සදහන් ගණ දෙවි පූජාව නිවැරදිව පවත්වා ඔබත් යහපත් ප්‍රතිඵල උදාකර ගන්න.

ගණ දෙවි පූඡාව නිවැරදි ව පැවැත් වීම

ගණ දෙවි පූඡාව පැවැත්වී ම සඳහා සාලය හෝ කාමරයක් තෝරා ගන්න.එය නිසි පරිදි පිරිසිදු කර එහි කුඩා මේසයක් තබා ගණ දෙවියන්ගේ රූපයක් හෝ පිළිමයක් තබන්න.

පහත සඳහන්දෑ සකස් කර ගන්න.

මල්වට්ටියක් නෙළුම් මල් සමඟ

පලතුරු වට්ටියක් ( පලතුරු 5 පමණ)

කැවිලිවට්ටියක් ( කැවිලි 5 පමණ)

හඳුන්කූරු

පහනක්

සම්බ්‍රානිසුවඳ දූම් සූදානම්කර ගන්න.

නෙළුම් මල් හා වෙනත් මල්වලින් වට්ටියක් සාදා ගන්න. අඔ / කෙසෙල්/ කොමඩු / දෙලුම්වැනි පලතුරු වර්ග සහිතව පලතුරු වට්ටියක් සාදාගන්න.

ගිතෙල් දැමූ කුඩා මැටි පහන් දෙකක් පැණි රස කෑම වර්ග පහක් සහිත වට්ටියක් හබල පෙති / උක්හකුරු / මී පැණි / කිරි ආදිය ගණ දෙවියන්ට පූඡා කරණු පිණිස මේසය මත තබන්න.

හඳුන්කූරු දල්වා කපුරුපෙති හා ගිතෙල් පහනක් දල්වා සුවඳ දූම් අල්ලා ඒ සියල්ල ගණ දෙවියන්ට පූඡා කරන්න. ගණ දෙවි ගුණ ස්ත්‍රෝත්‍රය 7 වරක් ගායනා කරන්න.

බදාදා හා සෙනසුරා දා දිනයන් හි දින 03 ක් සවස 6 ත් 8 ත් අතර කාලය තුළදී ගණ දෙවිපූඡාව තබන්න. ඔබේ දරුවාගේ සියලු දූක් දොම්නස් දූරු වී දරුවන් ගේ විභාග ඡය ලැබී රෝගී තත්ත්ව දූරු වී ධන වාසනාව කැන්දනු ඇත. ඔබට සෞභාග්‍යමත් කාලයක් උදාවෙයි.

ගණ දෙවි ස්ත්‍රෝත්‍ර

ගණපතිපරිවාරං චාරුකේයුරභාරං

ගිරිධරවරසාරං යෝගිනිචක්‍ර වාරං

භවහයපරිහාරං දුකකදාරිදාදුරං

ගණපතිමහිවන්දෝ චක්‍ර තුණ්ඩවතාරම්

සියලුම දූ පුතුන්ට උපරීම ජය සමාර්ථය ලැබේවා.

වාස්තු විද්‍යා උපදේශක, පුවත්පත් ලේඛක,

බණ්ඩාරගම,

සම්පත් එස් කල්පගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.