වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
මම මුහුණු පොතේ සැරිසරන අතර කාලෙකින් හමුවන අමුතු පෝස්ටුවක් දුටුවෙමි. එය පළ කර තිබුණේ ආචාර්ය රංග කලන්සූරිය සොයුරාගේ වෝලයේය. ‘කඩවර යක් කංකාරිය‘- අතිශය...
2023-06-22 18:30:00
වර්ෂ 1925 අපේ‍්‍රල් 5 වැනි ඉරිදා රාත්‍රී 12.57ට ධනු ලග්නයෙන් උපත ලද සංගීතවේදී චිත්‍ර ශිල්පී සුසිල් පේ‍්‍රමරත්න මහතාගේ ලග්නාධිපති ගුරු (බ්‍රහස්පති)...
2023-06-22 18:30:00
ජීවිතයට ආත්මීය බැඳීමක් එක්කළ තම පියාගේත් පුතුගේත් කේන්දර පරීක්ෂා කර බැලූ නක්ෂත්රකරුවන් පැවැසූ අසුබ අනාවැකි කන වැකෙනාතුරු ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව...
2023-06-22 18:30:00
යුවතිපතියන් දෙදෙනකුගේ ප්රමුඛ බලාපොරාත්තුව වන්නේ තම විවාහයෙන් පසු ඔවුන්ගේම කුලුදුල් සිඟිති දරුවකුගේ සුරතල් බැලීමේ අවස්ථාව උදාවන තෙක්ය. සිඟිති දරුවකු...
2023-06-22 18:30:00
ගල් යුගයෙන් එඬේර යුගයට, එතැනින් වාරි ක්රමයේ දියුණු තත්ත්වයට පත්වූ මිනිස් වර්ගයා ක්‍රමයෙන් චාරිත්‍රවලට ඇබ්බැහි වුණා. එනම්, මවුපියන් නැමැදීම,...
2023-06-22 18:30:00
කතරගම දෙවියන් උදෙසා පැවැත්වෙන කතරගම පෙරහැරට සහභාගි වීම සඳහා උතුරුකරයේ සිට පා ගමනින් පැමිණෙන බැතිමතුන්ගේ පාද යාත්‍රාව මේ මස 12 වැනිදා ආරම්භ විය.පානම...
2023-06-22 18:30:00
ඒ 1855 වර්ෂයයි. මෙදා කොළඹ වේල්ලවීදියේ පිහිටි සුදර්ශන අච්චු කන්තෝරුව ඉසිලූයේ වෙනදාට වැඩි කාර්යබහුල බවෙකි. එහි සේවක පිරිස පසු වන්නේ අප්පුහාමි වෙද මහතා...
2023-06-15 18:30:00
“මොකද මාලි මේ උදේ පාන්දරම බුම්මගෙන?“ සිරි ඇසුවේ කනස්සල්ලෙනි.“ඔයා ඔහොම ඉන්නකොට ගෙදර ශ්‍රියා කාන්තාව පැනලා ගිහින් මූදේවිගේ බැල්ම වැටෙන්න ගන්නවනේ. මට...
2023-06-15 18:30:00
“ජය භූමිය” නන් අයුරින් සංකේතවත් වන අතර, සිංහල උමා ඡ්‍යොතිෂය තුළ එය අක්ෂර කලාවේ සූක්ෂමය සමඟ බැඳේ. එහෙත් අප කතා කරනුයේ පොදු දළ සිද්ධාන්තයන්ය. ක, ග...
2023-06-15 18:30:00
එක්දාස් අටසිය අසූවේ ජුනි 25 සිකුරාදා දහවල් 2.17 දකුණේ අම්බලන්ගොඩ ආඳාදොළ උපත ලත් සාර්ලිස් කුඩා දරුවාගේ මාපියන්ගේ වෑයම වූයේ වෙදකම ඉගැන්වීමයි. එහෙත් ඔහු...
2023-06-15 18:30:00
වර්තමානයේ මෙන් අතීතයේදී විවාහ අසාර්ථක වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ 20 පොරොන්දම්වලට ප්රමුඛත්වයක්දී විවාහ අපේක්ෂිත යුවළගේ හඳහන් ගැළපීමයි.ඒ අනුව...
2023-06-15 18:30:00
පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 4 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදී. අද අපි පෞද්ගලික අංක 5 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා...
2023-06-15 18:30:00
මෑත කාලයේ බොහෝ පවුල්වල දරුපල ගැන බලන විට අපට ඇතිවන්නේ මහත් කනගාටුවකි. පුංචි පවුල රත්තරං යයි හඬ නැගූ අය දැන් එසේ සිතන්නේ නැති බව අපට පෙනේ. ඒ නිසාම...
2023-06-08 18:30:00
එදා දිනපතාම දුම් දම දමා කොළඹ දුවන යකඩ යකාගේ මැදිරියක් වෙන් වී තිබුණේ එවකට සියනෑ කෝරළයේ උපන් හපන්කම් දැක්වූ මහා කලාකරුවන් උදෙසාය. ගම්පහ දුම්රියපළින්...
2023-06-08 18:30:00
පැල්පතක වෙසෙන දුගියකුගේ වේවා මහා මන්දිරයක දිවි ගෙවන පොහොසතකුගේ වේවා ජන්ම පත්‍රයක්, නැකැත් පත්‍රයක් පමණක් නොව බෙහෙතක් හේතක් ගන්නට පැමිණියකුගෙන්...
2023-06-08 18:30:00
අපි සැම නිරන්තරවම විශ්වය හා සමග කුමන හෝ ගණුදෙනුවක නිරතව සිටිමු. විශ්වයේ සියලු ක්‍රියාවලීන් රිද්මයානුකූලව සිදු වෙමින් පවතී. දැන හෝ නොදැන අපි ද ඒ...
2023-06-01 18:30:00