ගර්භදානය නොහොත් දරුපල

දෙසැම්බර් 14, 2018

ලෝකයේ උත්තරීතරම පදවිය මවු පදවිය ලබා ගැනීමට ප්‍රබල පින් බලයක් තිබිය යුතුයි. විවාහක ස්වාමි පුරුෂයාගේ යුතුකම තම බිරිඳට ගැබ් ගැන්වීමයි. බිරිඳ එම සුදුසු කාලය තෝරා දී ආරක්ෂාකාරීව තම ගැබ දරා සිටීමෙන් පසු නියම කාලයේදී තමන් පෙරුම් පුරමින් සිටි විවාහයේ සුන්දර පලය දරු සම්පත තමන් සතු කර ගත හැකියි.

දරුපල රහිත පතිපතිනියන් බොල් වූ සිහින දකිමින් කොතෙකුත් අප සමාජයේ සිටී. විවාහයේ නීරස මෙන්ම සමගිය සහ විවාහය දෙදරා යාමට මෙය ප්‍රබල බලපෑමකි. සියලු සැප සම්පත් භුක්ති වින්දත් දරුපල අහිමි යුවතිපතීන් දැඩි චිත්ත පීඩා, සමාජයෙන් නින්දා සමගින් තම අනාගතය ද බොඳ කර ගනී. ගැබ් ගැන්වීමේ පූර්ණ හැකියාව ඇත්තේ පිරිමියාටයි. කාන්තාවට ඇත්තේ දරා ගැනීමේ හැකියාවයි.

පුරුෂ ධාතුවක සහ ස්ත්‍රී අර්තානුවක සංයෝගයෙන් ඇතිවන බීජයේ වර්ණාංශු දෙදෙනාට සමසමව ඇත. පුරුෂයෙකු සතු ධාතු ශක්තිය ජීවිතය පුරාවටම පවතී. ස්ත්‍රියකගේ අවුරුදු 45 න් පසු බීජ ඉපදීම ක්ෂය වීමට පටන්ගනී. කාන්තාවකගේ ආර්තානු මසකට එක බැගින් සරු වේ.

ප්‍රවීණ ඡ්‍යොතිර්වේදීන් ගේ දරුපල පර්යේෂණ ප්‍රතිඵල හා නාරි හා ප්‍රසව වෛද්‍ය විද්‍යාවට අනුව උත්පත්තිය යනු සංවාසය, ගැබ් ගැනීම, (පිළිසිඳ ගැනීම හෙවත් ප්‍රතිසන්ධිය) වේගවත්වීම උපත සිදුවීමයි.

ඡ්‍යොතිෂයට අනුව ශනි ලේවල ද්‍රව කොටස සාදයි. ගුරු ඇමෝනියම් ද්‍රව්‍යයෙන් යුත් වැදෑමහ සාදයි. කුජ අතපය සාදයි. රවි අස්ථි සහ උපත ශක්තිමත් කරයි. සිකුරු ස්ත්‍රී පුරුෂභාවය තීරණය කරයි. බුධ මොළයේ කොටස් සකසයි. චන්ද්‍රයා ‘භ්‍රෑණයාගේ උපත ස්ථිර කරයි. ශනි ඇතුළු මෙම ග්‍රහයන්ගේ පීඩා වීම තුළින් අංගවිකල මෙන්ම මල දරු උපත් ඇති කරයි. ගැබ් කාලයේදීද එම ග්‍රහයන්ගේ පීඩාවීම් ගැබ් දිය කර දමයි.

කුස තුළ පිළිසිඳ ගන්නා කළලය ගැහැනුද පිරිමිද යනු පිළිසිඳ ගන්නා මොහොතේම තීරණය වේ. පෙර රජවරු කුමර කුමරියන් ඉපදීමට ප්‍රතිසන්ධි කේන්ද්‍ර නිර්මාණය කළේ එහෙයිනි. ජීවන ගමන මැනගැනීමට ප්‍රතිසන්ධි කේන්ද්‍රය වැදගත් වේ. දරුවකු පිළිසිඳගැන්වීමට එක්වන මොහොතේ තත්කාල ග්‍රහ පිහිටීම බලවත් වූ විට නිරෝගී බල සම්පන්න දරුවකු ජනිත වේ. විශ්වාසවන්ත අවංක ඡ්‍යොතිර්වේදියෙකුගේ අනුදැනුමෙන් එවැනි සුබ මොහොතක් සකසා ගැනීම තුළින් ඉතා උසස් ප්‍රතිඵල අත්කරගත හැකිය. දරුපල ගැන බැලීමේදී සත්‍ය නිවැරැදිව දැකිය හැකි ප්‍රවීණ ඡ්‍යොතිර්වේදියෙකු ලවා භාව කේන්ද්‍රයක් සාදා සැමියා සහ බිරිඳගේ ජන්ම පත් ගැඹුරින් පරික්ෂා කළ යුතුයි. දෙදෙනාගේ වඳ දෝෂ ඇද්ද, අංගවිකල මානසික ආබාධිත දරුවන් බිහි වේ ද, යම් යම් පීඩා නිසා දරුපල පමාවීම ඇද්ද, දරුවකු දරුකමට ගැනීමට ඇද්ද, සැමියා බිරිඳගේ කායික මානසික තත්ත්වයන්ද වැදගත් වේ.

 

විශ්ව කීර්ති කලාභූෂණ

දේශබන්ධු ඡ්‍යොතිර්වේදී

සනත් ධර්මරාජ

077-4734442/071-6214612

වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.