වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
නිවැරැදි වාස්තුව අනුව නිවෙසක් හදමු
අපටම ආවේණික වූ මනා වාස්තුවක් තිබේ. රාවණා යුගයටත් පෙර මේ දේශීය වාස්තුව පිළිබඳව අක්මුල් සෙවීමේ දී වඩාත් වැදගත් තොරතුරු රැසක්ම සොයා ගැනීමට හැකි වී තිබේ. පැරණි යුගයේ දී නිවෙස් සඳහා දැව හා මැටි උපයෝගී කරගත්හ. අද වන විට සිමෙන්ති මෙන්ම ෆයිබර් වැනි කෘත්‍රිම මෙවලම්වලට පරිවර්තනය වී ඇත්තේ ය. එක්දහස් අටසිය ගණන්වලදී ඉඩම් මැන බෙදීමේ ක්‍රමවේදය ඇතිවිය. ඊට පෙර පැවතියේ පොල් අල්ලි ගණනට භූමිය වැටකින් ආවරණය කර තිබීමය.
මිනුම් ක්‍රමය මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ආරම්භයත් සමඟ ඉඩම් මැන පිඹුරු පත් සැකසිණි. ඒ සමඟම ප්‍රේත පාදය, මනුෂ්‍ය පාදය, දේව පාදය හා බ්‍රහ්ම පාදය වැනි කොටස් සතරක් නිර්මාණය වූ අතර භූමි භාග හා වාස්තු සංකල්පය ගොඩනැගුනි. ආදිතමයෝ ගෙයක් සෑදීමේ දී හතර වටේ පැල ඉනි වැට ශක්තිමත්ව බැඳ ගවයකු සැන්ඳෑ සමයේ ඉඩම තුළට දක්කා ඉදිකඩුල්ල වසා දමනු ලැබේ. පසු දින උදේ ගවයා රාත්‍රියේ ලැග සිටි තැන තෝරා ගෙන ලණු ඇද අත්තිවාරම් කපා මුල්ගල සහිත නිධන් වස්තු තැන්පත් කරනු ලැබේ. වරිච්චි බිත්ති හෝ තාප්ප බිත්ති බිඳිනු ඇත. එසේ නොමැති නම් කබොක් ගලින් බිත්ති බඳිනු ඇත. ඒ පැරණි නිවස ගොඩනැගීමේ ක්‍රමය අද වෙනස් වී සිමෙන්ති ගල් බඳින තැනට පත්වී ඇත. අද අපි මුලින් හා පුරා කියා නිවෙසක් ගොඩනැගීමේ දී අනුගමනය කළයුතු මුල්ම කටයුතු මොනවද කියා විමසා බලමු.
දිසා ගැන බැලීමේ දී ඉඩමක මැද හරියේ සිට මාලිමාවෙන් බැලිය යුතු වේ. මෙයින් බටහිර දිසාව ඉතාම බලඅධිකත්වයෙන් යුක්තයි. ඊසාන දිසාවේ අඩුපාඩුකම් තිබේ නම් ඒ ගැන බැලිය යුතුයි. තවද ඉඩමේ පස ශක්තිමත් විය යුතුයි. සතරැස්, සමචතුරශ්‍රාකාර, සෘජුකෝණස්කාර ඉඩම් සුබදායක වන්නේ ය.
ඉඩමක දෝෂ නිවෙසක් ඉදිකිරීමෙන් පසු බලපායි. ඉඩමක පාද බෙදීමේ දී පර්චස් 40 කට වැඩිවිය යුතු යි. 40 ට අඩු ඉඩම්වල පාද බෙදීමට අපහසුය.
උතුරට ඊසානට වතුර බැසයන ඉඩම් ඉතාම සුබදායකය. ත්‍රිකෝණ ඉඩම, පළල අඩු දිග ඉඩම ඵල නොමැත. එය සකසන ක්‍රමයක් ද ඇත. පස් පිරවූ ඉඩම් චුම්භකත්වය වැඩිය. කෙනෙක් අනුමත කළ ඉඩම් පරීක්ෂා නොකරගන්න එපා. ඉඩමට ප්‍රවේශ මාර්ග, ජලය පළමුව සිතන්න. මිනී මැරුම් සිදුවූ ඉඩම්, අකුණු සැර දිගටම වැදෙන ඉඩම් මිලදී ගන්න එපා.
විශාල ගල් තලා, හුඹස්, විශාල හෙල්, බෑවුම්, කටු සහිත වැඩිපුර ඇති ඉඩම් ගැන හොඳින් සිතන්න. ඒවා සුදුසු නැත.
ඉඩමක් මිලදී ගන්නා විට බ්‍රහස්පතින්දා යොදා ගන්න. ඉඩමේ පාද බෙදීම පර්චස් 40 අඩුනම් නොකරන්න. ලග්නයට ඉඩම් තෝරනවා වෙනුවට හතරැස් සෘජුකෝණාස්‍ර ඉඩමක් ගන්න.
අංශක 90 ක දිසා ලම්භක වන ඉඩම් සුබයි. අපට අවශ්‍යම වන පරිදි ඉඩම් තෝරා ගැනීම හරිම අපහසුයි. මූලාශ්‍රීය වාස්තුවට අනුව කරන්න. ඉඩමේ ප්‍රමාණයට අනුව සැලසුම ඇද ගන්න. සිහින් දිග නිවස සුබ නැත. නිවසේ අය වැය ගැන මුලින්ම බලන්න. (අය 12 වැය 03 ට ගැනීම ඉතා සුබයි) සැලසුමේ දිග පළල ඔත්තේ සංඛ්‍යාවක් වීම ඉක්මණින්ම නිවස සාදා ගැනීමට හැකිවේ. වඩුරියන අඟල් 31 යොදා ගන්න.
සම්පත් මෛත්‍රී පරම මෛත්‍රී යන සුබ නැකත්ම තෝරා ගන්න. නිවස සෞභාග්‍යමත් වේ. වාස්තු දෝෂ භංග වේ. නිවාසවලට ඉතාම සුබ නැකත් තිබේ. අසුබ නැකත්ද ඇත්තේ ය.
නිවෙසක් මිලදී ගැනීමේ දී ඒ නිවෙස ගැන හොඳින් වාස්තු දෝෂ ගැන බලන්න. විකිණීම මුල්ම හේතුවද දැන ගන්න.
නිවසේ දිග පළල ඔත්තේ සංඛ්‍යාවකට ගෙන ඒමට වඩා ගෘහ පිණ්ඩය සීහුම් කිරීම වැදගත් වේ. නිවසේ නිරිත දිසාව අඹු සැමියන්ට සුබයි. උතුර හෝ නැඟෙනහිර බලා ලිප දල්වන්න. අදට වත්මනට ගැලපෙන සේ නිවස සැලසුම් කරන්න. නවීන අංග උපාංග සහිතව විකිරණශීලී අමුද්‍රව්‍යවලින් ඈත් වන්න. නව කොටස් එකතු කිරීම නිවසට බලපාන අන්දමට කරන්න.
ඔබ ව්‍යාපාරිකයෙක් නම් නිවෙසේ ගෘහ පිණ්ඩය සම්පත් නැකතටම ගන්න. නිවසට හිතුමතේට කොටස් එකතු කරන්න එපා. අනවශ්‍ය ලෙස නිවසේ ඇතුළත උස් පහත්කම් යොදන්න එපා. වලවල් (අප ද්‍රව්‍ය) ඊසානයට යෙදීම ඉතාම අසුබයි. නිවෙසේ ගරාජය ගිනිකොණ යොදන්න. ඊසානට අසුබයි.
සින්ක් එක ඊසානට සුදුසුයි. නිරිත දිග මුළු තැන් ගෙය තිබීම ජීවත පැවැත්මට අහිතකරයි. ඉතාම සුබම දිසාව ඊසාන. මේ දිසාවට වැසිකිළි යෙදීම දරුඵලවලට අහිතකරයි. බ්‍රහ්ම පාදය ඉතාම පවිත්‍ර විය යුතු යි.
වහලයේ පරාල මූට්ටු යටලී කුරුපා බාල්ක ඔත්තේ විය යුතු යි. බ්‍රහ්ම පාදයට ඉහළින් යට ලී මූට්ටු යොදන්න එපා. සොහොන් පරාල ඉතාම අසුබයි.
දොර නන්දා ජයා පූර්ණා පාදවල තිබීම සුබයි. තරප්පුවට පඩි ගණනක් නැත. එය එසවවීම අඟල් 6 පඩිය උඩ අඟල් 10 එය ප්‍රමාණවත් ය. පඩිපෙළ ගිනිකොණ පමණක් තිබීම අසුබයි. ළිඳ නිවසේ මුළු කෝණ වලට තැබීම සුබ නැත. අත්තිවාරම ළඟටම තැනීමෙන් ළිඳේ අඩියේ පස් කඩා වැටීමෙන් නිවසේ බිත්තිවලට බලපෑම් ඇති කෙරේ. එම නිසා ඈතින් ළිඳ තැනීම යහපත් ය. ඉතාම කුඩා පර්චස් 2 - 3 - 4 - 5 නම් එය ගැටලුවක් වේ.
නිවස ඉදිරිපිට විශාල බෑවුමක් හෙළක් මඩ ගොහොරුවක්, පොල්ලෙලි වලක් වැනි අපද්‍රව්‍ය රැස්වන සේ තිබීම ඉතාම අසුබයි.
උතුරට ජලය බැසයන ඉඩමට සම්පත් ලැබේ. ආර්ථික යහපත හා ධනය වහා ලැබේ. ඉසුරුමත් ය.කාමරවල ඇඳන් බාල්ක යට තබන්න එපා. නිවෙස වටේට විවෘත ඉඩම් සීමාවක් තිබීම ඉතා සුබයි.
බ්‍රහ්ම පාදය ගැන සලකා බැලීමේ දී ඉතාම වැදගත් ය. මිසරයේ ගීසා නගරයේ පිරමීඩයේ අනුකාරකයට සමීප රූපකයක් ගොඩ නඟා තිබේ. එසේ අපේ වාස්තුවට අනුරූප වන දාගැබ ඇතුළත ත්‍රිකෝණය පිහිටා තිබෙන බැව් පෙනේ. නමුත් සාම්ප්‍රදායිකව එන එවැන්නක් ගැන වැඩි අවධනායක් ද ඇත. පැරැණි කාලයේ උළුවස්සට කඳන් හතරක් තිබිණ. අද වන විට පේසා කඳ හෙවත් උළුවස්සේ බිම කඳ සම්පූර්ණයෙන් අහෝසි වී ඇත්තේ ගොම ගෑම අප අතරින් සදහටම නැතිවී සිමෙන්ති සහ ටයිල් ආදේශවීමත් සමඟය. අද උළුවස්සට ඇත්තේ දෙපැත්තේ කඳක් දෙකක් උඩ ලී කෑල්ලක් පමණි. එහෙත් උළුවහු පනින බවද පෙනේ. පනින්නේ මොකෙන්ද ඉතාම වැරදි ක්‍රමයක් නේද? මේ වන විට බොහෝ වැරැදි වාස්තුවට එක් වී තිබේ. අඩි අටකින් පමණ උස අහසේ කිසිම ප්‍රමාණයක ඉඩම් ඔප්පු ලිවිය නොහැක. මිලදී ගැනීමටවත් විකිණීමටවත් නොහැකි නම් කුමන වස්තුවක්ද උඩුමහල් තලයන්ට කණු සතරක් හෝ හයක් ශක්තිමත්ව සිටුවා ස්ලැබ් එකක් දමා ඒ උඩ ගොඩනැගිල්ලක් ඉදිකිරීමෙන් කිසිම වාස්තු දෝෂයක් හට නොගනී. බිම කිසිම අත්තිවාරමක් නොදමා කණු පමණක් යෙදා තිබීම ගැන කල්පනා කළ යුත්තකි. අනාගතයේ දී මේ ක්‍රමය බිහිවෙනු නොඅනුමානයි. ඉඩම් ප්‍රමාණය ඉතාම කුඩා වීම නිසා, අපට දරා ගැනීමට හැකි වාස්තුවක් තිබිය යුතුයි. නමුත් අද වන විට තමන්ට සිතෙන සිතෙන අන්දමට යම් යම් දේ නිර්මාණය කර තිබීම නිසා නිවෙසක් ගොඩ නැගීමට අපහසු තත්ත්වයට ඇද වැටී තිබේ. අපේ දේශීය වටිනා වාස්තු විද්‍යාවක් තිබේ. එය රැක ගැනීමටත් එහි ගැබ්වී ඇති ක්‍රමව්දයන් හරි හැටි අනුගමනය කිරීමෙන් සතුටට පත් විය හැක. වාස්තු විද්‍යාව පිළිබඳව වසර 50 කටත් වඩා බහුල අත්දැකීම් හරහා සුබසෙත ඡ්‍යොතිෂායුර්වේද සති සංග්‍රහය තුළින් එළි දක්වන්නෙමු. ඉදිරි කලාපවලින් ඔබට වාස්තු විද්‍යාවේ ඇතුළු පැත්ත පිළිබඳව අගනා තොරතුරු රැසක්ම ඉදිරිපත් කරනතුරු විරාමයක්.
ප්‍රවීණ ඡ්‍යොතිෂ විද්‍යාවේදී, වාස්තු විශේෂඥ දේශබන්ධු
ටී. හෙන්රි බෙම්මුල්ල