ඔක්තෝ්බර් 18 සිට 24 දක්වා සතිය ඔබේ ලග්නයට...

ඔක්තෝබර් 18, 2024

 

මේෂ

දුර දිග බලා තීරණ ගන්න

එදිනෙදා කටයුතු පිළිබඳ විමසිලිමත් විය යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

වෙනදාට වඩා ඉවසිල්ලෙන් කටයුතු කළයුතු බවක් පෙනේ. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවලක් වෙනස් කිරීමට සිදුවේ. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන සතියකි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. මවුපස ඥාතියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි.

රැකියාව

මෙතෙක් කරගෙන ආ රැකියාවේ කටයුතුවලට පැවැති බාධා මඟහැරී යයි. එහෙත් අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවල නිරතවන කාලයකි. තනතුරු වෙනස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන වරම් හේතුවෙන් යොදා ගත් සැලසුමක් වෙනස් කරයි. එමෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා පදිංචියෙන් පිට වාසයට හේතු සැලසේ. දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන හිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු කළයුතු කාලයකි. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

අය 07 වැය 05

ජය අංකය 04

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

වෘෂභ

පවුලේ සතුට වැඩේ

උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පවුලේ සැපත සතුට උදාකරන කාලයකි. අඹුසැමි සුහදතාවයෙන් යුතුව කටයුතු කීපයක් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. දුර ඥාතියකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. සමාජීය කටයුතුවල සහ ආගමික කටයුතුවල නිරතවන කාලයකි. සමාජීය කටයුතුවලින් පැසසුම් හිමිකරයි.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියක් ඇති කරයි. දෑතේ මහන්සියෙන් කරගන රැකියාවකට බොහෝ දෙනකුගේ සහයෝගය හිමි කරයි. රැකියාවේ කටයුතු සඳහා දුරබැහැර ප්‍රදේශයකට යාමට සිදුවන කාලයකි. අවිවේකී වුවත් රැකියාවේ කටයුතු උනන්දුවෙන් කරගෙන යන බවක් පෙනේ. විදෙස් රැකියාවකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි.

අධ්‍යාපනය

ඉගෙනීමට බාධා යෙදුණත් උත්සාහයෙන් ඉගෙනීමේ කටයුතු කරගෙන යන බවක් පෙන්වයි. ගණිත අංශය, තාක්ෂණික අංශය වැනි අධ්‍යාපන කටයුතුවලින් ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරයි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසෙයි. අලුත් පොත්පත් පරිහරණයට විශේෂ ළැදිකමක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

සෙම් දෝෂ, පපුව සම්බන්ධ ආබාධ වරින්වර මතුවිය හැකි කාලයකි. ජලයට පි‍්‍රය නමුත් ජලයෙන් අගුණ ගෙනදේ. චර්මගත ආබාධයකටද ඉඩකඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. දතක ආබාධයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 06 වැය 07

ජය අංකය 03

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන

රැකියාවේ අවහිරතා ඉවත්වේ

සැලසුම් සහගත කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන කාලයකි. එදිනෙදා කටයුතු වෙහෙස මහන්සි වී සිදුකරන බවක් පෙනේ. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. දරුවකුගේ ක්‍රියා කලාපයක් හේතුවෙන් සිතේ කනස්සල්ල ඇති කරයි. ප්‍රභූ ඇසුරකට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. අමතර ලැබීම් හිමිකරන රැකියා මාර්ගවලට මඟ පෑදෙයි. එමෙන්ම තාක්ෂණික අංශයේ රැකියා කටයුතුවලින් විශේෂ වාසි හිමිවන බවක් පෙනේ. හදිසි ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට අවස්ථාව සැලසේ.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලට විවිධ අවහිරතා මතු කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන කාලයකි. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට වැඩි පි‍්‍රයතාවයක් දක්වන බවක් පෙනේ. විවිධ අධ්‍යාපනික ජයග්‍රහණ හිමිකරයි. උසස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගන්නා සතියකි.

සෞඛ්‍යය

ශරීර අභ්‍යන්තරයේ ඇතිවන අසනීප තත්ත්වයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. එමෙන්ම වරින් වර ඇති කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ඇස් ආශි‍්‍රත රෝගී තත්ත්වයක් ද ඇතිවීමට ඉඩ ඇති කාලයකි.

 

අය 07 වැය 05

ජය අංකය 06

ජය වර්ණය - රතු

සුබ දවස - බදාදා

කටක

අමතර ලැබීම් සහිතයි

පැවැති කරදර බාධා ක්‍රමයෙන් අඩු වී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

අන්සතු වස්තු ලාභයක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. දුර ඥාතියකුගේ හමුවීමක් සිදුවිය හැකි බවක් පෙනේ. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට මඟ සැලසේ. දරුවකුගේ ඉදිරි දියුණුවක් පිළිබඳ සැලසුම් කීපයක් සිදු කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. අනාගත සැලසුමක් සාර්ථක කරන සතියකි.

රැකියාව

ඇවිදිලි වැඩි කරන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියකි. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. රැකියාවේ වගකීම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු සූදානමක් ඇති කරයි.

අධ්‍යාපනය

ඉගෙනීමට ආශාවක් දක්වන කාලයකි. ගණිතයට තාක්ෂණික අංශයේ කටයුතුවලට දක්ෂතාවයක් දක්වයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට උනන්දුවක් දක්වයි. දහම් අධ්‍යාපනික කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි සතියකි.

සෞඛ්‍යය

සෙම් දෝෂ, පපුව, පෙනහැල්ල සම්බන්ධ ආබාධ වරින්වර මතුවිය හැකි කාලයකි. එමෙන්ම පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ආහාරපාන ගැනීමේ දී වෙනදාට වඩා සැලකිලිමත් වන්න.

අය 07 වැය 05

ජය අංකය 04

ජය වර්ණය - තැඹිලි සුබ දවස - සිකුරාදා

සිංහ

දුරගමනකට සූදානමක්

හිතුවක්කාර ලෙස තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

වෙනදාට වඩා යන එන ගමන් බිමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට අවස්ථාව උදා කරයි. පවුලේ අය සමඟ දුර ගමනකට කටයුතු සූදානමක් ඇතිකර ගන්නා සතියකි.

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවලක් වෙනස් කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සුළු සුළු ස්වයංරැකියා කටයුතුවලින් වාසි සැලසෙන බවක් පෙනේ. අධික වෙහෙස මහන්සියක් ගෙනදෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලින් විශේෂ වාසි සැලසෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට වෙහෙසක් දරන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවෙයි. අමතර පොත්පත් මිලදී ගැනීමකට අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා යෙදුණත් ඒවා ක්‍රමානුකූලව කරගෙන යන බවක් පෙනේ.

සෞඛ්‍යය

අතේපයේ ඇතිවන හිරිගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න. අධි රුධිර පීඩනය, රුධිරගත සීනි මට්ටම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළයුතු කාලයකි.

අය 05 වැය 04

ජය අංකය 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

කන්‍යා

දේපළ ගැටලුවක් නිරවුල්

දේපළ ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

වෙනදාට වඩා ගේ දොර සැප පහසුව පිළිබඳ වෙහෙසෙන කාලයකි. එහෙත් නොසිතූ පාඩුවක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලට අලුත් සාමාජිකයකු එක්වන ලකුණු පෙනේ. පරම්පරාගත දේපළක් සම්බන්ධ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. විශේෂ හිතවත්කමකට කරුණු සැලසෙන සතියකි.

රැකියාව

වගකීම් බහුල රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සිතේ නොසන්සුන්තාවයකින් කරගෙන යන බවක් පෙනේ. ස්වයං රැකියා කටයුතුවලින් අමතර වාසි සැලසෙන කාලයකි. නිතර ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හේතු සැලසෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතු සම්බන්ධ පැවැති බාධාකීපයක් මඟහැරී යයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වයක් ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි.

සෞඛ්‍යය

හිස, පපුව ආශි‍්‍රත ඇතිවන සෙම් ගතිය හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. ජලාශි‍්‍රත කටයුතුවලින් ඈත් වී සිටීම යහපත් කරයි. මෙතෙක් සුව නොවූ තුවාලයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 06 වැය 03

ජය අංකය 02

ජය වර්ණය - කොළ සුබ දවස - බදාදා

තුලා

ප්‍රධානීන්ගෙන් පැසසුම්

සැලසුම් කීපයක් සාර්ථක කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහජීවිතය

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ දානමය වැඩසටහනකට සැලසුමක් ඇති කරන ගන්නා කාලයකි. අසරණ කෙනකුට පිහිටවීමට කටයුතු උදා කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. අනාගත සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. ගුප්ත අංශවලට යොමුවිය හැකිය. පවුලේ වගකීමක් තමා පිට පැවරීමට ඉඩ ඇත.

රැකියාව

දුර බැහැර ප්‍රදේශයකට රැකියා කටයුතු උදෙසා යෑමට අවස්ථාව උදා කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු හේතුවෙන් අවිවේකී බවක් ඇති කරයි. විදෙස් රැකියාවකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට අවස්ථාව උදා කරයි.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතු සම්බන්ධ පැවැති බාධා කීපයක් මඟහැරී යයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් සහතික සම්මාන හිමිකරයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට අවස්ථාව උදාකරන කාලයකි. දෙගුරුන්ගේ ප්‍රසාදයට පාත්‍රවන බවක් පෙනේ. සෞන්දර්යාත්මක කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වේ.

සෞඛ්‍යයට

පාදයේ හටගන්නා ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. ජලයට පි‍්‍රය නමුත් ජලයෙන් අගුණ ගෙනදෙන බවක් පෙනේ. ශාරීරික වෙහෙස ගෙනදෙන කාලයකි.

අය 06 වැය 05

ජය අංකය 04

ජය වර්ණය - කහ

සුබ දවස - ඉරිදා

වෘශ්චික

ඉවසීමෙන් සැනසීම ලැබේ

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතිනි.

ගෘහජීවිතය

සමාජයේ ඉහලින් වැජඹීමට අවස්ථාව උදා කරයි. එහෙත් විරුද්ධවාදියෙකු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. දරුවකුගේ කටයුතු කෙරෙහි වෙනදාට වඩා විමසිලිමත් විය යුතුයි. පිරිසුදුකමට අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන කාලයකි. අනාථ අසරණ අයකුට උපකාරයක් කිරීමට මඟ සැලසේ. ඉවසීමෙන් කටයුතු කළයුතු සතියකි. වගකීම් බහුල වෙයි.

රකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. පිරිස් පාලනය, අණදෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි. එමෙන්ම රැකියාවේ ස්ථාන වෙනස්කම්වලටද හේතු ඇති කරයි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයී. හදිසි තරග විභාගයකට සම්බන්ධවීමට සිදුවන සතියකි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගනී. දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයක් යෙදේ. අලුත් පොත්පත් මිලදී ගැනීම කට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙනදෙන කාලයකි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකිය. වරින් වර හටගන්නා චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ.

අය 06 වැය 04,

ජය අංකය 02,

ජය වර්ණය - තැඹිලි, සුබ දවස - ඉරිදා

ධනු

නීති ගැටලුවකින් නිදහස්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

අන් අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. එදිනෙදා කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යෑමට හැකිවෙයි. සහෝදරයකුට උපකාරයක් කිරීමට අවස්ථාව සැලසෙන සතියකි. නීති ගැටලුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා කීර්තිය ප්‍රශංසාව හිමිකරන කාලයකි. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුකරයි.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන සතියකි. ස්වාධීනව කරගෙන යන ව්‍යාපාර කටයුත්තක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. රෙදිපිළි, මැහුම් ගෙතුම් ආදී කටයුතුවලට සම්බන්ධ රැකියා මාර්ග හිමිකරයි. රැකියා අංශයේ උසස් නිලධාරීන් සමඟ කුළුපගව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි.

අධ්‍යාපනය

ගැටලුකාරී ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් උත්සාහයෙන් කරගෙන යන බවක් පෙනේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරන සතියකි. නිතර අලුත් පොත්පත් කියවීමට කැමැත්තක් දක්වයි. අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට අහිත කරයි. ලේ දෝෂයෙන් යෙදෙන සමේ රෝග, වැටීම්, තැලීම් වැනි තුවාල අනතුරු සිදුවීමට ඉඩ ඇත. හදිසි සෞඛ්‍ය පරීක්ෂණවලට ද භාජනය වීමට සිදුවෙයි.

අය 07 වැය 05

ජය අංකය 04

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

මකර

සහජ දක්ෂතා ඉස්මතුවේ

තරමක් දුරට සැනසිලිදායක බව අඩුකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

විශේෂ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. නිතර හමුවන කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. අන්සතු වස්තු ලාභයකට ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරයි. කැපී පෙනීමට ප්‍රසිද්ධියට කැමැති කාලයකි. පවුලේ දියුණුවට විශේෂ පියවර කීපයක් ගන්නා කාලයකි. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ. සහෝදරයකුගේ උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

රැකියාව

රැකියා අංශවලින් දියුණුවක් දැකිය හැකි කාලයකි. සාත්තු සේවය, වෙදහෙදකම්වලට සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ප්‍රමාද වූ රැකියා බලාපොරොත්තුවක් ඉටුකරන කාලයකි. එමෙන්ම දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලින් අතමිට සරු කරයි.

අධ්‍යාපනය

සහජ දක්ෂතා ඉස්මතු වන කාලයකි. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට රුචිකත්වයක් දක්වයි. තරමක බාධා යෙදුණත් ඉගෙනීමේ කටයුතු සාර්ථක ලෙස කරගෙන යන බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පදිංචිය වෙනස් කිරීමට සිදුවෙයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. සෙම් අමාරු කනේ අමාරු ආදිය හට ගැනීමට ඉඩ ඇති බවක් පෙනේ. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකිය. වෙනදාට වඩා කෑම බීම පිළිබඳ පරිස්සම් වීම ගුණදායකය.

අය 07 වැය 03

ජය අංකය 04

ජය වර්ණය - කොළ සුබ දවස - ඉරිදා

කුම්භ

රැකියා දියුණුවට මඟ පෑදෙයි

ගතට සිතට සැනසිල්ල උදාකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. මෙතෙක් අතරමඟ නවතා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට කටයුතු උදා කරයි. ආගම දහමට ළැදිව කටයුතු කරන කාලයකි. විශ්වාස වන්ත කෙනකුගේ ඇසුරට ලක්වෙයි.

රැකියාව

රැකියාවේ ඉදිරි දියුණුවට කටයුතු කීපයක් උදා කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධව තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා අතමිට සරු කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

තරමක බාධා යෙදුණත් අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කරගෙන යෑමට අවස්ථාව උදා කරයි. අලුත් වෙළෙඳ ව්‍යාපාරයකට සම්බන්ධවීමට මඟ පෑදෙයි. විශේෂයෙන් සෞන්දර්යාත්මක කටයුතුවලට වැඩි කැමැත්තක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

දතක අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වරින්වර යටිබඩ සම්බන්ධ ආබාධ මතුවිය හැකි කාලයකි. උෂ්ණාධික රෝග මතුවිය හැකි කාලයක් බැවින් ආහාරපාන ගැනීමේ දී සැලකිලිමත් වන්න. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු සතියකි.

 

අය 05 වැය 03

ජය අංකය 07

ජය වර්ණය - කොළ සුබ දවස - බදාදා

මීන

මවට ළැදි කාලයක්

පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

ගෘහජීවිතයේ යම් යම් වෙනස්කම් සිදුවිය හැකි කාලයකි. වෙනදාට වඩා ප්‍රසිද්ධියට කරුණු සැලසෙන බවක් පෙන්නුම් කරයි. මවට ළැදි කාලයක් වන අතර මවුපාර්ශවයෙන් උරුම හිමිකම් ලැබිය හැකි බවක් පෙනේ. මෙතෙක් පැවැති අසල්වැසි සිත් නොහොඳකමක් මඟහැරී යයි. පැවැති ගැටලුකාරී බවකින් නිදහස අත් කරයි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි.

රැකියාව

වෙනදාට වඩා උත්සහවන්තව රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. විවිධ වරප්‍රසාද හිමිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. පාලක පක්ෂයේ අය අතර හොඳ හිත දිනගෙන කටයුතු කරන කාලයකි. සුළු සුළු ස්වයං රැකියා කටයුතුවලටද සිත යොමු කරයි.

අධ්‍යාපනය

කලා ක්ෂේත්‍රයේ කටයුතුවලට පි‍්‍රයතාවයක් දක්වයි. ඉගෙනීමට දක්ෂතාවයක් ඇතත් විවිධ බාධා එල්ලවිය හැකියි. විවිධ තරග විභාගවලට සහභාගිවීමට අවස්ථාව හිමි කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන කාලයකි.

සෞඛ්‍යය

තුනටිය සම්බන්ධ ආබාධයක් හේතුවෙන් පීඩා මතුවිය හැකිය. ලේ දෝෂ, සෙම් දෝෂ වරින් වර මතුවිය හැකියි. තමන් ගන්නා ඖෂධ පිළිබඳ නිතර සැලකිලිමත් වන්න. ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයකි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කරන්න.

 

අය 06 වැය 03

ජය අංකය 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.