ඔක්තෝබර් 04 සිට 10 දක්වා සතිය ඔබේ ලග්නයට...

ඔක්තෝබර් 4, 2024

 

මේෂ

දියුණුවට තිබූ බාධා ඉවත්වේ

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. දියුණුවට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. ළඟම හිතවතකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන කාලයකි. දරුවකුගේ ඉදිරි දියුණුවට වැඩපිළිවෙලක් සකසා ගනී.

රැකියාව

ගුප්ත අංශය, රහස් කටයුතු බේත්හේත් කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. කණ්ඩායමක් සමඟ එකතු වී කරන රැකියා මාර්ගවලටද ඉඩකඩ ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. භාෂා ශාස්ත්‍රය හා සාහිත්‍ය අංශවලට දස්කම් දක්වන බවක් පෙනේ. තාක්ෂණික අංශයෙන් හෝ ගණිත අංශයෙන් ඉදිරියට යන කාලයකි.

සෞඛ්‍යය

ගර්භාෂගත ආබාධයකට ඉඩකඩ ඇති බවක් පෙනේ. හදිසි වෛද්‍ය පරීක්ෂණයට භාජනය වීමට සිදුවෙයි. එමෙන්ම හදිසි වැටීම් තැලීම් වැනි හදිසි අනතුරුවලටද ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරයි.

අය 06 වැය 04

ජය අංකය 06

ජය වර්ණය - රතු

සුබ දවස - බදාදා

වෘෂභ

උසස් අධ්‍යාපනයට සුබයි

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශේෂ වරප්‍රසාද කීපයකට සැලසුමක් ඇතිකර ගන්නා සතියකි. අමතර ලැබීම් සහිත කටයුතුª කීපයක් යෙදීමට ඉඩ ඇත. තනි තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. දුර ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.

රැකියාව

අමතර ලැබීම් සහිත රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. ස්ථාන වෙනස්කම් හෝ තනතුරු වෙනස්කම් සිදුවිය හැකි කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ සතුටුදායකයි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරයි. ශරීර අභ්‍යන්තරයේ හට ගන්නා අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

අය 07 වැය 05

ජය අංකය - 03

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මිථුන

ස්වයං රැකියාවලින් අතමිට සරුවේ

සැනසිලිදායක බව තරමක් දුට අඩුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ඉදිරි සැලසුමක් වෙනස් කරන සතියකි. පවුලේ වගකීමක් තමාපිට පැවරීමට ඉඩ ඇත. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. යන එන තැන කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි.

රැකියාව

මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය රැකියාවේ කටයුතු උත්සාහයෙන්, උනන්දුවෙන් කරගෙන යන බවක් පෙනේ. ස්වයං රැකියා කටයුතුවලින් අතමිට සරුකරන කාලයකි. ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතු කෙරෙහි පැවැති බාධා කිහිපයක් මඟහැරී යයි. එමෙන්ම සෞන්දර්යාත්මක කටයුතුවලින් විවිධ දක්ෂතා මතුකරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. නිතර නිතර ඇතිවන ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

කල්පනාකාරීවීම වැදගත් වේ.

 

අය 05 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

කටක

වගකීමකින් නිදහස්

යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන සතියකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකර ගනී. අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන සතියකි.

රැකියාව

රැකියාවේ වගකීමකින් නිදහස උදා කරයි. කැපී පෙනෙන අන්දමේ රැකියා මාර්ගවලට යොමුවන කාලයකි. හවුල් ව්‍යාපාරයකට අත ගැසීමෙන් අමතර වාසි සැලසෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

නිතර පොත්පත් කියවීමට කැමැත්තක් දක්වයි. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. තරග විභාග ජයග්‍රහණ හිමිකරන කාලයකි.

සෞඛ්‍යය

හිස, පපුව ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා ආහාරපාන ගැන සැලකිලිමත් විය යුතු කාලයකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනයවීමට සිදුවෙයි.

අය 07 වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - ඉරිදා

සිංහ

හිතවත්කම් අලුත්වේ

මෙතෙක් පැවැති ගැටලුකාරි බවකින් නිදහස සැලසෙන සතියක් වන අතර මේ සතියේ 3,4,5 යන භාවයන් මතින් සඳු ගමන් කරයි.

ගෘහ ජීවිතය

ඉක්මන් කලබලකාරි ගතිපැවැතුම් ඇති කරන කාලයකි. පවුලේ ගැටලුකාරි බවක් දුරදිග යන ලකුණූු පෙන්නුම් කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ. වගකීම් බහුලවන කටයුතු කීපයක් යෙදේ. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

රැකියාව

රැකියා කටයුතු සම්බන්ධ පැවැති බාධා මඟහැරී යන කාලයකි. එමෙන්ම රැකියා කටයුතුවලින් කැපී පෙනෙන කාලයකි. හවුල් ව්‍යාපාර කටයුතුවලින් වාසි කීපයක් සැලසේ. ස්වයංරැකියා කටයුත්තකට යොමුවන කාලයකි.

අධ්‍යාපනය

ඉගෙනීමට කැමැති කාලයකි. පොතපතට ආශාවක් දක්වයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. තාක්ෂණික අංශයේ කටයුතුවලට යොමුවන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. පැණි රස කෑම, තෙල්බැදුම් වැනි ආහාරවලින් මේ දිනවල ඈත්වී සිටීම යහපත්ය.

 

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

කන්‍යා

ගේදොර අලංකාරයට වෙහෙසෙයි

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

තරමක් දුරට අවිවේකී බවක් ඇති කරයි. සහෝදර පක්ෂයෙන් උපකාර හිමිකරන බවක් පෙනේ. වැඩිහිටියකු සමඟ සිත් අමනාපයක් ඇති කරයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. වාහන ගනුදෙනුවකින් වාසි අත්කරයි. ඥාතියකු නිසා කරදර ඇතිකරන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියක් අත්කරයි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට අවස්ථාව උදාකරයි. සුළු සුළු ස්වයංරැකියා මාර්ගවලට ඉඩකඩ ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. එමෙන්ම සාහිත්‍ය, කථික තරගවලින් ජයග්‍රහණ හිමි කරයි. විදෙස් අධ්‍යාපනයක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

සෙම් ගෙඩි වැනි උගුර සම්බන්ධ ආබාධයකින් පීඩා අත්කරන කාලයකි. උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් මෙන්ම ජලාශි‍්‍රත කටයුතුවලින් වැළැකී සිටීම යහපත් කාලයකි.

 

අය 07 වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

තුලා

අලුත් දේ මිලදී ගනී

ත්සාහයෙන් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සැනසිලිදායක ලෙස සතිය උදා කරන බවක් පෙනේ. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. මවු පාර්ශ්වයට ළැදිව කටයුතු කරයි. පදිංචි ස්ථානයේ වෙනසක් සිදුවිය හැකි බවක් පෙනේ. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන සතියකි.

රැකියාව

අනුන් යටතේ කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවෙන් කීර්තියත්, ප්‍රසිද්ධියත් අත් කරයි. එමෙන්ම තනතුරුවල වෙනසක් සිදුවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න.

අධ්‍යාපනය

උත්සාහය, උනන්දුව තරමක් දුර්වල කරන කාලයකි. අමතර දේ ඉගෙනීමට වෙහෙසෙන සතියකි. විවිධ කරදර බාධා ඇතත් ප්‍රමාද වී ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

ක්‍රීඩාවලින්, ව්‍යායාමවලින් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කරගන්නා කාලයකි. නිතර රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න. හදිසියේ ඇතිවන කොන්ද ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 07 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘශ්චික

සැලසුම් සාර්ථක වෙයි

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

එදිනෙදා කටයුතු කෙරෙහි පැවැති උද්‍යෝගය, උනන්දුව අඩුකරන කාලයකි. නොගැළපෙන ඇසුරකට යොමුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. තැන්පත් ධනය වැයවන කාලයකි. දරුවකු පිළිබද සිත්සතුටු කරවන පුවතක් අසන්න ලැබෙන බවක් පෙනේ.

රැකියාව

අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. අවිවේකී වුවත් රැකියාවේ කටයුතු වෙනදාට වඩා උනන්දුවෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකටම සම්බන්ධවන කාලයකි. තරමක බාධා යෙදුණත් ඉගෙනීමේ කටයුතු සාර්ථක ලෙස කරගන්නා කාලයකි. සාහිත්‍ය කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන බවක් පෙනේ.

සෞඛ්‍යය

සෙම් දෝෂ, පපුවේ අමාරු වරින්වර ඇතිවීමට ඉඩ තිබේ. එමෙන්ම නින්දට බාධාවන අන්දමේ අසනීප තත්ත්වයකට ප්‍රතිකාර පතන කාලයකි.

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - රතු

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු

සමාජයෙන් ගෞරව

නිතර අදහස් වෙනස්කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරන සතියකි. පරම්පරාගත දේපළක් හිමිවන බවක් පෙනේ. වෙනදාට වඩා සමාජ ගෞරවයට ලක්වන කාලයකි. අලුත් ඥාතීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරයි. අවිවාහක අයට සුබදායක කාලයකි.

රැකියාව

රැකියා ස්ථානයේ තරමක් දුරට කැපී පෙනීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. එමෙන්ම වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. අලුත් ව්‍යාපාරයක් ඇරැඹීමට යහපත් කාලයකි.

අධ්‍යාපනය

තාක්ෂණික අංශයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරයි. වෙනදාට වඩා පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන බවක් පෙනේ. විදෙස් අධ්‍යාපනයකට හෝ උසස් අධ්‍යාපයකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

ගතට සිතට පීඩා ගෙන දෙන සතියකි. වරින්වර ඇතිකරන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හිසේ ආබාධයකින් පීඩා විඳින සතියකි.

අය 06 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

මකර

උත්සාහයට අනුව ජය ලැබේ

උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියකි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සහෝදර මතභේදයක් මඟහැරී යයි. වෙනදාට වඩා ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. තැන්පත් ධනය වැයවීමට ඉඩ ඇති කාලයකි. වරින්වර නිවෙසින් පිට වාසයට කරුණු ඇති කරයි. වාහන ගනුදෙනුවකට ඉඩකඩ ඇති සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විවිධ මතභේද ඇතිකරන බවක් පෙනේ. වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. සෞඛ්‍ය අංශවලට සම්බන්ධ රැකියා හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

අධ්‍යාපනය

ගණිත, තාක්ෂණික අංශ කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන බවක් පෙනේ. අලුත් පොත්පත් මිලදි ගැනීමකට ද කටයුතු උදාකරන කාලයකි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විවිධ ජයග්‍රහණ අත්කරන බවක් පෙනේ.

සෞඛ්‍යය

නිතර ඇතිවන උගුර ආශි‍්‍රත ආබාධයකින් පීඩා විඳින බවක් පෙනේ. රුධිරගත සීනිමට්ටම කෙරෙහිද සැලකිලිමත්විය යුතු කාලයකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂයකට මුහුණදීමට සිදුවන සතියකි.

 

අය 06 වැය 05

ජය අංකය - 03

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

කුම්භ

සතුරු කරදර මඟ හැරේ

පවුලේ දියුණුව සම්බන්ධ විශේෂ පියවර කීපයක් ගැනීමට හැකිවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැවැති සතුරු කරදරයකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා අලංකාරයට පිරිසුදුවට සිටීමට කැමැත්තක් දක්වයි. සහෝදරාදීන් සමඟ එකමුතුව කටයුතු කිරීමට හැකිවන බවක් පෙනේ. වෙනදාට වඩා සමාජසේවා කටයුතුවල නිරතවන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බැලිය යුතු බවක් පෙනේ. ගුප්ත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවෙන් කීර්තියත්, ප්‍රසිද්ධියත් අත්කරන කාලයකි.

අධ්‍යාපනය

හදිසි අධ්‍යාපනික ජයග්‍රහණයකට හිමිකම් ඇති කරයි. උසස් අධ්‍යාපනයක් පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වයක් ගැනීමට සිදුවන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත්වන්න. අධිරුධිර පීඩනය, රුධිරගත සීනි මට්ටම වැඩිවීමෙන් පීඩාකාරි බවක් ඇති කරයි. වැටීම් තැලීම්වලටද ඉඩ ඇති කාලයක් බැවින් කල්පනාවෙන් පසුවන්න.

 

මීන

අමතර ආදායම් ලැබේ

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කරන සතියකි. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික වන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරයි. නිතර යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත්වන්න. නැතිවූ දෙයක් නැවත හිමිකරන කාලයකි. වගකීම් බහුලවන කටයුතු කීපයක් යෙදේ.

රැකියාව

අමතර ආදායම් මාර්ග හිමිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියක් අත්කරන කටයුතු කීපයක් යෙදේ. ස්වයං රැකියා කටයුතුවල නියැළී සිටින අයට අතමිට සරුකරන කාලයකි.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. වෙනදාට වඩා පොතට පතට ළැදි කාලයකි. සෞන්දර්යාත්මක කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් තරමක් දුරට යහපත් කාලයකි. පැවැති කොන්ද ආශි‍්‍රත ආබාධයක් සුව අතට හැරෙන බවක් පෙනේ. ඖෂධ පාවිච්චියේදී සැලකිලිමත් වන්න.

අය 05 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.