මේ සතියේ ඔබට

සැප්. 16 සිට සැප්. 22 දක්වා
සැප්තැම්බර් 16, 2022

මේෂ 
වාහන ගනුදෙනුවක්

මේෂ ලග්න හිමි ඔබට මේ සතිය උදා වන්නේ මිශ්‍ර ඵලදායක ලෙසටයි. ඒ අනුව ඔබේ කේන්දරයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවස්ථානවලයි. සතිය උදාවන්නේ වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කීපයක් යෙදෙමින්ය. ශාරිරික වෙහෙස ගෙන දෙන සතියකි.

මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත්වන්න. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. වාහන ගනුදෙනුවකට කටයුතු සැලසෙන සතියකි.

අය 07 - වැය 04 
ජය අංකය - 07 ජය වර්ණය - දම් 
සුබ දවස - බ්‍රහස්පතින්දා

වෘෂභ 
වැයපස අධිකයි

ප්‍රමාද වූ තීරණයක් සාර්ථක කරන සතියක් වන අතර, මේ සතියේ වෘෂභ ලග්න හිමි ඔබගේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා 1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. නොසිතූ ලෙස විශ්වාසය බිඳවැටීමක් සිදු වීමට ඉඩ ඇති බවක් පෙනේ. අමතර ලැබීම් හිමි වුවත් වැයපස අධික කරන කාලයකි.

යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ප්‍රතිකාර පතයි. සතිය මැද කාලයේදී යොදාගත් වැඩපිළිවෙළක් වෙනසකට ලක් කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩි කරයි. සති අන්තයේදී නොගැළපෙන ඇසුරකට හිමිකම් ඇති කරයි.

අය 06 - වැය 04 
ජය අංකය - 09 
ජය වර්ණය - රතු 
සුබ දවස - බදාදා

මිථුන 
ගේදොර උත්සව අවස්ථාවක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2 යන භාවස්ථානවලයි. දුර ගමනක් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. පවුලේ කටයුතු සම්බන්ධ මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදු වන සතියකි. අලුත් සැලසුමකට අත ගැසීමට මඟ සැලසේ. ගේදොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් ගතකරයි.

රැකියාවේ කටයුතු සම්බන්ධව ඇතිව තිබූ මත ගැටුමක් සමථයකට පත් කරයි. සති අන්තයේදී හදිසි මුදල් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ.

අය 07 - වැය 05 
ජය අංකය - 09 
ජය වර්ණය - නිල් 
සුබ දවස - බ්‍රහස්පතින්දා

කටක 
ණය මුදලකින් නිදහස්

පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ උනන්දුවක් ඇති කරමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1 යන භාවස්ථානවලයි. අලුත් ලැබීමකට මඟ සැලසුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්නුම් කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. කල්ගත වූ ණය මුදලකින් නිදහස්වීමට සැලසුමක් ඇතිකරයි. සතිය මැද කාලයේදී පියපස ඥාතියකුගේ අසනීපයක් හේතුවෙන් වෙහෙසීම් මෙන්ම අමතර මුදල් වැයවීමක්ද කිරීමට සිදුවේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් එකිනෙකා ඇසුරේදී පරිස්සම් වන්න.

අය 06 - වැය 04 
ජය අංකය - 02 
ජය වර්ණය - දම් 
සුබ දවස - සඳුදා

සිංහ 
සහෝදර සිත්තැවුලක්

පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති කරමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් අමතර වෙහෙසීම් ඇතිකරන සතියකි. නිතර තමා යන එන ගමන් පිළිබඳ පරිස්සම්වන්න. දණහිස සම්බන්ධ ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට සිදුවේ. සතිය මැද කාලයේදී සහෝදරයකු පිළිබඳ සිත්තැවුලක් ඇතිකරයි. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ. පවුලේ බාල දරුවකු පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න.

අය 07 - වැය 04 
ජය අංකය - 02 
ජය වර්ණය - කොළ 
සුබ දවස - සිකුරාදා

කන්‍යා 
ගනුදෙනු වාසියක්

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියක් වන අතර මේ සතියේ ඔබේ කේන්දරයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10,11 යන භාවස්ථානවලයි. නිතර පිනට දහමට ළැදිව කටයුතු කරන කාලයකි. ඥාති සහෝදරයකුගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කරගැනීමට හැකි වෙයි. පවුලේ වගකීමකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි.

සතිය මැද කාලයේදී රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් මතුව තිබූ ගැටලුකාරි බවකින් නිදහස් වීමට අවස්ථාව සැලසේ. සති අන්තයේදී හදිස්සියේ සිදු වන වාහන ගනුදෙනුවකින් වාසිදායක බවක් අත්කරයි.

අය 07 - වැය 03 
ජය අංකය - 09 
ජය වර්ණය - ළා දම් 
සුබ දවස - බදාදා

තුලා 
හදිසි වැටීම් තැළීම්

වෙනදාට වඩා ශාරීරික වෙහෙසීම් ඇති කරමින් උදාවන මේ සතියේ තුලා ලග්න හිමි ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8,9,10 යන භාවස්ථානවලයි. මෙතෙක් යොදා ගෙන තිබූ සැලසුමක් වෙනස් කිරීමට සිදු වන සතියකි. හදිසි වැටීම් තැළීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ පරිස්සම් වන්න. දරුවකුගේ උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන සතියකි. සතිය මැද කාලයේදී වරින් වර මතුවන කොන්දේ වේදනාවක් හේතුවෙන් පීඩා ඇතිකරයි. රැකියාවේ තනතුරු මාරුවක් පිළිබඳ බලාපොරොත්තුවක් බිඳවැටෙන ලකුණු පෙන්නුම් කරයි.

අය 07 - වැය 05
ජය අංකය - 03
ජය වර්ූණය - ළා නිල්
සුබ දවස - සිකුරාදා

වෘශ්චික 
මංගල යෝජනාවක්

අවිවේකී ලෙස සතිය ආරම්භවන වෘශ්චික ලග්න හිමි ඔබගේ මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9 යන භාවස්ථානවලයි. පවුලේ වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් වන අන්දමේ කටයුත්තක් සිදු වීමට ඉඩ ඇත. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වන කාලයකි.

සතිය මැද කාලයේදී නොසිතූ ලෙස තැන්පත් ධනය වැය වන අන්දමේ කටයුත්තක් හේතුවෙන් සිතේ අසහනය ඇතිකරයි. ඔබ විවාහ වන වයසේ පසුවන අයකු නම් හදිසි මංගල යෝජනාවකට කටයුතු උදා කරයි. වරින්වර ඇතිකරන උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන සතියකි.

අය 06 - වැය 04 
ජය අංකය - 02 
ජය වර්ණය - දම් 
සුබ දවස - බදාදා

ධනු 
දේපොළ හිමිකම්

ලැබිම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයාගේ ගමන සිදු වන්නේ 6,7,8 යන භාවස්ථානවලයි. විදෙස් ඥාතියෙකුගෙන් උපකාරයක් ලැබෙන කාලයකි. නිතර මව හෝ මවු පස ඥාතියකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට අවස්ථාව උදාකරයි. ළඟින් ඇසුරු කරන අයකු නිසා නොසිතූ කරදරයකට පැටලීමට ඉඩ ඇත. නිතර රැකියාවට අමතර කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. සතිය මැද කාලයේදී නොසිතූ ලෙස පාඩුවක් සිදු වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. සති අන්තයේදී අඹුසැමි සුහදතාවට හේතු ඇති කරයි. හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති බවත් පෙන්නුම් කරයි.

අය 08 - වැය 07 
ජය අංකය - 04 
ජය වර්ණය - තැඹිලි 
සුබ දවස - බ්‍රහස්පතින්දා

මකර 
දුර ගමනක්

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7 යන භාවස්ථානවලයි. මෙතෙක් කරගෙන ආ හවුල් ව්‍යාපාරයකට බාධාගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නිතර අන් අයගේ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. දේවභක්තියෙන් කටයුතු කරන කාලයකි. එමෙන්ම නිවසට නිතර යන එන කෙනකු නිසා ඇතිවන ගැටලුදායක බවක් දුරදිග යයි. සතිය මැද කාලයේදි දරුවකුගේ කටයුත්තක් හේතුවෙන් අමතර වියදමක් දැරීමට සිදුවේ. පවුලේ අය සමඟ දුර ගමනකට කටයුතු සැලසේ.

අය 07 - වැය 03 
ජය අංකය - 09 
ජය වර්ණය - ළා කොළ 
සුබ දවස - බදාදා

කුම්භ 
ණය ගනුදෙනුවක් විසඳේ

යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කරමින් සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6 යන භාවස්ථානවලයි. නිතර ගේදොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. දරුවකුගේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී. හදිස්සියේ හට ගන්නා අජීර්ණ ආබාධයක් හේතුවෙන් කෑමෙන් බීමෙන් පරිස්සම්වන්න. නිවසට අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමට කටයුතු යෙදේ. අමතර ආදායම් මාර්ගවලට අවහිරතා ඇති කරන සතියකි. වාහන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. ණය ගනුදෙනුවක් විසඳෙන ලකුණු පෙන්නුම් කරයි.

අය 06 - වැය 04 
ජය අංකය - 02 
ජය වර්ණය - කොළ 
සුබ දවස - සඳුදා

මීන 
ගුප්ත කටයුතුවලින් පිහිට

සහෝදර මතභේදයක් සමථයකට පත් කරමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ කේන්දරයට අනුව මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා ගතට සිතට පීඩාකාරී බවකින් යුතුවන සතියකි. දරුවකුගේ කටයුත්තක් හේතුවෙන් මානසික අසහනය වැඩි කරයි. වෙනදාට වඩා ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. තමා සතු බඩුබාහිරාදිය ඉතා පරිස්සමින් පාවිච්චි කළ යුතු බවක් පෙන්වයි. සතිය මැද කාලයේදී වරින්වර ඇතිවන චර්මගත ආබාධයකට ප්‍රතිකාර ගැනීමට සිදුවේ. සති අන්තයේදී අලුත් ස්ථානයක පදිංචියට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

අය 06 - වැය 04 
ජය අංකය - 03 
ජය වර්ණය - කහ 
සුබ දවස - සිකුරාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.