මේ සතියේ ඔබට

සැප්. 30 සිට ඔක්. 06 දක්වා
සැප්තැම්බර් 30, 2022

මේෂ
පී‍්‍රතිමත් ගමනක් 

වෙනදාට වඩා ඉවසිලිවන්තව කටයුතු කළ යුතු කාලයකි. මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8, 9, 10 යන භාවස්ථානවලයි. අනාගත සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන කාලයක් වන අතර, පී‍්‍රතිමත් ගමනකට සහභාගීවීමට ද අවස්ථාව උදා කරයි. සතිය මැද කාලයේ දී ශරීරයේ උෂ්ණාධික බව හේතුවෙන් යම් යම් රෝග පීඩා මතුවිය හැකි කාලයක් බැවින් ඉක්මන් ප්‍රතිකාරවලට යොමුවීම සුබදායකයි. රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග බලා තීරණ ගන්න. හවුල් ව්‍යාපාරයකට සම්බන්ධ වීමෙන් වාසි කීපයක් සැලසේ.

අය 08 - වැය 05 
ජය අංකය - 02 ජය වර්ූණය - නිල් 
සුබ දවස - සිකුරාදා

වෘෂභ

විවාහ බලාපොරොත්තුවක් ඉටු කරයි

තමා උගත් දෙයින් පල ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි. හදිසි තීරණ තමාට නොසිතූ අලාභයක් සිදුකරයි. ඔබේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා මේ සතියේ 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරයි. ඔබගේ ප්‍රමාද වූ විවාහ බලාපොරොත්තුවක් එකලාසයක් කර ගැනීමට හැකිවෙයි. නිතර අන් අය පිළිබඳ සොයාබලා කටයුතු කරන සතියකි. ඥාතීන්ගේ කටයුතු වෙනුවෙන් මූලිකත්වය ගෙන ක්‍රියා කරන කාලයකි. සමාජ සේවා කටයුතු පිළිබඳ වෙහෙසෙන කාලයක් වන අතර මුදල් සම්බන්ධ කටයුතු පිළිබඳ රැවටීම්වලට හසුවිය හැකියි. සති අන්තයේ දී ආගමික වැඩසටහනක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් යොදවන බවක් පෙන්නුම් කරයි.

අය 07 - වැය 03 
ජය අංකය - 09 
ජය වර්ූණය - කොළ 
සුබ දවස - බදාදා

මිථුන 
නීති ගැටලුවකට මැදිවේ

මිශ්‍රඵලදායක ලෙස ආරම්භ කරන සතියකි. නොසිතූ ලෙස ව්‍යාපාර අලාභයකට හෝ අතර මඟ නවතා දැමීමක් සිදුවනු ඇත. එමෙන්ම මේ සතියේ මිථුන ලග්න හිමි ඔබගේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6, 7, 8 යන භාවස්ථානවලයි. උත්සාහයේ උනන්දුවේ තරමට ලාභ අත් නොකරයි. මුදල් ගනුදෙනුවලදී වංචාවකට හසුවිය හැකියි. ඥාතියකුගේ නීති ගැටලුවකට මැදිහත්වීමෙන් දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. නිකරුනේ ගමන් බිමන් යාම නිසා අනවශ්‍ය කරදරයකට පැටලීමට ඉඩ ඇත. මෙතෙක් පැවැති අසනීපයකින් සුවය හිමිකරන බවක් පෙන්නුම් කරයි.

අය 08 - වැය 05 
ජය අංකය - 04 
ජය වර්ූණය - ළා දම් 
සුබ දවස - බ්‍රහස්පතින්දා

කටක 
ශාස්ත්‍රීය කටයුත්තක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක ලෙස නිමාවට පත්කර ගත හැකි සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5, 6, 7 යන භාවස්ථානවලයි. ගැහැනු දරුවන් පිළිබඳ සතුටුදායක පුවතක් අසන්නට ලැබෙන සතියකි. එමෙන්ම නිවසේ කටයුතු වෙනදාට වඩා සැලසුමක් ඇතිව කරගෙන යන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වැඩි කාලයක් යොදවන සතියකි. සති අන්තයේ දී අසල්වාසියකු සමඟ ඇතිවන මතභේදයක් දුරදිග යයි. තමා අතින් නොසිතූ පාඩුවක් සිදුවිය හැකි සතියකි.

අය 06 - වැය 07 
ජය අංකය - 04 
ජය වර්ූණය - තැඹිලි 
සුබ දවස - සඳුදා

සිංහ 
තැන්පත් මුදලක් වැය කරයි

යොදාගත් කටයුතු කීපයක ප්‍රමාදතා සිදුවන සතියක් වන අතර, ඉවසීමෙන් මෙන්ම කල්පනාකාරීව කටයුතු කිරීමෙන් සිදුවන්න තිබූ අලාභයක් මඟහරවා ගත හැකි වේ. මේ සතියේ සඳුගේ ගමන සිදුවන්නේ 4,5,6 භාවස්ථානවලයි. තරුණ දරුවකුගේ තරමක හිතුවක්කාර ගතිපැවැතුම් හේතුවෙන් මානසික අසහනය වැඩි කරයි. මවුපිය උරුමයක් සම්බන්ධ පැවැති බලාපොරොත්තුවක් බිඳ වැටේ. තැන්පත් මුදලක් වැයවන අන්දමේ කටයුතු කීපයකට මුහුණ පෑමට සිදුවෙයි. සතිය මැද කාලයේ දී නිවෙසට පැමිණෙන අමුත්තකු නිසා විශේෂ වාසි කීපයක් අත් කරයි. වරින්වර පවුලේ අයගෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවෙයි.

අය 07 - වැය 04 
ජය අංකය - 07 
ජය වර්ූණය - කහ 
සුබ දවස - සඳුදා

කන්‍යා 
නව සාමාජිකයෙක්

සහෝදර මත භේදයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරන සතියක් වන අතර මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3, 4, 5 යන භාවස්ථානවලයි. හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. ගේදොර අලුත්වැඩියාවක් පිළිබඳ බලාපොරොත්තුවක් කල්දැමීට සිදුවේ. විවාහ බලාපොරොත්තුවක් ඉටුවීමෙන් පදිංචි ස්ථානයේ වෙනසක් සිදුකරයි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. පොත්පත් ලිපිලේඛන සම්බන්ධ කටයුතු වැඩිකරන සතියකි. පවුලට නව සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි.

අය 06 - වැය 04 
ජය අංකය - 07 
ජය වර්ූණය - කොළ 
සුබ දවස - බදාදා

තුලා 
දුර ගමනක්

හදිසි මුදල් ගනුදෙනුවකට කටයුතු උදාකරන සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන සිදුවන්නේ 2, 3, 4 යන භාවස්ථානවලයි. දුර බැහැර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානම් වන සතියකි. එමෙන්ම මවුපිය ආශීර්වාදය ඇතිව විවාහ කටයුත්තක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. දානමය පින්කමකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි. නිතර ශරීර සෞඛ්‍ය පිළිබඳ පරිස්සම්වන්න.

සති අන්තයේ දී දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් මුදලක් යෙදවීමට සිදුවේ. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ දී කල්පනාකාරී වන්න.

අය 06 - වැය 05 
ජය අංකය - 03 
ජය වර්ූණය - නිල් 
සුබ දවස - සිකුරාදා

වෘශ්චික 
උරහිස ආශි‍්‍රත ආබාධයක්

තරමක් දුරට සැනසිලිදායක සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවේ. තමා ගන්නා ආහාර රටාව වෙනස් කිරීමට සිදුවන සතියකි. මවට හෝ මවුපස ඥාතියකුට අපලදායක බවක් පෙන්නුම් කරයි. තම ශරීර සෞඛ්‍ය පිළිබඳ පරීක්ෂාවක් කරගැනීම යහපත් සතියකි. හදිසි ගමනක් හේතුවෙන් නිකරුණේ අනවශ්‍ය කරදරයකට පැටලීමට ඉඩ ඇත. සතිය මැද කාලයේ දී උරහිස ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගනී. මුදල් සම්බන්ධව කටයුතුවලට අත ගැසීමේදී කල්පනාකාරී වන්න.

අය 07 - වැය 04 
ජය අංකය - 09 
ජය වර්ූණය - ළා කොළ 
සුබ දවස - ඉරිදා

ධනු

සිතේ නොසන්සුන්තාවක්

වගකීම් බහුල කරමින් උදාවන මේ සතිය ධනු ලග්න හිමි ඔබට මිශ්‍රඵලදායක බවක් පෙන්නුම් කරයි. මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12, 1, 2 යන භාවස්ථානවලයි. අලුත් කටයුත්තක් ආරම්භයට කරුණු සැලසෙන සතියකි. ඉක්මන් කෝපය තමා අනවශ්‍ය කරදරයකට පැටලීමට හේතු ඇති කරයි. දරුවකුගේ තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. සතිය මැද කාලයේ දී රැකියාවේ කටයුතු සුබදායක ලෙස විසඳෙන බවක් පෙන්නුම් කරයි. සති අන්තයේදී හිස ආශි‍්‍රත ඇතිවන අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 07 - වැය 04 
ජය අංකය - 06 
ජය වර්ූණය - තැඹිලි 
සුබ දවස - බදාදා

මකර 
දේපළ ගැටලුවක් නිරවුල්

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම හිසට වදදෙන කරුණකින් නිදහස්වීමට අවස්ථාව උදාකරයි. සඳුගේ ගමන මේ සතියේ සිදුවන්නේ 11, 12, 1 යන භාවස්ථානවලයි. නිතර තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. මුදල් සම්බන්ධ කටයුත්තක් හේතුවෙන් තමාට පාඩුවක් සිදු කරයි. නිතර යෙදෙන දුර ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පරම්පරාගත දේපළක් සම්බන්ධ පැවැති ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. සතිය මැද කාලයේ දී රැකියාවේ කටයුතු සම්බන්ධ ගැටලුදායක තත්ත්වයක් මතු කරයි. නිතර ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි.

අය 06 - වැය 05 
ජය අංකය - 03 
ජය වර්ූණය - නිල් 
සුබ දවස - බදාදා

කුම්භ 
පවුලේ උත්සවයක්

සතිය උදාවත්ම කුම්භ ලග්න හිමි ඔබට අලුත් බලාපොරොත්තු කීපයක් ඇති කරයි. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරන කාලයකි. මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 10, 11, 12 යන භාවස්ථානවලයි. තමා උගත් දෙයින් ඵල ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි. හදිසියේ හට ගන්නා අතක ආබාධයකට ප්‍රතිකාර ගැනීමට සිදුවේ. දුර ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී උදරාශි‍්‍රතව ඇතිවන වේදනාකාරී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවේ. පවුලේ උත්සවයකට කටයුතු සංවිධානය වන සතියකි.

අය 07 - වැය 04 
ජය අංකය - 02 
ජය වර්ූණය - කොළ 
සුබ දවස - බ්‍රහස්පතින්දා

මීන 
ආගමික සැලසුමක්

ලැබීම් අතින් යහපත් සතියක් වුවත් හදිසි වියදමක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9, 10, 11 යන භාවස්ථානවලයි. ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සංවිධානය වන සතියකි. නිතර පවුලට යන එන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ මත ගැටුමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ වැඩිහිටි ඥාතියකුගේ අසනීප තත්ත්වයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී දතක හටගන්නා වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවේ. හවුල් ගිවිසුමක් නිසා සිත් කලකිරීමක් හටගනී. පෙම්වතුන් අතර පැවැති මතභේදයක් දුරුවන ලකුණු පෙන්නුම් කරයි.

අය 06 - වැය 04 
ජය අංකය - 05 
ජය වර්ූණය - දම් 
සුබ දවස - සඳුදා

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.