සැප්තැම්බර් 20 සිට 26 දක්වා සතිය ඔබේ ලග්නයට...

සැප්තැම්බර් 20, 2024

මේෂ

ආගමික භක්තිය වැඩේ

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරයි. අලුත් කටයුත්තක් ඇරැඹීමට අවස්ථාව උදා වෙයි. විදෙස් ගමනක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. වරින් වර ආගමික නායකයන්ගේ ඇසුර පතන බවක් ද පෙන්නුම් කරයි.

රැකියාව

අමතර ලැබීම් සහිත රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම අලුත් ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා ලාභ ප්‍රයෝජන අත්කරන බවක් පෙනේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. නව දැනුම සොයාගෙන යන මාර්ගවල නිරතවන කාලයකි.

සෞඛ්‍යය

උගුර, හිස ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ. වරින් වර සෞඛ්‍යය පරීක්ෂණවලට ද භාජනය වීමට සිදුවන සතියකි.

 

 

අය 07 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ

අධ්‍යාපන ජයග්‍රහණ

 

පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරමින් සතිය ආරම්භ කරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. පවුලට අලුත් සාමාජිකයෙකු එක්විය හැකි බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න. අමතර ලැබීම් අතින් යහපත් කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. දරුවන්ට දැනුම ලබාදීමේ කටයුතුවලට සම්බන්ධවීමට සිදුවන කාලයකි. එමෙන්ම ස්වයං රැකියා කටයුතුවලින් වාසි සැලසෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ ජයග්‍රහණ හිමි කරයි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන බවක් පෙනේ. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිවීමට ඉඩ ඇත.

සෞඛ්‍යය

මෙතෙක් පැවැති අසනීපයකින් සුවය හිමි කරයි. ශාරීරික වෙහෙස, හතිය, කෑම අරුචිය වැනි සුළු සුළු අසනීප ගති මතුවිය හැකි කාලයකි.

අය 06 වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - රතු

සුබ දවස - බදාදා

 

මිථුන

දුර ගමන්

 

 

අනාගත සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

වරින් වර පවුලේ කටයුතු වෙනුවෙන් මූලිකත්වයක් ගැනීමට සිදුවන බවක් පෙනේ. අමතර ලැබීම්වලට ඉඩ ඇති කාලයක් වන අතර, ඒ පිළිබඳ වෙහෙසීම්ද වැඩි කරයි. වෙනදාට වඩා දරුවකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. පරම්පරාගත දේපළක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරන සතියකි. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. ස්වයං රැකියා කටයුතුවලින් අමතර වාසි සැලසෙයි. සුළු සුළු ව්‍යාපාර කටයුතුවල නිරතවන කාලයකි.

අධ්‍යාපනය

මෙතෙක් කරගෙන ආ අධ්‍යාපනික සැලසුම් කීපයක් සාර්ථක කරයි. සෞන්දර්යාත්මක කටයුතුවලින් සම්මාන සහතික හිමිකරන බවක් පෙනේ. අලුත් පාඨමාලාවක් හැදෑරීමට කටයුතු සැලසෙන කාලයකි.

සෞඛ්‍යය

යටපත් වූ අසනීපයක් නැවත මතුවීමට ඉඩ ඇත. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධයකට රෝහල් ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

අය 06 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

කටක

අලුත් දේ උගනී

අවිවේකී ලෙස සතිය උදා කරන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

අමතර ලැබීම් හිමි වුවත් වැයපස අධික කරන බවක් පෙනේ. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන කටයුතු කීපයක් යෙදේ. දුර බැහැර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. වගකීම් බහුල සතියකි. වාහන ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ.

රැකියාව

සුළු සුළු රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

අධ්‍යාපනය

අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරයි. එමෙන්ම අලුත් පොත් පත් මිලදී ගැනීමකටද කටයුතු සැලසෙන බවක් පෙනේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

වරින් වර ශරීර අභ්‍යන්තරයේ ඇති වන රෝග තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. උගුර ආශි‍්‍රත ආබාධ, පෙනහලු ආබාධයකට ඉඩකඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

 

 

අය 06 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

 

සිංහ

 

රැකියාවෙන් ජනපි‍්‍රය වේ

 

පැවැති උදාසීන ගති මඟහැරී යන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11 යන භාවයන් මතින් ගමන්ක රයි.

ගෘහජීවිතය

වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. පැවැති සතුරු කරදරයකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. නිදහසේ කටයුතු කිරීමට සිතන කාලයකි. ළඟම හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. අතමිට සරුකරන සුළු සුළු රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. කලා ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

තරග විභාගයක් වෙනුවෙන් සූදානම් වන බවක් පෙනේ. ධාරණ ශක්තිය වැඩිදියුණු වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අලුත් පොත්පත මිලදී ගැනීමකට ද කටයුතු උදා කරන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. චර්මගත ආබාධයකට හෝ ලේ විෂවීමක් සම්බන්ධ අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

 

 

අය 05 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

 

කන්‍යා

වගකීම් බහුල වේ

 

උත්සාහයේ තරමට ප්‍රතිපල අත් නොවන බවක් පෙන්වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10 භාවස්ථානවල ගමන් කරයි.

ගෘහජීවිතය

තරමක් දුරට අවිවේකී බවක් ඇති කරයි. යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන සතියකි. විදෙස් ඥාතියකුගේ උපකාරයක් සිදුවීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ වගකීම් බහුල වන සතියකි. ස්ථාන වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණදීමට සිදුවන කාලයකි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. දහම් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමි කරයි. පොත්පත් කියවීමට ආශාවක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

නිතර නිතර ඇතිවන ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටමට කෙරෙහි සැලකිලිමත් විය යුතු කාලයකි. සෙම් රෝගයකින් ද පීඩා විඳීමට සිදුවේ. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

 

 

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

 

තුලා

ඇවිදිලි වැඩි කරයි

 

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. සැලසුම් කීපයක් සාර්ථක කර ගන්නා සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

නොගැළපෙන ඇසුරක් හේතුවෙන් පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. මානසික අසහනකාරී බවක් ඇති කරන සතියකි. පැවැති දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. යන එන තැන කැපී පෙනෙන බවක් පෙනේ.

රැකියාව

ඖෂධ, ආහාර පාන වැනි කටයුතු සම්බන්ධ ව්‍යාපාරයක් කරගෙන යන කාලයකි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු සම්බන්ධ ඇවිදිලි වැඩි කරයි. තනතුරු හෝ ස්ථාන වෙනසක් සිදුවිය හැකි කාලයකි.

අධ්‍යාපනය

ඉගෙනීමට බාධා ඇති නොවේ. කණ්ඩායම් වැඩසටහනක නායකත්වයක් ගන්නා කාලයකි. අමතර දේ ඉගෙනීමට වෙහෙසක් ගන්නා කාලයකි. තාක්ෂණික අංශයෙන් අධ්‍යාපනය ලබන අයට විශේෂ වරප්‍රසාද කීපයක් හිමි කරයි.

සෞඛ්‍යය

ශරීර අභ්‍යන්තරයේ ඇතිවන අසනීපයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩකඩ ඇති බවක් පෙනේ.

 

 

අය 06 වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

වෘශ්චික

අමනාපකම් මඟ හැරේ

 

 

සහෝදර බැඳීම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

නිතර සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරන සතියකි. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන බවක් පෙනේ. අමනාප වූ කෙනකු සමඟ මිතුරුවීමට කටයුතු උදා කරයි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. රැකියාව

රැකියාවේ ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් බිඳ වැටෙන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන සතියකි. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. අමතර ලැබීම් හිමිකරන රැකියා මාර්ග කීපයක්ද යෙදෙන සතියකි.

අධ්‍යාපනය

පැවැති අවහිරතා මඟහරවා ගනිමින් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. තරගකාරී කටයුතු කීපයකට සහභාගිවන සතියකි. හදිසි පොත්පත් ගැටලුවකට ද මුහුණපාන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. හදිසි අසනීපයකට ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවෙයි.

 

අය 07 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - නිල්

සුබ දවස - සඳුදා

 

 

ධනු

සහජ දක්ෂතා ඉස්මතු කරයි

 

 

උත්සාහයෙන් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

බාහිර අලංකාරයට පිරිසුදුකමට කැමැති කාලයකි. උසස් තත්ත්වයක් ඇති අය හා ඇසුරට කටයුතු උදා කරයි. විදෙස්ගත සැලසුමක් කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන සතියකි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදුවෙයි. බොහෝ දෙනා සම්බන්ධ කරගෙන යන ව්‍යාපාර කටයුත්තකට අත ගසයි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

සහජ දක්ෂතා ඉස්මතු වන කාලයකි. කලා ක්ෂේත්‍රයේ කටයුතුවලින් විවිධ සම්මාන සහතික හිමි කරයි. නිතර දැනුම සොයා යන මාර්ගවල නිරතවන කාලයකි. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

වරින් වර ඇති කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

 

 

අය 07 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

මකර

අමතර ලැබීම්

 

අවිවේකී ලෙස සතිය උදා කරන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න. උත්සාහය උනන්දුව මත කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. සමීපතම හිතවතකුගේ දුරස්වීමක් සිදු කරයි. අමතර ලැබීම් සහිත කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති දුෂ්කරතා කීපයක් මඟහැරී යයි. දෑතේ මහන්සියෙන් සිදුකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. අලුත් රැකියා බලාපොරොත්තු වන අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

අධ්‍යාපනය

සාහිත්‍ය හා කලා අංශයට ළැදි කාලයකි. දහම් අධ්‍යාපනික කටයුතු සම්බන්ධ විශේෂ නැඹුරුතාවයක් දක්වයි. විභාග ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි. දැනුම බුද්ධිය වර්ධනය වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි කැපීම් සීරීම් වැනි සුළු සුළු අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට සිදුවෙයි. එමෙන්ම රුධිරගත සීනි මට්ටම කෙරෙහි ද සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

 

අය 07 වැය 03

ජය අංකය - 06

ජය වර්ණය - ළා නිල්

සුබ දවස - සිකුරාදා

 

 

කුම්භ

 

මතකය වැඩි කෙරේ

 

 

විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. පවුලේ වැඩිහිටියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. දුර ගමනකට කටයුතු සූදානමක් ඇතිකර ගන්නා බවක් පෙන්නුම් කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියකි. පරම්පරාගත දේපළක් හිමිවන ලකුණු පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විවිධ අවහිරතා මතු කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. විදෙස් ගත රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

ඥාන ශක්තිය වැඩි දියුණු වන කාලයකි. සුළු සුළු දේවල් හොඳින් මතකයේ තබා ගැනීමට හැකිවන බවක් පෙනේ. සාහිත්‍ය හා කලා අංශයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. තුවාල සීරීම් වැනි සුළු සුළු අනතුරුවලට භාජනය විය හැකි කාලයකි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් විය යුතු බවක් පෙනේ.

 

 

අය 06 වැය 04

ජය අංකය - 03

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

 

මීන

මතු දියුණුවට වැඩ කරයි

 

නිතර ඇසුරු කරන අයකු නිසා කරදරකාරී බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4 යන භාවයක් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. එමෙන්ම මතු දියුණුව සම්බන්ධ කටයුතු කීපයකට අත ගසයි. අමනාප වූ කෙනකු සමඟ මිතුරුවීමට අවස්ථාව උදා කරයි. නීති පිහිට පැතීමට සිදුවන කාලයකි. යෝජනා ස්ථිරවීමක් සාර්ථකවන බවක් පෙනේ.

රැකියාව

රැකියා ස්ථානයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. ඉඩකඩම් දේපළ සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම අතමිට මුදල් ගැවසෙන සුළු සුළු රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. එමෙන්ම පොත්පත් කියවීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ. ගණිත අංශයේ කටයුතුවලින් ඉදිරියට යාමට වැඩි කැමැත්තකින් දක්වන කාලයකි.

සෞඛ්‍යය

සෙම් දෝෂ, පපුවේ අමාරු වරින්වර ඇතිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. වරින් වර ඇති කරන ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

 

 

අය 06 වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.