මේ සති‍ෙය් ලග්න පලාපල...

මැයි 19 සිට 25 දක්වා
මැයි 18, 2023

 

මේෂ

රැකියාවේ ස්ථාන වෙනසක්

 

වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදු වන්නේ 1, 2, 3, 4 යන භාවස්ථානවලයි.

 

ගෘහ ජීවිතය

පවුලේ අය අතර සුහදතාවයට කරුණු සැලසෙන සතියකි. මෙතෙක් සිත් අමනාපයෙන් සිටි අයෙක් සමඟ මිතුරුවීමට අවස්ථාව උදා කරයි. දේපළ සම්බන්ධ ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇති අතර වරින් වර නීතියේ පිහිට පැතීමට සිදු වන බවක්ද පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. හිතුවක්කාර ලෙස ගන්නා තීරණයක් හේතුවෙන් ගැටලුවකට මුහුණපෑමට සිදු වෙයි. රැකියාවේ ස්ථාන වෙනස්කම්වලටද හේතු ඇති කරයි.

 

අධ්‍යාපනය

අධ්‍යාපනික ජයග්‍රහණයක් හේතුවෙන් සතුටට පත් විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබෙන දිනයකි. පොත්පත් කියවීම්, කෙරෙහි වැඩි නැඹුරුතාවක් ඇති කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසකාරී බවක් ඇති කරන සතියකි. අතක ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. නිතර පපුවේ මහන්සිය හෝ සෙම සහිත ආබාධ ඇති කරයි.

 

 

අය 06 වැය 05

ජය අංකය – 09

ජය වර්ණය – දම්

සුබ දවස – බදාද

 

වෘෂභ

අතමිට මුදල් ගැවසෙයි

 

ආගමානුකූල කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 12, 1, 2, 3 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

ඉදිරි අනාගතය පිළිබඳ නව සැලසුම් කීපයක් ඇති කරගන්නා සතියක් වන අතර, දරුවන්ගේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු බවක් ද පෙන්නුම් කරයි. පවුලේ කටයුතු සම්බන්ධ පැවැති වගකීමක් මඟහැරී යන සතියකි. අතමිට මුදල් වැඩිවන බවක් ද පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා වගකීම් වැඩි කරයි. එහෙත් නිතර අතමිට මුදල් ගැවසෙන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය කටයුත්තකට වැඩිහිටි අයගේ උදවු උපකාර හිමිකරයි. එමෙන්ම විදෙස් අධ්‍යාපන කටයුතු අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන බවක් පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපනයකට හදිසි වියදමක් යෙදෙන සතියකි.

සෞඛ්‍යය

මෙතෙක් පැවැති අසනීපයකින් සුවය හිමිකරයි. එමෙන්ම ගතට සිතට සුවදායක සතියකි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන බවක්ද පෙන්නුම් කරයි.

 

 

අය 06 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - නිල්

සුබ දවස - සඳුදා

 

 

මිථුන

භෝජන සංග්‍රහයක්

 

අතමිට සරුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 11, 12, 1, 2 යන භාවයන් මතින් සිදු වෙයි.

 

ගෘහ ජීවිතය

පවුලේ අය අතර සතුට සමාදානයට හේතු ඇතිකරයි. පියපස ඥාතියෙකුගෙන් උපකාරයක් ද හිමිකරන අතර, පවුලේ භෝජන සංග්‍රහයකටද සහභාගිවීමට හේතු ඇති කරයි. එහෙත් මුදල් ගනුදෙනුවක් සම්බන්ධ රැවටීමකට හසුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.

 

රැකියාව

නිතර අතමිට සරුකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එහෙත් රැකියා ස්ථිර වීමක් සම්බන්ධ බලාපොරොත්තුවකට නොසිතූ බාධාවක් ඇතිවීමට ඉඩ ඇත. අවිවේකී සතියකි.

 

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුත්තක් පිළිබඳ හිතුවක්කාර තීරණයක් ගැනීමෙන් නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. නිතර පොත්පත් ලිපි ලේඛන සම්බන්ධ ගැටලුවකට ද මුහුණපෑමට සිදු වෙයි.

 

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් තරමක් දුරට සැනසිලිදායක සතියකි. මෙතෙක් පීඩාගෙන දුන් උගුර ආශි‍්‍රත ආබාධයකින් පීඩා විඳීමට සිදුවේ. එහෙත් වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු බවක් පෙන්නුම් කරයි.

 

 

අය 06 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්ලතින්දා

 

කටක

ගේ දොර අලංකාරය

වෙනදාට වඩා වගකීම් බහුල කරමින් සතිය ආරම්භවන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 10, 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහ ජීවිතය

ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කරගන්නා සතියකි. මෙතෙක් අතපසු වෙමින් පැවැති වැඩකටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු කාලයකි. පොත්පත් ලිපි ලේඛන කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

තරමක පසුබෑමක් සිදුකළ දරුවකුගේ අධ්‍යාපනික කටයුත්තක දියුණුවක් දැකිය හැකි සතියකි. නිතර දරුවන් පිළිබඳ විමසිලිමත් ලෙස කටයුතු කළ යුතු බවක් පෙන්වයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් තරමක පසුගාමි බවක් ඇති කරන සතියක් වන අතර, වරින් වර ඇතිකරන හිසේ පීඩාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර ජලයෙන් මෙන්ම කෑමෙන් ද පරිස්සම් විය යුතු කාලයකි.

 

 

අය 07 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

සිංහ

උසස් අධ්‍යාපනයට සුබයි

 

අවිවේකී ලෙස සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයාගේ ගමන සිදු වන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික වන බවක් ද පෙන්නුම් කරයි. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. හදිසි දේපළ ලැබීමකට බාධා ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

රැකියාව

අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ පැවති අවිවේකී බව මඟහැරී යන කාලයකි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු පිළිබඳ දැඩි ඇල්මක් දක්වන සතියකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනයේ නියුතුවූවන්ට සුබදායකයි. අමතර පොත්පත් මිලදී ගැනීමට අධික වියදමක් දැරීමට සිදුවේ. අධ්‍යාපනික චාරිකාවකට සහභාගීවීමට අවස්ථාව උදාකරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට යම් යම් අපහසුතාවන් කීපයක් පැන නැඟෙන බවක් පෙන්වයි. නිතර හට ගන්නා අතේ පයේ වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගනී. රුධිරයේ සීනි මට්ටම ඉහළ යන සතියකි.

 

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

කන්‍යා

වාහන ලාභ හිමිකම්

 

 

වෙනදාට වඩා සැප පහසුව කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහ ජීවිතය

සැනසිලිදායක ලෙස ආරම්භවන සතියකි. පවුලේ පැවැති ආරවුල්කාරී බවක් මඟහැරී යයි. හදිසි ධන ලාභ හිමිකම් ඇතිකරයි. එමෙන්ම වාහන ලාභ හිමිකම් ඇති සතියක් බව පෙනේ. නිතර විසිතුරු දෙයකට සිත යන සතියකි.

රැකියාව

ශාස්ත්‍රීය කටයුතුවලට සම්බන්ධ රැකියා මාර්ග හිමිකරන සතියකි. නිතර රැකියාවේ කටයුතු පිළිබඳ වෙහෙසීම් මෙන්ම ඇවිදිලිද ඇති කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල හිමිකරන සතියකි.

 

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට නොසිතූ බාධා ගෙන දෙන කාලයකි. වරින් වර මුදල් වියදම් ද වැඩි කරයි. කාර්මික ක්ෂේත්‍රයෙන් ඉහළට යන සතියකි.

 

සෞඛ්‍යය

මේ සතිය ඔබට ශරීර සෞඛ්‍ය අතින් එතරම් පීඩාකාරී බවක් නොපෙන්වයි. ඔබ මෙතෙක් ගන්නා ඖෂධ වර්ග ඒ ආකාරයෙන් පාවිච්චි කරන්න. වරින් වර සුළු සුළු ඇඟපත වේදනාවත් ඇතිවිය හැකිය.

 

 

අය 08 වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

 

තුලා

හදිසි වැටීම් තැළීම්

 

නිතර තීරණ වෙනස් කරන සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයාගේ ගමන 7, 8, 9, 10 යන භාවයන් මතින් සිදු වෙයි.

ගෘහ ජීවිතය

පවුලේ බැඳීම් අඩුකරන සතියකි. පවුලේ වැඩිමහල් සහෝදරයකු සමඟ සිදු කරන බහින්බස් වීමක් හේතුවෙන් සිත් රිදවීම් ඇතිකරයි. අන් අයගේ උපදෙස් පිළිනොගන්නා බවක් පෙන්වයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු යෙදේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ වෙනසක් සිදු කරයි. නිතර ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇතිකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා කල්පනාකාරී වන්න.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු කෙරෙහි උදාසීන බවක් ඇතිකරන අතර, වරින් වර වංචාසහගත කටයුතුවලට ද පෙලඹෙන බවක් පෙන්වයි. නිතර දුරදිග බලා කටයුතු කළයුතු කාලයකි. වැඩිහිටි උපදෙස් මත කටයුතු කරන්න.

සෞඛ්‍යය

වරින් වර ශාරීරික පීඩාවලට ලක් වන කාලයකි. හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයක් හේතුවෙන් එක්තැන්වීමක් සිදු කරයි. නිතර කල්පනාවෙන් කටයුතු කිරීම වැදගත් වේ.

 

 

අය 05 වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

 

වෘශ්චික

ප්‍රභූ ඇසුරක්

 

 

හදිසි තීරණයක් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදු වන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් පවුලේ අයගේ දෝෂාරෝපණයට භාජනය වෙයි. නිතර වැඩිහිටි අදහස් නොතකා කටයුතු කරන කාලයකි. පරම්පරාගත දේපළ ගැටලුවකට මුහුණපෑමට සිදු වෙයි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් ඇති කරයි. පිරිස් පාලනයක් සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ඒ සම්බන්ධ කටයුතුවලට නිතර දුර පළාත්වලට යාමට සිදුවේ.

අධ්‍යාපනය

මෙතෙක් කරගෙන ආධ්‍යාපනික කටයුත්තකින් විශේෂ ජයග්‍රහණ හිමිකරන කාලයකි. තමාට අන් අයගේ ප්‍රසාදය මෙන්ම තෑගි භෝග ද හිමිකරයි. නිතර ප්‍රභූ පක්ෂය හා ඇසුරට අවස්ථාව සැලසෙන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් යහපත් කාලයකි. පැවැති රෝගාබාධ කීපයක්ම මඟහැරී යයි. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න. සති අන්තයේදී පාදයේ හටගන්නා ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

 

 

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

 

ධනු

අමතර ලැබීම්

 

මෙතෙක් පැවැති මානසික පීඩාකාරී බව අඩු වී යන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහ ජීවිතය

අමතර ලැබීම් අතින් යහපත් සතියකි. අඹුසැමි සුහදතාවට හේතු ඇති කරයි. මෙතෙක් අතපසු වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. දේපළ හුවමාරුවක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. එමෙන්ම ඒ සම්බන්ධ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. උසස් නිලධාරීන් හා මත ගැටුම් ඇති කර ගන්නා කාලයකි.

 

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු සම්බන්ධ විශේෂ උනන්දුවකින් කටයුතු කරන කාලයකි. මෙතෙක් මඟහැරී තිබූ කටයුතු කීපයක් නිමාකර ගැනීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

ශාරීරික සෞඛ්‍ය අතින් යහපත් සතියකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණ කීපයකට ද භාජනය වීමට සිදුවේ. මෙතෙක් පැවැති උදරාබාධයකින් සුවය හිමිකරයි.

 

අය 07 වැය 05

ජය අංකය – 02

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බදාදා

 

මකර

සිත් නොහොඳකමක්

 

මිශ්‍රඵලදායක ලෙස උදා කරන මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදු වන්නේ 4, 5, 6, 7 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික කරන සතියකි. නිතර පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරන්න. දුර ඥාතියකු සමඟ ඇතිවන සිත් නොහොඳකමක් දුරදිගයයි.

රැකියාව

අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි. නිතර විසිතුරු දෑ, මල්, සුරතල් සතුන් ආදී රැකියාවල නිරතවන අතර ඒවායින් ලාභ ප්‍රයෝජනද හිමිකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ ණය පහසුකම්ද බලාපොරොත්තු විය හැකි සතියකි.

 

අධ්‍යාපනය

විවිධ කුසලතා ඉස්මතු වන කාලයකි. මවුපියන්ගේ දැඩි අවධානය දරුවන්ට දැක්විය යුතු කාලයකි. විශේෂ ජයග්‍රහණ කීපයක්ද හිමිවීමට ඉඩ ඇත.

සෞඛ්‍යය

නිතර ඇතිවන උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදු කරයි. ප්‍රතිකාර පතා දුර පළාතකටද යාමට සිදු කරයි. උෂ්ණාධික ආහාර පාන ගැනීමෙන් වැළැකීම යහපත් කරයි.

 

 

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - ළා රෝස

සුබ දවස - ඉරිදා

 

 

කුම්භ

ලිපි ලේඛන ගැටලුවක්

 

අවිවේකී ලෙස උදා කරන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයත් මතිනි.

ගෘහ ජීවිතය

පවුලේ අය සමඟ එකට එකතු වී සිදු කරන උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි. නිතර සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වන කාලයකි. අමතර ලැබීම් අතින් එතරම් යහපත් සතියක් නොවනු ඇත.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අලුත් බලාපොරොත්තු කීපයක් ඇති කරයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයකි. පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට ද මුහුණපෑමට සිදු වෙයි.

අධ්‍යාපනය

නිතර වෙනස්වන ගති පැවැතුම් ඇති කරන අතර, යොදා ගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමටද පෙලඹේ. තරග විභාගයක් වෙනුවෙන් සූදානම් වෙමින් පවතින කාලයක් වුවත් ඒ සම්බන්ධ එතරම් උනන්දුවක් දක්වන බවක් නොපෙන්වයි.

 

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. ලේ විෂවීමක් හෝ චර්මගත ආබාධයක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවේ. උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් වැළකී සිටින්න. දණහිස ආශි‍්‍රත ආබාධයකට ද මුහුණපෑමට සිදු වෙයි.

 

අය 05 වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

 

මීන

විවාහ ගිවිස ගැනීමක්

 

අලුත් කටයුතු කීපයකට අත ගැසීමට හැකිවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. පවුලේ අය සමඟ එක්ව ආගමික වැඩසටහනකට සම්බන්ධ වීමට කටයුතු සැලසේ. විවාහ ගිවිස ගැනීමකටද කටයුතු උදා කරන කාලයකි. නිතර සිතේ පී‍්‍රතියෙන් කටයුතු කරන බවක් පෙන්වයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ වරප්‍රසාද කීපයක් හිමිකරයි. නිතර ප්‍රභූන් හා ඇසුරට කටයුතු යෙදෙන කාලයකි. රැකියා ස්ථිරවීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුකරයි.

අධ්‍යාපනය

නිතර තීරණ වෙනස්කරන කාලයකි. අධ්‍යාපනික කටයුතුවලට උදාසීන බවක් ඇති කරයි. එමෙන්ම වංචාසහගත කටයුතු කීපයකටද සම්බන්ධ වීමෙන් ගැටලුදායක බවක් ඇති කර ගනී.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට යහපත් සතියකි. පැවැති සෙම් රෝගයකින් සුවය හිමිකරයි. එහෙත් සීතල ආහාර, ජලාශ්‍රිත කටයුතුවලින් ඈත් වී සිටීම වැදගත් වේ. වරින් වර ශාරීරික වෙහෙස ගෙනදෙන කටයුතු කීපයකටද සම්බන්ධ වීමට සිදුවේ.

 

 

අය 07 වැය 06

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.