මේ සතියේ ඔබට

මාර්තු 31 සිට අප්‍රේල් 05 දක්වා
මාර්තු 31, 2023

 

 

මේෂ

ශාස්ත්‍රීය කටයුත්තක්

 

උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන සතියකි. වෙනදාට වඩා අතමිට මුදල් වැයවන කාලයකි. මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 4,5,6 යන භාවස්ථානවලයි. ශාස්ත්‍රීය කටයුත්තක් හේතුවෙන් වෙහෙසකාරි බවක් ඇති කරයි. විවාහ යෝජනාවක් සම්බන්ධ බලාපොරොත්තුවක් බිඳවැටෙන ලකුණු පෙන්නුම් කරයි. නිතර මඟතොට හමුවන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. තීරණ ගැනීමේදී වෙනදාට වඩා දුර දිග සිතා බැලිය යුතු කාලයකි. හදිසි ආදායම් මාර්ග සැලසුනත් ඒවායින් සිතූ තරම් ලාබ අත් නොකරයි. යටපත් වූ අසනීප තත්ත්වයක් නැවත මතුවීම නිසා රෝහල් ගතවීමක් සිදු වීමට ඉඩ ඇත.

 

අය 07 - වැය 03

ජය අංකය - 04 ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ

මත ගැටුමක් සමතයට

 

පැවැති පීඩාකාරී බව මඟහැරී යන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 3,4,5 යන භාවස්ථානවලයි. මෙතෙක් යොදාගත් සැලසුමක් සාර්ථක වන කාලයක් වන අතර, දරුවකුගේ අනාගත බලාපොරොත්තුවක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයකි. එමෙන්ම පවුලේ පැවැති මත ගැටුමක් සමතයකට පත්වන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී පාදයේ වළලුකර ආශි‍්‍රතව ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සති අන්තයේදී දරු ලාබ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන

 

හිතවතකුගේ හමුවීමක්

 

 

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් මනසට පීඩාකාරි බවක් ඇති කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 2,3,4 යන භාවයන් මතිනි. තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බැලිය යුතු කාලයකි. නිතර රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් ඇති කරයි.

ගේ දොර අලුත්වැඩියාවක් සම්බන්ධ කටයුතු කීපයක ප්‍රමාදතා සිදුවීමට ඉඩ ඇත. සහෝදර මත ගැටුමක් දුරදිග යා හැකි බවක් පෙන්නුම් කරයි. කලකින් නොදුටු හිතවතකුගේ හමුවීමක් සිදුකරයි. සති අන්තය වන විටදී වරින්වර ඇති කරන උගුර ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

 

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

කටක

ප්‍රභූ අය හා ඇසුරක්

 

අලුත් බලාපොරොත්තු කීපයක් ඇති කරමින් සතිය ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 1,2,3 යන භාවයන් මතිනි. නිතර ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. පවුලේ අය අතර, සුහදත්වය අඩුවී යන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. මවු පස ඥාතියකු වෙනුවෙන් දවසින් වැඩි කාලයක් වැය කිරීමට සිදුවේ.

නිතර ප්‍රභූ අය සමඟ උරෙන් උර ගැටී කටයුතු කිරීමට අවස්ථාව යෙදේ. නිවෙසට යන එන අය පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන සතියකි.

 

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

සිංහ

අඹුසැමි බහින් බස්වීමක්

 

සැලසුම් සහගත කටයුතු කීපයකට අත ගැසීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 12,1,2 යන භාවයන් මතිනි. පවුලේ කෙනකු සමඟ වරින්වර ගැටුම්කාරි බවක් ඇතිකරයි. හදිසි වී ගන්නා තීරණයක් හේතුවෙන් නොසිතූ ගැටලුවක් මතු කරයි.

සති මැද කාලය වන විටදී අඹුසැමි බහින්බස් වීමක් දුර දිග යාමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. නිතර සෙම් බහුල කාලයකි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු බවක් පෙන්නුම් කරයි. දරුවකු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න.

 

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

 

කන්‍යා

දේපළ ගැටලුවක් මඟහැරේ

 

කන්‍යා ලග්න හිමි ඔබට මේ සතිය උදාවත් සමඟ පැවැති ගැටලුකාරි තත්ත්වයක් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් ද සිදුකරයි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳුගේ ගමන සිදුවන්නේ 11,12,1 යන භාවස්ථානවලයි. අමතර ලැබීම්වලට ඉඩකඩ ඇති සතියකි. නොසිතූ ලෙස සහෝදරයකු ගේ කටයුතු උදෙසා මැදහත්වීමට ද සිදුවේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට මඟ සැලසෙන සතියකි. දේපළ සම්බන්ධ ගැටලුවක් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇතිකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න.

 

 

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා

ගනුදෙනු වාසියක්

 

කලබලකාරි ගති පැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 10,11,12 යන භාවයන් මතිනි. හදිස්සියේ සිදුවන ගනුදෙනුවකින් වාසි කීපයක් අත් කරයි. නිතර තමා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. එමෙන්ම විශේෂ ගමනක් හේතුවෙන් යොදාගත් වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවෙයි.

සතිය මැද කාලයේදී වාහන ගනුදෙනුවකට අත ගැසීමට මඟ සැලසේ. හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

 

 

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

 

වෘශ්චික

වගකීමක් තමා වෙත පැවරේ

 

පැවැති ගැටලු කීපයකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි. පවුලේ සුහදතාවයට කටයුතු සැලසෙන කාලයකි. ගෘහ ජීවිතයේ කටයුතුවලින් අවිවේකී බවක් ඇති කරයි. මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් වෙහෙසීමට සිදුවන අතර, හදිසි රෝහල් ගතවීමකට ද ඉඩකඩ ඇති කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන කාලයකි. පවුලේ වගකීම් කීපයක් තමා වෙත පැවරෙන බවක් පෙන්නුම් කරයි. සති අන්තයේදී සොර සතුරු බියක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු

විශ්වාසය බිඳවැටීමක්

 

 

මිශ්‍ර ඵලදායක ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 8,9,10 යන භාවස්ථානවලයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙන්වයි. සහෝදරියක සමඟ ඇතිවන සිත් නොහොඳකමක් දුරදිග යාමට ඉඩ ඇත. මුදල් ගනුදෙනුවලට අතගැසීමේදී කල්පනාකාරි වන්න. පවුලේ අය සමඟ දුර ගමනකට සැලසුමක් ඇතිකර ගනී. සතිය මැද කාලයේදී පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න. නොසිතූ ලෙස විශ්වාසය බිඳවැටීමක් සිදුවිය හැකි සතියකි. සති අන්තයේදී දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

 

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

මකර

විවාහ බලාපොරොත්තුවක්

 

අතමිට මුදල් ගැවසුනත් වැයපස අධික කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 7,8,9 යන භාවස්ථානවලයි. මෙතෙක් කල්ගතවෙමින් පැවැති විවාහ යෝජනාවක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. මවගේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලිය යුතු කාලයකි. වරින්වර ගුප්ත කටයුතුවලින්ද පිහිට පතන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. දේපළ හිමිකමක් පිළිබද බලාපොරොත්තුවක් බිඳවැටෙන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා යෙදෙන වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

 

 

අය 07 - වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ

 

රෝහල් ගතවීමක්

 

වගකීම් පැහැර හැරීමක් හේතුවෙන් කටයුතු කීපයක් ප්‍රමාද කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 6,7,8 යන භාවයන් මතිනි. හදිස්සියේ ඇතිවන උදරාශි‍්‍රත ආබාධයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුකරයි. වෙනදාට වඩා කෑම බීම පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ. දරුවකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන කාලයකි. සතිය මැද කාලයේදී වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරයි. ගණුදෙනුවක් පියවා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. සති අන්තයේදී මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි.

 

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බුහස්පතින්දා

 

මීන

ආගමික වැඩසටහනක්

 

ඥාති හිතවතුන්ගෙන් උදව් උපකාර හිමිකරන සතියකි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 5,6,7 යන භාවස්ථානවලයි. ගේ දොර කටයුතු පිළිබඳ අවිවේකී බවක් ඇති කරන කාලයකි. නොසිතූ ලෙස හදිසි මුදලක් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරයි. විවාහ යෝජනාවකට බාධාගෙන දෙන අතර, හදිසි තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. සතිය මැද කාලයේදී ආගමික වැඩසටහනක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් යොදවන බවක් පෙන්වයි. සති අන්තයේදී උරහිස ආශි‍්‍රතව ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ගැනීමට සිදුවෙයි.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.