මේ සතියේ ඔබට

අප්‍රේල් 14 සිට අප්‍රේල් 21 දක්වා
අප්‍රේල් 14, 2023

 

මේෂ

දේපළ ගනුදෙනුවක්

 

නොසැළකිලිමත්කම හේතුªවෙන් ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10, 11, 12, 1 යන භාවයන් මතිනි. රැකියාවේ කටයුතු සම්බන්ධ මතුව තිබූ ගැටලුකාරී බවක් සමතයකට පත්කර ගැනීමට මඟ සැලසේ. එමෙන්ම මානසික අවිවේකය ඇතිවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසීමට අවස්ථාව උදාකරන කාලයකි. සතිය මැද කාලයේ දී මතුකරන යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. මුදල් ගනුදෙනුවකින් නොසිතූ අවාසියක් සිදුකරයි. හදිසි දේපළ ගනුදෙනුවකට අත ගැසීමට සිදුවන සතියකි.

අය 06 - වැය 04
ජය අංකය - 09
ජය වර්ණය - නිල්
සුබ දවස - බදාදා

 

වෘෂභ

උත්සව අවස්ථාවක්

 

වගකීම් බහුලකරමින් සතිය ආරම්භ කරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවස්ථානාවලයි. නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට කටයුතු සැලසෙන සතියකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුනත් වැයපස අධිකවන කාලයකි. අඹුසැමි සිත් නොහොඳකමක් සමතයකට පත්වන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට හේතු ඇති කරයි. දූ දරුවන්ගෙන් වෙන්ව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන සතියකි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

 

මිථුන

සහෝදර මත ගැටුමක්

 

පවුලේ කටයුතු පිළිබඳ වගකීම් කීපයක් තමා වෙත පැවරෙමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවයත් මතින් ගමන් කරයි. රැකියාවේ කටයුතු පිළිබඳ මතුවන ගැටලුවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා පවුලේ වැඩිහිටියකු පිළිබඳ සැලකිලිමත් වන්න.

ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. සතිය මැද කාලයේ දී විදෙස් ලැබීමකට හෝ හදිසි විදෙස්ගතවීමක් සම්බන්ධ බලාපොරොත්තුවත් ඉටු කරයි. සති අන්තයේ දී ප්‍රමාදතා සිදුකල ණය මුදලක් හිමිවන බවක් පෙනේ.

අය 07 - වැය 05
ජය අංකය - 09
ජය වර්ණය - ළා කොළ
සුබ දවස - බදාදා

 

 

කටක

අමතර මුදල් වැයවීමක්

 

මෙතෙක් මඟහැරෙමින් තිබූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙන සතියක් වන අතර, මේ සතිය ඔබට මිශ්‍රඵලදායක බවක් අත් කරයි. කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවස්ථානවලයි. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිව තිබූ ආරවුලක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. පියපස ඥාතියකුට උපකාරයක් කිරීමට මඟ සැලසේ. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී අමතර මුදල් වැයවීමක් හේතුවෙන් නොසිතූ ගැටලුවකට මුහුණ පෑමට සිදුවෙයි. සති අන්තයේ දී නිතර පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි.

 

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ

රැකියා ලාබ

 

හදිසි ආදායම් මාර්ග කීපයකට මඟ සැලසුනත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 6, 7, 8, 9 යන භාවස්ථානවලයි. ගේ දොර කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරන සතියකි. වෙනදාට වඩා මවුපස ඥාතියකු පිළිබඳ වෙහෙසීමට සිදුවේ. වෙහෙස ඇති ගමන් කීපයක් යෙදෙන සතියකි. රැකියා අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුකරන කාලයක් වන අතර, මෙතෙක් පීඩා ගෙනදුන් රැකියා ස්ථානයේ ගැටලුවකින් නිදහස්වීමට ද හේතු ඇති කරයි. සති අන්තයේ දී ආගමික සහන පතා දුර පළාතකට යාමට අවස්ථාව උදාකරයි.

 

 

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා

දේපළ ගැටලුවක් නිරවුල්

 

ශාරීරික වෙහෙස ගෙනදෙන සතියකි. මේ සතියේ කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි. විශේෂ සැලසුමකට අත ගැසීමට අවස්ථාව උදාකරන කාලයකි. ඥාති, මිත්‍රාදීන්ගේ උදව් උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. පවුලට අලුත් සාමාජිකයෙක් එක්විය හැකි බවක් පෙන්නුම් කරයි. අමතර වාසි හිමිකරන මාර්ග සැලසුනත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. නිතර හට ගන්නා යටි බඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී වන්න. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු සැලසෙන සතියකි.

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

තුලා

අසනීපයකින් සුවය

 

 

මෙතෙක් ප්‍රමාදතා සිදුකල කටයුතු කීපයක් සාර්ථක වන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවස්ථානවලයි. ගේ දොර අලුත්වැඩියාවක් හෝ අලුත් කොටසක් ඉදිකිරීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන කාලයකි. නිතර යෙදෙන දුර ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන කාලයකි. සතිය මැද කාලයේ දී පැවැති අසනීප තත්ත්වයකින් සුවය ලැබීමට හේතු ඇති කරයි. එමෙන්ම ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇත. සති අන්තයේ දී දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ.

 

 

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 

 

 

වෘශ්චික

දණහිසේ ආබාධයක්

 

මෙතෙක් ප්‍රමාදතා සිදුකළ කටයුතු කීපයක් සාර්ථකවන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවස්ථානවලයි. අමතර ගමන් බිමන් බහුල කරන කාලයකි. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ සොයා බැලීමක් කළයුතු කාලයකි. සතිය මැද කාලයේ දී අවිවාහකයන්ට සුබදායක වන අතර, විවාහය ප්‍රමාද වූවන්ගේ බලාපොරොත්තු ඉටුවන බවක් ද පෙන්නුම් කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයකි. මවගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි. සතිය ගෙවී යද්දී දණහිස ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

 

අය 07 - වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - ළා දම්

සුබ දවස - බදාදා

 

 

 

ධනු

ආගමික සහන

 

පැවැති පීඩාකාරී ගතිපැවැතුම් මඟහැරී යන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4 5 යන භාවයන් මතින් ගමන් කරයි. අමතර ලැබීම්වලට හිමිකම් ඇති කරයි. නිතර ගත සිත වෙහෙසා කටයුතු අධික කරන කාලයකි. ආගමික සහනපතා දුර පළාතකට යාමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් මතුවන මානසික අසහනකාරී බවක් දුරදිග යයි. යුග දිවියේ ඇතිවන ගැටලුසහගත බවක් හේතුවෙන් සැලසුම් කීපයක ප්‍රමාදතාවයක් සිදුකරයි. පැවැති අසනීපයකින් සුවය හිමිකරන සතියකි. දරුවකු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන කාලයකි.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

මකර

වැයපස අධික වෙයි

 

නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයක් වන අතර, සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 1, 2, 3, 4 යන භාවස්ථානවලයි. අතමිට මුදල් ගැවසුනත් නොසිතූ ලෙස වැයපස අධික කරයි. සහෝදර මතභේදයක් දුරදිග යාමට ඉඩ ඇති කාලයක් බැවින් දුරදිග බලා කටයුතු කරන්න. දරුලාබ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පැරැණි පෙම් සබඳතාවයක් සාර්ථකවන කාලයක් වන අතර විවාහයට වැඩිහිටි ආශිර්වාදයද හිමිවන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේ දී නිවසේ ආගමික සැලසුමකට කටයුතු උදාකරයි.

 

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

කුම්භ

ප්‍රභූ ඇසුරක්

 

අවිවේකී ලෙස උදාකරන මේ සතිය ඔබට එතරම් සුබදායක නොවනු ඇත. මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන් සිදුවන්නේ 12, 1, 2 යන භාවස්ථානවලයි. ගෘහ ජීවිතයේ කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන කාලයක් වන අතර, ප්‍රභූ අය හා ඇසුරට ද අවස්ථාව උදාකරයි.

සතිය මැද කාලයේ දී විශේෂ හිතවත්කම්වලට මඟ සැලසේ. අමතර ලැබීම්වලට බාධා ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

සතිය ගෙවී යද්දී පවුලේ දානමය කටයුත්තකට සැලසුමක් ඇති කර ගනී. දරුවකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන කාලයකි.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

මීන

භෝජන සංග්‍රහයක්

 

අලුත් නෑදෑහිතවතුන් දැන හඳුනාගැනීමට කටයුතු සැලසෙන කාලයක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවස්ථානවලයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන සතියකි. එහෙත් යොදාගත් සැලසුමක් ප්‍රමාදවන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී නිවෙසේ භෝජන සංග්‍රහයකට සැලසුමක් ඇති කර ගනී. නිතර යෙදෙන වාහන ගමන් පිළිබඳ සැළකිලිමත්වන්න. පවුලට අලුත් සාමාජිකයෙක් එක්විය හැකි කාලයක් වන අතර, දරුවකුගේ උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන බවක් පෙන්නුම් කරයි.

 

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.