දෙසැම්බර් 17 සිට දෙසැම්බර් 23 දක්වා

දෙසැම්බර් 17, 2021

මේෂ

ගේ දොර අලුත්වැඩියාවක්

තනි තීරණයක් හේතුවෙන් පවුලේ අර්බුදකාරි බවක් ඇතිකරන සතියක් වන අතර සඳු ග්‍රහයා 2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. විශේෂ කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. නිතර හට ගන්නා උගුර ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්වයි.

ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකර ගන්නා කාලයක් වන අතර ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් ද වෙහෙසීමට සිදුවේ. සහෝදර සිත් අමනාපකමක් දුරදිග යන අතර වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කරන්න.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා


සිංහ

දේපල ගණුදෙනුවක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙලක් වෙනසකට ලක්කරන සතියකි. ඉඩකඩම් දේපල ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන අතර මුදල් ගනුදෙනු වලදී කල්පනාකාරි වන්න. රැකී රක්ෂා අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම පවුලේ මත ගැටුමක් සමතයකට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත්වන්න. උගුරේ ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සඳුදා


ධනු

විදෙස් ලැබීමක්

යොදාගත් කටයුතු කීපයක් සාර්ථක කරමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ තීරණයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි සතියකි. මව්පිය උරුමයක් පිළිබඳ මෙතෙක් ඇතිව තිබූ ගැටලුවකින් නිදහස අත්කරයි. සතිය මැද කාලයේදී වරින්වර හටගන්නා දතක ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් මේ පිළිබඳ සැලකිලිමත්වීම ද වැදගත් වේ. සති අන්තයෙදි විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි.

අය 08 - වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා


වෘෂභ

දරුවකු පිළිබඳ විශේෂ පියවරක්

සැනසිලිදායක ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර තම අලංකාරය වෙනුවෙන් අමතර මුදල් වැය කරන කාලයකි. හදිසි මුදල් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. පවුලේ වැඩිහිටියකු පිළිබඳ සිත්තැවුල් සහගත කටයුතු කීපයක් සිදුකරයි. දූ දරුවන්ගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවන සතියකි.

දරුවකුගේ අධ්‍යාපනික කටයුත්තක් වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවේ. නීතිමය ගැටලුවකින් නිදහස සැලසෙන සතියක් වන අතර සමාජ සේවා කටයුතු වලට දවසින් වැඩිකාලයක් යොදවයි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා


කන්‍යා

වගකීම් බහුල කරයි

පැරණි හිතවත්කමක් අලුත්වීමෙන් කටයුතු කීපයක වෙනස්කම් රැසක් සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. වෙනදාට වඩා වගකීම් බහුල කරන සතියක් වන අතර, තීරණ ගැනීමේදී පවුලේ අය සමඟ සාකච්ඡා කිරීම වැදගත් වේ. නිතර නිවසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්වයි. රැකියා ස්ථානයේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වීම වැදගත් වේ. අලුත් වාහනයක් මිලදී ගැනීමක් පිළිබඳ බලාපොරොත්තුවක් කල් දැමීමට සිදුවෙයි. චර්ම ගත ආබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. ආහාරපාන මෙන්ම ජලාශි‍්‍රත කටයුතු පිළිබඳවද සැලකිලිමත් වන්න.

අය 08 - වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා


මකර

සහෝදර මතගැටුමක්

එදිනෙදා ගමන් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7 යන භාවස්ථානවලට නිතර විනෝදයට බරව කටයුතු කරන සතියකි. පවුලේ සතුට, සමාදානය වෙනුවෙන් වෙනදාට වඩා කැපවීම් කිරීමට සිදුවේ. ඥාතියකුගේ අසනීප තත්වයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. රැකියා ස්ථානයේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. සතිය මැද කාලයේදී යටිබඩ ආශි‍්‍රත ඇතිවන අසනීපකාරි තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුකරයි. සහෝදර මතගැටුමක් දුරදිග යා හැකි කාලයකි. හිතවතකු සමඟ මුදල් හුවමාරුවක් කරගන්නා සතියක් වන අතර මුදල් වියදම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

අය 06 - වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා


මිථුන

අඹුසැමි විශ්වාසය බිඳවැටීමක්

අමතර මුදල් වියදම් වැඩිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර ගත සිත වෙහෙසවා කරන කටයුතු අධික කරන සතියකි. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි.

විවාහ ගිවිසුමක් සාර්ථක කරන සතියක් වන අතර අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට ද හේතු සැලසේ. සති අන්තයේදී අඹුසැමි විශ්වාසය බිඳවැටෙන අන්දමේ කටයුත්තක් සිදුවන අතර, සිත් රිදවීමක් හේතුවෙන් පදිංචි ස්ථානයෙන් පිට වාසයට ද හේතු ඇති කරයි.

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා


තුලා

තැන්පත් ධනය වැයවීමක්

අලුත් සැලසුමක් වෙනුවෙන් කාලයත්, ශ්‍රමයත් වැය කිරීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. තමා ළඟින් ඇසුරු කරන අයකුගේ ඈත්වීමක් සිදුකරන සතියක් වන අතර පවුලේ අය පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතුය. සතිය මැද කාලයේදී තැන්පත් ධනය වැයවීමක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. මෙතෙක් අතරමග නවතා තිබූ වැඩපිළිවලක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව සැලසේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරන කාලයකි. සති අන්තයේදී අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාවට පත්කරන සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා


කුම්භ

ඇවිදිලි වැඩිකරයි

ගේ දොර කටයුතු පිළිබඳ වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. නිවසේ ආගමික සැලසුමක් වෙනුවෙන් තීරණයකට එළැඹෙන කාලයකි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිවන බවක් පෙන්වයි. දරුවකුගේ උදව් උපකාර ඇතිව කටයුත්තක් සාර්ථක කර ගැනීමට මග සැලසේ. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. එමෙන්ම ඥාතියකු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. සති අන්තයේදී වාහන හුවමාරුවක් වෙනුවෙන් දවසින් වැඩිකාලයක් යොදවයි. ළඟින් ඇසුරු කරන අයකුගේ දුරස්වීමක් සිදුකරන කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා


කටක

අසරණ අයකුට උපකාරයක්

මෙතෙක් පැවැති ආදායම් මාර්ගයකට අවහිරතා ඇති කරමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. විශේෂ ජයග්‍රහණයක් හේතුවෙන් සතුටට පත්විය හැකි සතියකි. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කාලයක් බව පෙන්නුම් කරයි. පියපස ඥාතියකු පිළිබඳ සිත්කලකිරීමක් ඇතිවන අන්දමේ පුවතක් අසන්න ලැබේ. සමාජසේවා කටයුතුවල නිරතවන කාලයක් වන අතර, අසරණ අයකු වෙනුවෙන් විශේෂ උදව් උපකාර කීපයක් කිරීමට ද මග සැලසේ. දුරගමන් සහ වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් ද පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති දුෂ්කරතා කීපයක් මඟහැරී යන ලකුණු පෙන්නුම් කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා


වෘශ්චික

වාත වේදනාවක්

හදිසි ගණුදෙනුවකට අත ගසමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරන සතියක් වන අතර හිතවතකු සමඟ සිදුකළ ගනුදෙනුවකින් නිදහස්වීමට ද මඟ සැලසේ. පවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. සතිය මැද කාලයේදී වරින්වර මතුවන වාතවේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

හදිසි වැටීම් තැලීම් වලට ඉඩ ඇති කාලයක් බැවින් උස් ස්ථාන සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරි වන්න. නොසිතූ පාඩුවකටද ඉඩ ඇති සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - සඳුදා


මීන

ලැබීම් අතින් යහපත් කාලයක්

පැවැති ගැටලුවකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවස්ථානවල ගමන් කරයි. අලුත් ගේ දොර ඉදිකිරීමක් පිළිබඳ බලාපොරොත්තුවක් කල් දැමීමට සිදුවේ. පවුලේ වැඩිහිටියකුගේ අසනීප තත්ත්වයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවිය හැකි බවක් පෙන්වයි. පවුලට අලුත් සාමාජිකයෙක් එකතුවීමෙන් ගැටලු කීපයකින් නිදහස්වීමට මග සැලසේ. සතිය මැද කාලයේදී පවුලේ වගකීමක් තමා පිට පැවරීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. මවට හෝ මව්පස ඥාතියකුට අපල සහගත කාලයකි. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් වන බවක් පෙනේ.

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - ඉරිදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.