ඉඩමේ දිය උල්පත් සොයා දෙන කන්‍යාවගේ අඟපසඟ

සැප්තැම්බර් 13, 2024

ළිඳ සහ ආශි‍්‍රත කූප ශාස්ත්‍රීය පසුබිම ළිං, වැව්, පොකුණුූ ජලය පිළිබඳ හෝඩුවා ගෙන දෙන ඉපැරණි විධිමත් ශාස්ත්‍රීය ක්‍රමවේදයකි. ගම්බද පැල්පතේ සිට නාගරික මන්දිරයක් පාසා එදා ළිඳෙන් පානීය ජලය භාවිත කළ මිනිසා මනුෂ්‍යත්වයෙන් පිරී ඉතිරී ගියේය. පයිප්ප බට කරාම හරඹ කරමින් පිපාසාව දුරු කරන පිරිස් වර්තමානය වන විට ගම රට විනාශ මුඛය කරා ගමන්කරවා ඇත.

ඊශානය ළිඳක් කැපීමට අතිශය සුදුසු බවද උතුර හෝ නිරිත දිග ඊශාන දිශාවට බාධක අවහිර යෙදුණ අවස්ථාවන්හි ගැනීම පිළිබඳව ද ඉපැරණි ආචාර්යවරු අනුදැන වදාරා ඇත්තෙකි. එමෙන්ම ළිඳ පෙරේත පාදයට සකස් නොකිරීම පිළිබඳවද උපදේශනයන්හි වැඩිදුරටත් ප්‍රකාශිත වෙයි. ඉපැරණි ගුරුන්වහන්සේ මුදුන්මල් කඩක් මෙන් සැලකූ මුහුර්ත චින්තාමණිය නම් වූ පුස්තකයෙහි අවවාද උපදෙස් අකුරටම ගරුකොට තැකූහ.

පදිංචි භූමියක හතර කොන, අටකොන නවකොණ පමණක් නොව නිවසේ දී එකී කොන් මඟහැර නිවාස භූමියටද පහත්ව ජනේල දොරවල් ආශි‍්‍රත උළුවහු මැදට නොයාම අසුවෙන අයුරකින් වාස්තු විද්‍යාඥයා ද මෙකී සටහනට අනුව දැනුවත් කොට ඔබද දැනුවත්වී ළිඳට වැවට පොකුණට ජලසම්පාදනය විය යුතුව ඇත. සොහොනකට කුණුකන්දකට වැසිකිළි වළකට පහතින් ජලතටාකයන් ඉදිකර ගැනීම අනාගතය මහා ගංවතුරට මෙන් මුහුණදීමට සිදුවීමෙකි. මහා නියඟකදී මෙන්ම තද වැසිවලදී ජල උල්පත් තිරසාර නොවනු ඇත. එසේම ස්වකීය ගෙදර දැරියගේ මල්වරය ආසන්නව තිබියදී හෝ ගැබිණි මාතාවක් නිවසෙහි සිටියදීද උල්පත් සෙවීම ආශි‍්‍රත ළිං කැපීමාදී කාර්යයන් අශුභදායක වෙයි.

ළිං ඉවුර තෙක් පදිංචි නිවසෙහි දුර ප්‍රමාණයද සුවිශේෂි අවමානයට පාත්‍රකළ යුතුව ඇත. රියන් 07,13, 23, 24, 25,27, 28, 30, 42, 44, 49 අශුභ ලෙසට ද ඉපැරණි ආචාර්ය මතයයි. ගෘහ හිමියාගේ වැලමිට හංදියෙහි මිට මැදඟිල්ලේ අගට රියන මැන ගනු ලබන ආකාරය වෙයි. රියන් 60 ඉක්ම වූ දුර ප්‍රමාණය සුබා සුබ විනිශ්චයකින් තොරව ළිං කැපීමට යහපති. නිසි ප්‍රකාරය වාස්තු දෝෂ මඟ හැරීමට නම් ළිඳට අදාළ වූ භූමිකොටස වෙන්වීමද නැතහොත් අඩි 8ක 9ක පමණ බැම්මක් නිවෙස දෙපස ඉදිකර ගැනීමද ප්‍රශස්ත වෙයි. නිවාස සහ ළිඳ අතර අලි බානකට හෝ එහා මෙහාවීමට ඉඩකඩ ඉපැරණි මතය විය. නිවෙස දෙසට ළිදෙන් දිය ඇදීමට ද අහිතකරවන අතර ළිං ජලය භාවිතය ද ආශි‍්‍රතව හින්දු භක්තිකයෝ ගංගාදේවි නම් දිව්‍ය මාතාවකට පින්දීමනා කරනු ලැබෙයි. ඊතන, තිඹිරි, ජම්බු, දොඹ, හබරල, ගොකටු, ගොඩමානෙල්, ඉද්ද, කරඳ, සුවඳ කොට්ටම් බක්මී, සරුසාර, පොල්ගස් ආශි‍්‍රතව භූමිගතව ජලය ඇති බවට පෙර නිමිති වෙයි.

ජලය ඇති බව තහවුරු කිරීම

කන්‍යාවක් කළගෙඩියක් බුලත් අතක් ළිං ශාස්ත්‍රය සඳහා සොයා ගන්න

සැබෑ සුපිරිසුදු කන්‍යාවියක් සොයා බලා ඇයටද සමඟ ඇයගේ භාරකරුවන් ද දැනුවත් කොට භාරකාරියක් සමඟ සුබ දිනෙක මරුට පිටුපා අවශ්‍ය භූමියට කැඳවාගෙන යාම පළමුවන සූදානමයි. කන්‍යාව ස්නානය කරවා ගෙන ඇයගේ භාරකාරිය සමඟම අවශ්‍ය ස්ථානයට යා යුතු වෙයි. ඉන්පසු මල් බඳුනක් බුදුරුවකට පූජා කරවා මල් පහන්, කපුරු, හඳුන්කූරු, පුදා නිසිවේලාවට නිසි ස්ථානය බලා පිටත්වීම ද යහපත් වෙයි. පැන් පුරවන ලද කළය දකුණු උකුළෙහි තබාගෙන නැඟෙනහිර බලා දකුණු පාදය පළමුව පෙරට තබා යා යුතුව ඇත. මේ සමඟම සඳුන් කිරි පැනෙන් තුන්වර සෝදා ගත් නෑඹුල් බුලත් කොළයක්ද එකී කන්‍යා දැරිය ආශි‍්‍රතව තැබිය යුතුවෙයි. පැන් කළ ගෙඩිය නැමූ පසු ඇයගෙහි සිරුරෙහි කැමැති තැනක බුලත් කොළය තබා ගැනීමට ඇයට උපදෙස් ද ලබාදිය යුතුව ඇත. මෙහි ඉදිරියට දැක්වෙන සුබාසුබ කිසිත් ඇය නොදැන සිටීම අරමුණ සාර්ථකත්වයට බලපානු ඇත.

 

ළිං ශාස්ත්‍රයෙහි විස්මිත ප්‍රතිපල

1. කන්‍යා දැරියගේ අභිමතය පරිදි ස්වකීය පා සඟල මත බුලත් කොළය තබා ගත්තේ නම් කළයෙහි පැන් නැමූ තැන වැළි කුඩුගල් මිශ්‍ර පසකි. ළිඳ හාරාගෙන යනවිට රියන් 05 කදී හෝ රියන් 09 කදී හෝ තිරසාරව ජලය මතුවෙනු ඇත.

2.කෙණ්ඩියක බුලතය තබා ගත්තේ නම් තත්ත්වයක් ප්‍රමුඛ පොළොව හාරාගෙන යන විට ගලක් හමුවිය හැයිය. එකී ගල කඩාගෙන ගිය හැකිනම් රියන් 05කදී පමණ ජලය මතුවෙනු ඇත.

3. දණහිසක බුලතය තබා ගත්තේ නම් ඉඩමේ අදාළ ස්ථානයෙහි ජලය සඳහා ඉතා ගැඹුරටම පස් හාරා ඉවත්කළ යුතුවෙයි.

4 ඇස්වට බුලතය තබා ගත්තේ නම් ළිඳ කපන ස්ථානයෙහි ආශි‍්‍රතවම ගලක් ඇත. ප්‍රමාණය සඳහන් නොකර ඇති අතර එකී ගල කඩාගෙන යා හැකිය. මේ ජලය ඈතක බැව් ප්‍රකාශ වෙන්නේය.

5. කලවක බුලතය තබා ගනිම් නම් සත් රියනක් යටට හාරාගෙන ගියවිට ගලක් හමුවිය හැකිය. තව දුරටත් සත් රියනක් යාමට හාරාගෙන ගියවිට ගලක් හමුවිය හැකිය. තව දුරටත් සත් රියනක් යටට හාරාගත හැකිනම් එකී ස්ථානගතව ජලය ඇත.

6.රහසඟ ආශි‍්‍රතව බුලතය තබා ගති නම් සත් රියනක් යට ජලය ඇති බවට ශුභවාදී ලකුණකි.

7.බුලතය යටිබඩ තබා ගත්තේ නම් රියනක් යටදී ගැඩවිලෙකු හෝ මැඬියෙකු සිටිය හැකිය. ඊට යටින් ගල ඇත. එය කඩා දැමූවිට ඊට යටින් කිරිමැටි ඇත. ඊටත් රියන් පහක් යට ජලය ඇත.

8.උදරයෙහි බුලතය තබා ගත්තේ නම් එම ස්ථානයෙහි ස්ථිරවම ජලය නොමැත.

9.ළපටි බුලතය ගත්තේනම් එකී ස්ථානයෙහි ජලය ඇතත් කලකෝලාහල මාරාන්තික විපත්ති ළඟා කරන සුළුවෙයි.

10. බුලතය පිටෙහි තබා ගත්තේ නම් එකී ස්ථානය එකී ස්ථානයෙහි ජලනහර නොමැත. සය රියනට ඈතින් ජලය ඇත.

11. පියයුරු අතරෙහි පපුවෙහි බුලතය තබා ගත්තේ නම් රියන් 03කදී හෝ රියන් 09කදී මහත්වූ ගල...ජලය ලබා ගැනීමෙහිලා ඉතාම දුෂ්කර වෙයි.

12. බාහුව මත බුලත් කොළය තබා ගත්තේ නම් ගලක් ළිඳ හාරාගෙන යන විට ජලය ආසන්නයේදීම හමුවෙයි. එම ගල කුඩා හාරාගෙන යනවිට ජල නහර මතු කෙරෙයි.

13. උරහිසක බුලතය තබාගත්තේ නම් භාරකාර වී ළිඳ කපනු. ළඟම ජලය මතුවෙයි.

14. මුඛයෙහි බුලතය තබා ගත්තේ නම් මිරිකුණ ඉස්ම වැනි දිය බේරෙයි. එයින් බඹතුනක් පමණ උල්පත් මතුකෙරෙනු ඇත.

15. නාසය මත බුලතය තබා ගත්තේ නම් රියනකින් යට මැඩියෙකු හමුවෙයි. බඹ හතරක් යටට ගිය විට ජලය මතු කෙරෙයි.

16. දත්වල බුලත්කොළය තබා ගත්තේ නම් අතෙකු සමාන ගලක් හමුවෙයි. බිඳිය නොහැකිය.

17. බෙල්ලෙහි බුලත් කොළය තබා ගත්තේ නම් මිනිරන් හා සමාන ගල්කුළු ඇත. ඊට නැඟෙනහිර රියන් 06කට දුරස්ථව රියන් 06කට යටින් ජලය ඇත.

මේ අනුව පැන් කළයෙන් බුලත් කොළෙන් ඉඩමෙහි ජලය ඇති නැති බාධා අවහිර දුෂ්කරතා දැන ළිං කපන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.