කුජ සිකුරු දැකීමෙන් සටන් නළුවකු වූ රොබින් ප්‍රනාන්දු

ජනවාරි 12, 2024

 

ආරියරත්න කහවිටයන්ගේ බලවත් ඉල්ලීම පිට සිංහල සිනමාවට එක් වූ රොබින් ප්‍රනාන්දු චිත්‍රපටි 200කට පමණ රංගනයෙන් දායක වූ බව කියා තිබේ. පසු කාලය තුළදී ඔහු පුංචි තිරයද ජයගත් බව අප විසින් දක්නා ලදි. රොබින් ප්‍රනාන්දු සිනමාවේදී වඩාත් කැපී පෙනුණේ සටන් නළුවකු, සටන් අධ්‍යක්ෂකයකු හා චිත්‍රපටි නිෂ්පාදකයකු වශයෙනි. ඊට අමතරව විවිධ වූ ක්‍රීඩාවන් එනම් ජිම්නාස්ටික්, කරාතේ, ජූඩෝ, බොක්සිං හා අනිකුත් ක්‍රීඩාවන්ද හොඳින් ඉගෙන ගත් පුද්ගලයකු බව ඔහුව හොඳින් දන්නා අය දනී. ඔහු ඉපදී ඇත්තේ 1937.06.15 වෙනි දිනය. මා වෙත ලබා දුන් වේලාවට අනුව ඔහු ඉපදී ඇත්තේ රවි හිමි සිංහ ලග්නයෙනි. නවාංශකය වී ඇත්තේ බුධ හිමි මිථුන නවාංශකයයි. ඔහුගේ ජන්මපත්‍රය සකස් වී ඇත්තේ මේ ආකාරයෙනි.

පුවපල් නැකතේ (3) වන පාදයෙන් උපන් ඔහු ජීවිතයෙන් සමු ගත්තේ 2022.01.08 වෙනි දිනය. දැන් අපි ඔහුගේ ජන්ම පත්‍රය ඔහුට බලපා ඇති ආකාරය පිළිබඳව විමසා බලමු.

මෙහි තිබෙන බලවත් යෝග මොනවාද, මෙම කේන්ද්‍රයේ පරිවර්තන යෝග දෙකක් යෙදී ඇත. ඡ්‍යොතිෂයේ සටනට ක්‍රීඩාවට පි‍්‍රය කරන ග්‍රහයා කුජය.

සිංහ ලග්නයට යෝග කාරක ග්‍රහයා වන්නේ කුජය. බලන්න රූපසටහනේ කුජ (3) වැන්නේ අතර සිකුරු (9) වැන්නේය. තුන්වැන්නාධිපති (9) වැන්නේත් 9 අධිපති තුන්වැන්නේ සිටීම බලවත් පරිවර්තන යෝගයකි.

ජන්ම පත්‍රයක තුන්වැන්නෙන් කියවෙන්නේ ධෛර්ය වික්‍රමය, හැකියාවන් පිළිබඳවයි. කුජ, සිකුරු දැකීමත්, සිකුරු කුජ දැකීමත් නිසා ඔහු සිනමාවේදී වඩාත් කැපී පෙනුනේ සටන් නළුවකු, සටන් අධ්‍යක්ෂකයකු වශයෙනි. ඔහු රඟපා ඇති චිත්‍ර පටි අතර හාර ලක්ෂය චණ්ඩියා, සංඛපාලි, සිරිපාල හා රන්මැණිකා, හත්ති වියරුව, චුට්ටේ හා රතු මකරා වැනි චිත්‍රපටවලදී ඔහුගේ හැකියාවන් හා දක්ෂකම් රසිකයින් අගේ කොට තිබේ.

නවාංශක කේන්ද්‍රය එහි ගුරු පිහිටියේ (8) වැන්නේය. මේ නිසා ගුරු වර්ගෝත්තම වේ. ඔහුගේ ජන්මපත්‍රයට අනුව අට (8) වැන්නාධිපති (6) වැන්නේ වන අතර (6) වැන්නාධිපති (8) වැන්නේය.

මෙයද පරිවර්තන යෝගයක් වන අතර, විපරීත රාජ යෝගයකි. එසේ වුවත් ගුරු – ශනි පරිවර්තන වීමෙන් ඔහුට විවිධ රෝග හා විවිධ අසාධාරණකම් හා කෙනෙහිලිකම්වලට ලක්වීමට සිදු වූ බව මා සමඟ පවසා ඇත. මේ සුවිශේෂි නළුවා ඉන්දියාවේ ඉපදුණා නම් ඔහුට අමිතාබ්බච්චන් වැනි නළුවකු වීමට පවා ඉඩ තිබුණි. එසේ වීමට හේතු වූයේ ගුරු හා ශනි අතර පරිවර්තනය වීමෙනි. මේ ජන්ම පත්‍රයට අනුව ලග්නාධිපති රවි (11) සිටීමත් කෝටියක් දෝෂ භංග වන පිහිටීමකි. පූර්ණ චන්ද්‍රයා ලග්නයේ සිට කුජ බුධ කේතු දැකීමත් කඩවසම් පෙනුමක් තියුණු බැල්මක් ඔහුට ලබාදී තිබේ. රොබින් ජීවිතයෙන් සමුගන්නා විට ඔහු ‘පාකින්සම්’ නැමැති රෝගයෙන් පීඩාවිඳි බව අපි දනිමු. ඊට හේතු වූයේ උපන් නැකතින් (8) වන දශාවත් ලැබීමත් බුධ රාහුගේ දෘෂ්ටියට ලක් වීමත් නවාංශකයේ බුධ නීචව කුජ රවි – ශනි දෘෂ්ටියට ලක් වීමත් නිසාවෙනි.

සිනමාවේදී ඔහු වීරයා හා දුෂ්ටයා වුවද සැබෑ ජීවිතයේ ඉතා දැහැමි හා නිහතමානි දිවියක් ගත කළ බව ශ්‍රී ලාංකික රසිකයන් දැන සිටියේය. ඔහුගේ (22) දෙවැනි දෙර්කාණාධිපති ගුරු වූ අතර බාධක ග්‍රහයා කුජය. එසේ වුවද කුජ සිකුරුගේ පරිවර්තනයන් කුජ, සිකුරු දැකීමක් නිසා ඔහු සිනමාව හා පුංචි තිරය ජයගත් සිනමා ජ්‍යෙෂ්ඨ රංගවේදියෙකි.

 

ඡ්‍යොතිෂවේදී නන්දසේන වීරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.