වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
මාර්තු මාසයේ උපන් පෞද්ගලික අංක 4,5,6 හිමි ඔබ ගැනයි...
දෙසැම්බර් 15, 2023
මාර්තු මාසයේ 4, 13, 22, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
ඉතාම දුක්ඛිත ළමා කාලයක් උරුමකර ගනිමින් මෙම දිනවල පුද්ගලයන් උත්පත්තිය ලබයි. දෙමාපියන්ගෙ ආදරය අහිමිවීම අධ්‍යාපනය බිඳ වැටීම, ආනාරක්ෂිතවීම වැනි දුෂ්කරතාවලට බහුලව ඔවුන්ට මුහුණ දීමට සිදුවන කාරණාය. ප්‍රබල විවේචනයන්ට ලක්වීම නිරන්තරයෙන් සිදුවේ. පවුලේ නෑදෑ හිතවතුන් නිසා පීඩාවට පත්වේ. එසේම මෙදින උපන් අයවලුන් ගූප්ත ශාස්ත්‍ර හැදෑරීම අධ්‍යයනය කිරිම වැනි කාරණාවන් සම්බන්ධයෙන් විශේෂ කැමත්තක් දක්වයි. තවද ගුප්ත විද්‍යානුකූල අත්දැකිම් ජිවිත කාලය පුරාවට ග්‍රහණය කර ගන්නා අතර නමුත් ඒ සියලු දේම රහසක් වශයෙන් තබා ගැනීම මොවුන්ගේ සිරිතයි. හොඳ ඉවසීමේ ගූණයක් මොවුන් සතුය. මුදල් කටයුතුවලදි ප්‍රවේසම්කාරි ලෙස කටයුතු කිරිම දැකිය හැකිය. සියලු ආකාරයේ මුදල් ඔට්ටු තැබීම මොවුනට සාර්ථක වන්නේ නැත. ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිවෙකු විශ්වාස නොකළ යුතුය. එම ස්වභාවය ඔවුන් තුළ පවතින බැවින් ගැටලු ඇති නොවේ. බොහෝවිට ආර්ථිකය උරුමයක් ලෙස ලැබෙනු ඇත. පැරණි භාණ්ඩ එකතු කිරීමට කැමැත්තක් දක්වයි.
මොවුන් සෑම කටයුත්තක් සඳහාම 1 2 7 10 11 16 19 20 25 29 යන දිනයන් හෙවත් අංක 1 2 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. රන්වන් පැහැය කහ තඹ රන් දුබුරු පැහැය සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 5, 14, 23, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා බුධ ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
මෙම දිනවල උපන් අය ස්වභාවයන් දෙකක් යටතේ හඳුනා ගත හැකිය. සමහර විට පූර්ණ දුර්වලතාවයන්ට පත්වු සහ ඉතා සාර්ථක පුද්ගලයන් ලෙස හඳුනාගත හැකිය. මෙය තිරණය වන්නේ ඔවුන් ඔවුන්ගේ ශක්තිය වර්ධනය කර ගන්නා ආකාරය මතයි. මොවුන් ස්වකීය ශක්තිමත් පාර්ශ්වය දියුණු කරගෙන ඉදිරියට පැමිණෙන්නේ නම් සෑම දුර්වලකමක්ම මේ අය ඔවුන්ගේ වාසියට පවරාගනු ඇත. මුදල් සම්බන්ධ කටයුතුවලදි අවදානම් භාර ගැනීමේ ස්වභාවයක් මේ අය වෙත පවති. තවද සූදු සහ ඉක්මනින් මුදල් සෙවීමේ ක්‍රමවේද කෙරෙහි සොයා බලනු ඇත. නමුත් ආර්ථිකය ඉතා ප්‍රබල ලෙස දෝළනය වේ. පදිංචි නිවෙස නිතර නිතර වෙනස් වේ. සංචාරයන් සඳහා විශේෂ කැමැත්තක් මොවුන් තුළ පවති. විවිධ ප්‍රදේශ සහ ඒවායේ ඉතිහාසය පිළිබඳව ඉතා හොඳ දැනීමක් ඔවුන් සතුවේ. වසරේ මෙම කාලයේ උපන් අය ඉතා ඉහළ දක්ෂතාවලින් යුක්ත නමුත් ඔවුන් පොහොසතුන් ලෙස මිය යන්නේ නැත. විශාල ව්‍යාපෘතින් සඳහා මුදල් යෙදවීම දැකිය හැකිය. නමුත් පූර්ණ බලය තමා අතින් ගිලිහි ගිය හොත් ගැටලුවලට මුහුණපෑමට සිදුවේ. මෙම දිනවල උපන් අයට ස්නායු සම්බන්ධ රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 5 දින එනම්, 5 14 23 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරි වේ. සියලුම ළා වර්ණ සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 6, 15, 24, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර එය සිකුරුට අයිති අංකයකි.එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ.
මෙම දිනවල පුද්ගලයන් ඉතාමත් හැඟීම්බර පුද්ගලයන් වන අතර අසරණ දුක්විදින සහ ආබාධිතයන් පිළිබඳ ව දැඩි කැරණාවක් ආදරයක් දක්වනු ඇත. එසේම විශේෂයෙන් එවැනි පුද්ගලයන්ට උදව් උපකාර කිරිම මොවුන් අතින් සිදුවේ. බොහෝ යහලුවන් පිරිසක් මොවුන් වටා රොක්වන අතර සමාජශීලි භාවය ඉහළින්ම දැකිය හැකිය. කලා කටයුතුවලට විශේෂ හැකියාවක් දක්වන අතර හොටෙල් කේටරින් සේවාවන් සහ ආහාර සැපයීම සම්බන්ධ සියලු ම අවස්ථාවලට මොවුහු රුචි වෙති.ආදරය සම්බන්ධ කටයුතුවලදි ගැටලු මතුවේ.ප්‍රේම සම්බන්ධතා කිහිපයක් ඇතිවිය හැකිය. එසේම එක් විවාහයකට වඩා සිදුවිය හැකිය. බලාපොරොත්තු නොවන ධනලාභ ලැබීමේ වසනා ගුණයක් උත්පත්තියෙන්ම මොවුන්ට උරුමය. ජීවිතයේ ආරම්භයේ සිටම හොඳ සෞඛ්‍ය තත්වයක් පවතින නමුත් සුඛෝපභෝගි ජිවිතය නිසා සෞඛ්‍ය අවධානමකට ලක්වේ. මෙහිදි ක්‍රමයෙන් කොලොස්ටරෝල් ඉහළයාම අධික රුධිර පීඩනය සහ හෘද්‍යාබාධ වලටත් තුඩු දෙනු ඇත.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 6 දින එනම් 6 15 24 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. වයලට්, දම් සුබ වර්ණ වේ.
සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,
හස්ත රේඛා පරික්ෂක,
හස්ත රේඛා පරික්ෂක,
මාතලේ නාඋල
බී. ඒ. ජයවර්ධන
෴ සබැඳි ලිපි ෴
විශ්ව කේන්දරය වූ මේෂ ලග්නයෙහි 7 වැන්න වූ තුලාව විශ්වයේ පැවැත්මට සහයෝගයක් දක්වන රාශියකි. එහෙයින් තරාදියක් අතින් ගත් මිනිසෙක් සංකේතවත් කරන තුලා...
2021-11-11 18:30:00
වෙශී වොශී උභයචාරි රවි බුධ ආධිත්‍ය අර්ධ කාලසර්ප, ගජ කේශරී, යෝග බලැතිව අඟහරුගේ සුවිශේෂී දීප්තියෝග උදාවක් දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි, වෘශ්චික...
2021-11-11 18:30:00
2021.11.16 වැනි කුජ දින පැය 17.12 න් කුජ හිමි වෘශ්චික රාශියට පැමිණ ලොව පාලන බලය අතට ගෙන ක්‍රියා කරන රවි 2021.12.16 වැනි දින පහන් වීමට පෙර එහි රැඳී...
2021-11-04 18:30:00
වගකීම් සහගත ජීවිතයක පදනම විවාහයයි. එම නිසාම ශිෂ්ඨ සම්පන්න ගමනේ බොහෝ දුර ගමන් කළ හැකි බැවින් මිනිස් වර්ගයා විවාහය සඳහා විශේෂයෙන්ම ආසියාතික රටවල පූර්ව...
2021-10-28 18:30:00
දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි වෘශ්චික රවි 04 භාග ඉල් මහේ පුර පසළොස්වක පෙහෝ දින පස්වරු 02.35 වෘෂභ රාශිය කැති දෙක පාදය මූලාශ්‍රිතව විශ්ව තාරකා...
2021-10-28 18:30:00
සුසුම් යනු හුෂ්ම ගැනීම හා හෙලීම සඳහා භාවිතාවේ යෙදෙන අලංකාර විශේෂණ වචනයෙකි. කවියන් ගීත රචකයන් මෙන්ම ගද්‍ය පද්‍ය රචකයන් සිය සාහිත්‍ය නිර්මාණ කරනයේදී...
2021-10-21 18:30:00
මේ දිනවල ජන සමාජය තුළ නිතර කථාබහ වන හා අපට ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබෙන ප්රමුඛ මාතෘකාවක් වී ඇත්තේ විවිධාකාරයේ අනතුරු, ස්වභාවික විපත් හේතුවෙන් මිය යන...
2021-10-21 18:30:00
අලුත උපන් බිළිඳුගේ ජන්ම පත්‍රය නිවැරදිව සකසා එය තුන්වන ඇසක් ඇති කළ පුරුද්ද හා පළපුරුද්ද අති උතුම් ඡ්‍යොතිෂවේදියෙකුට නිවැරදිව එහි ඇති මව්පිය හා...
2021-10-14 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ පිය රජු ලෙස විරුදාවලිය ලත් සූර්ය දිව්‍ය රාජ තෙමේ කිවි හිමි තුලා රාශි ගතවීම 2021.10.17 වැනි දින ඉරිදා සිංහල පැය 17. 37 න් සිදුවේ....
2021-10-14 18:30:00
ඔබ උපන්නේ කිසියම් මාසයක 13 වෙනිදාවක 13 වෙනි පැයට විනාඩි 13 ක් (දහවල් හෝ රාත්‍රී 12.47) තිබියදී ද ? නැතිනම් ඔබ උපන්නේ 13 වෙනිදාවකද ? අංක 13 පිළිබඳව ඔබ...
2021-10-07 18:30:00
ගතයුතු ද්රව්යකිරිබත්, කෙසෙල් ගෙඩි, කැවුම්, අග්ගලා, උක් හකුරු, තලගුලි, වෙනත් කැවිලි, පලතුරු, සුවඳ දුම්, කපුරු, සුදු මල් වට්ටි දෙකක්, අබ තෙල් පහන්...
2021-09-30 18:30:00
කුජ ශනි, ගුරු ශනි ෂඩ් කෝණ දෘෂ්ටිය රවි චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ටිය, සිකුරු චන්ද්‍ර චතුර් කෝණ දෘෂ්ටිය ආශ්‍රිතව දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි තුලා රවි 01...
2021-09-30 18:30:00
ඉහත සඳහන් කළ නක්ෂත්ර 27 ට අයත් වන රාශි සහ ඒ් රාශි 12 ට අයත් වන නක්ෂත්ර ප්‍රදේශ වල විශාලත්වය මෙම සටහන් 3හි දක්වා ඇත.මෙම නක්ෂත්ර සටහන් තුන...
2021-09-23 18:30:00
අපි බොහෝ දෙනා හොල්මන් නැතහොත් අවතාර ගැන අහන්න ආසයි. හැබැයි ඒවා සත්‍ය සිද්ධීන් වන්න ඕනෑ. ඒත් දකින්න කැමති නැහැ. ඒ කැමැති නැති නිසා නොවේ. භය නිසා...
2021-09-16 18:30:00
රාශි චක්‍රයේ රාශි දොළහට ඇතුළත් වන අංශක 360ක් වන හිරුගේ ගමනට සාපේක්ෂව කොටස් දොළහකට බෙදා ඇති ආකාරයටම පෘථිවිය වටා ගමන් ගන්නා සඳුගේ ගමන් මඟට පසුබිම් වන...
2021-09-09 18:30:00
2 වන රාශිය ධනය දක්වන සටහනකි. දෙවන රාශියට අමතරව 10, 11 රාශි ගැන අවධානය යොමු කළ යුතු ය. මූල්‍යමය සාර්ථකත්වය තව දුරටත් තහවුරු කර ගැනීමේ දී ගුරු සිකුරු...
2021-09-09 18:30:00