කඩවර යක් කංකාරිය අද කතරගමදී

ජුනි 30, 2023

කතරගම දෙවියන්ගේ අදෘශ්‍ය දිව්‍ය රන් තොරණ මෙන්ම දකුණු වාහල්කඩ ආරක්ෂකයා වූ කඩවර දිව්‍ය රාජයා වෙනුවෙන් පැවැත්වෙන කඩවර යක් කංකාරිය අද (30) සවස 4.30 සිට කතරගම කඩවර දේවාල පරිශ්‍රයේදී ආරම්භ වේ.

සියලු ශ්‍රී ලංකා වාසීන්ටත් කතරගම පුදබිමට පැමිණෙන සියලු බැතිමතුන්ටත් සෙත්පැතීමට මෙන්ම මේ සාම්ප්‍රදායික කංකාරිය අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම සඳහා මෙය ආචාර්ය රංග කලංසූරිය ප්‍රමුඛ පිරිස විසින් සංවිධානය කර ඇත.

ධාතුසේන රජු හට කලා වැව තැනිය යුතු ස්ථානය පෙන්වා දුන් සෙනෙවිරත්න නම් පුද්ගලයකු කලා වැවේ බැම්ම බිඳී ගිය ස්ථානයට පැන දිවි නසා ගැනීමෙන් පසු කඩවර රාක්ෂයා ලෙස උපත ලැබූ බවත් පසුව කතරගම දෙවියන් පැවරූ දේවකාරිය ඉටු කිරීමෙන් අනතුරුව සියලු වරයන් සහිත කඩවර දිව්‍ය රාජ බවට පත් වූ බවත් ජනශ්‍රැතියේ සඳහන් වේ.

ඊයේ (29) පැවැති පේ දානයෙන් පසු කංකාරි ශිල්පීන් විසිදෙනකු පමණ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ කංකාරිය හෙට එනම් ජූලි 01 වැනිදා හිරු නැඟ ඒමට පෙර අවසන් වීමට නියමිතය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.