24දා බුධ මිථුනයට සංක්‍රමණය වෙයි

ජුනි 16, 2023

මිථුන, කන්‍යා, ධනු, මීන රාශි හිමියනට භද්‍රා යෝගය

කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික රාශි හිමියනට සස යෝගය

රාශි දොළසටම රවි, බුධ ආධිත්‍ය යෝගය

පංච කල්‍යාණි ගැහැනු දරු උපත්

ආකර්ෂණීය පිරිමි දරු උපත්

 

පංච මහා පුරුෂයෝග අතරෙන් මිථුන, කන්‍යා, ධනු, මීන රාශි හිමියනට භද්‍රා යෝග බලයද, කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික රාශි හිමියනට සස යෝග බලයද රවි, බුධ ආධිත්‍ය යෝගබල රාශි දොළසටමද යෙදෙමින් විශ්වතාරකා මන්දාකිණියෙහි ඤාණ කාරක බුධ බැබළෙයි.

ජුනි 08 මධ්‍යාහ්නය දක්වා දවස් 15ක් පුරා මිථුන, කන්‍යා, ධනු, මීන රාශි හිමියනට අසීමිත ඤාණ බලයක් උදාවෙන අතර, සියලු ක්‍රියාකාරකම් අභිමානනීය වෙමින් දක්ෂිණායන වර්ෂා සෘතුවෙහි මිථුන, රවි 10 භාගද අධි ඇසළ මහේ පුර සැටවක තිථිය ජූලි 24 වෙනි ශනි දින දහවල් 12.42 ට බුධ මිථුන රාශියට සංක්‍රමණය වෙයි.

නැඟෙනහිර ක්ෂිතිජයෙහි බුධ හිමි කන්‍යා උදා රාශියෙහි කේතු සතුරුව 02 වැන්න වූ ධන ස්ථානගතවද ප්ලුටෝ 05 වැන්නේ සතුරුවද ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව 06 වැන්න වූ නිර්ණාමික නාමික රෝග සතුරු ස්ථානගතව සෙනසුරුද ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව නැප්චූන් 07 වැන්නේද රාහු සතුරුව බ්‍රහස්පති මිත්‍රශීලීව යුරේනස් සමව 08 වැන්න වූ මෘත්‍යුස්ථානගතවද රවි සමව බුධ ස්වක්ෂේත්‍රව 10 වැන්න වූ කර්මස්ථානගතවද අඟහරු නීචව සිකුරු සතුරුව අයස්ථානගතවූ 11 වැන්නේ ද චන්ද්‍රයා මිත්‍රශීලීව වැය ස්ථානය වූ 12 වැන්නේ ද රවි 22 වෙනි මාරක දෙර්කාණාධිපති ලෙසටද බ්‍රහස්පති බාධක ග්‍රහයා ලෙසටද බුධ ග්‍රහයා මාන්දි ග්‍රහයා ලෙසටද ප්‍රකාර ග්‍රහ මණ්ඩලය විරාජමානව දර්ශනය වෙන්නේය.

ජූලි 08 මධ්‍යහනය දක්වා ජුනි 24 මධ්‍යාහ්නයෙහි සිට ආනනන්දජනක කාල පරාසයක් සිංහ රාශි ශ්‍රී ලාංකේය මෙන්ම මේෂ රාශි විශ්ව රාශි කේන්ද්‍ර රාශි සටහනටද පොදු ජනතාව සිතන ශුභවාදී කාල පරාසයක් යෙදෙන්නේ ය.

පංච කල්‍යාණි උත්පත්ති මෙම කාලසීමාව තුළ ගැහැනු දරුවන්ට ද හැඩි දැඩි ආකර්ෂණීය රූප ශෝභාවන් පිරිමි දරුවන්ටද උපතින්ම පිහිටයි. දිගුකාලීනව උදාව මෘත භද්‍ර යෝගයට උදා වූ තත්කාලීන රාශිය බුධ හිමි කන්‍යා වෙයි. අධ්‍යාපනය, ලේඛන කලාව, පොතපතට, ගුරු වෘත්තියට, චර්යා ධර්ම වර්ධනයට අතිශය ප්‍රශස්ත වෙන්නේ ය. බුද්ධිමත් ජනතාවකට ප්‍රශස්ත ග්‍රහචාරයක නිර්මාණය වෙන්නේ ද චතුර කථිකත්වයට, පුවත්පත්, සඟරා මාධ්‍යයට නව මඟක් ද කාලගුණික දේශගුණික විපර්යාසය නිර්මාණයද වෙන්නේය. සුළි සුළං, කුණාටු, ගිනි ගැනීම්, ගිනි තැබීම්, නාවික ගුවන් මාර්ග හදිසි අනතුරු බහුල කෙරෙයි. බුද්ධිමත් ජනතාවකට ප්‍රශස්ත ග්‍රහ චාරයක් නිර්මාණය වෙන්නේ ය.

මේෂ රාශිය

ආවේගශීලී ස්වභාවයක් නිතරම පාහේ මතුවීමට බොහෝ ඉඩකඩ ඇත. ඉවසීම සහ වයස තරාතිරමද සලකා තීරණ තීන්දු ගත යුතු කාලපරාසයකි. පදිංචිය ආශි‍්‍රතව තීරණ නොගැනීම යහපත් වේ.

වෘෂභ රාශිය

උත්සාහය උනන්දුව ඇතිව කටයුතු කිරීම දිනපතා ජීවිතයට හිතකර වෙයි. රැකියා ආදායම් මාර්ග ආශි‍්‍රත සතුටුදායක බවක් මතු කෙරෙයි. විරුද්ධවාදීන් පිටුපස හඹායෑමෙන් නිකරුණේ කාලය ගත නොකරන්න. සුහදශීලී බව ශුභයි.

මිථුන රාශිය

රජ්‍ය අංශයෙන් ලැබීම් ඇති වෙයි. බොහෝ දුරට විවේක සුවයෙන් දවස ගෙවීයයි. සිතැඟියාවන් ඉටුවෙයි. ආර්ථිකය නොදැනුවත්වම සතුටුදායක බවක් ගනී. සාමාන්‍ය රෝග මතුවේ.

කටක රාශිය

ඇවිදිලි සහගතබව අඩුකර ගැනීම නුවණට හුරු වෙයි. ලැබීම් අංශ අස්ථාවර බවක් පෙන්වයි. නව පදිංචි ස්ථාන පිළිබඳ කුමන්ත්‍රණ හෝ රෝගාබාධ තත්ත්වයන් මතුවිය හැකිය.

සිංහ රාශිය

නිතර කඩාකප්පල්කාරී පසුබිමක් මතු කෙරෙනු ඇත. පවුලේ වැදගත් අවශ්‍යතා මුදුන්පත් කරගත හැකිය. උත්සාහය, උනන්දුව, කැපවීම අනුව බාධක ජයගත හැකිය. රාජ්‍ය අංශයෙන් ප්‍රතිලාභ ගලා එන කාලයකි.

කන්‍යා රාශිය

වැඩි දෙනා ඇසුරු කිරීමට ලැබෙයි. බොහෝදුරට නිෂ්ඵල ගමන්බිමන් වියදම් අධික වෙයි. කා අතරත් ජනපි‍්‍රය චරිතයක් බවට පත් වෙයි. ජීවිතය පුරා පැවතෙන නව ගමන් මඟක් ඇරඹෙන බවක් පෙනෙයි.

තුලා රාශිය

නිතර විනෝදය සැපත සම්පත් කෙරෙහි යොමු වෙයි. පොදු ජන සමාජයෙන් කීර්ති ප්‍රශංසා ලබයි. රැකියා ආදායම් මාර්ග වාසිදායක බවකට හැරෙයි. බොහෝ දෙනා අතර කැපී පෙනෙයි.

වෘශ්චික රාශිය

පදිංචියෙහි නවතාවයක් උසුලයි. අනායාසයෙන් උසස් බවක් ගනු ලබයි. අවහිර බාධක දුෂ්කරතා දුරු වෙයි. සතුටින් සනීපයෙන් කාලය ගෙවීමෙහි අවස්ථා නිතරම උදාව පවතියි.

ධනු රාශිය

තැන්පත් ධනය, පදිංචිය, හිතවත් ඇසුරුකම් ආශි‍්‍රත හැල හැප්පිලි මතු විය හැකිය. කාලය නිතර අපතේ යන බවක් පෙනෙයි. උත්සාහය උනන්දුව මත ජීවිතය ඵලදායි බවට පරිවර්තනය කරගත හැකිය. කෙසේ වුවත් උසස් ජීවන තත්ත්වයක් මතුවෙයි.

මකර රාශිය

නිතර කැපීපෙනෙන අවස්ථා උදාවිය හැකිය. පවුලෙහි මතභේද මතු කෙරෙයි. තැන්පත් ධනය දේපළ වස්තුව පිළිබඳ ගැටලු මතු වෙයි. අරමුණු සඵල වෙයි. උත්සාහය උනන්දුව ජයගනියි.

කුම්භ රාශිය

ආරම්භ කරන ලද කටයුතු උසස් තත්ත්වයකට නැඹුරු වෙයි. සතුටුදායක ජීවන මාර්ගයක් පෑදෙයි. පවුලේ දියුණුව මතුවෙයි. පින්දහම් කිරීමට පෙලඹෙයි.

මීන රාශිය

සුළඟට අසුවුණා මෙන් ජීවන මාර්ගය සතුටුදායක වෙයි. පෙර පින් ඵල දෙයි. ආරම්භ කරන ලද කටයුතු දියුණු වෙයි. සතුරු කරදර වෛර බැඳීම් ඇතිවෙයි. පුණ්‍ය කටයුතු සාර්ථක කෙරෙන පෙර පින් පලදෙන කාලයකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.