වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
මිනිසාගේ පාලනය ග්‍රහයින් නිසා සිදුවෙන බවක් සිතිය හැක. පෙර කර්ම ශක්තියත් උපයෝගී වෙන බවත් අපට පෙනේ. පෙර නවග්‍රහයින් ලෙස සැලකූ ග්‍රහ වලල්ල අද දොළොස් ග්...
2022-07-14 18:30:00
අනාදිමත් කාලයක සිට මිනිසාගේ සැලකිල්ලට යොමුවූ තවත් අංශයකි දේහ ලක්ෂණ විද්‍යාව. කෙනෙකු දුටු පමණින් ඔහුගේ හෝ ඇයගේ ශරීර අංග පිහිටා ඇති ආකාරය අනුව ඔවුන්ගේ...
2022-07-14 18:30:00
ඡ්‍යොතිෂ් ශාස්ත්රයේ ඉතාමත් වැදගත් පාඩමකි පොරොන්දම් පරීක්ෂාව. තවද කිසියම් අවිවාහක යුවළකගේ වැදගත් සන්ධි ස්ථානයක් කිවුවත් වැරදි නැහැ. පොරොන්දම්...
2022-07-07 18:30:00
ඇඹිලිපිටිය උඩවලව ප්‍රදේශයේ නක්ෂත්රය ගැන දැනුමක් ඇතුව සිටි හපන්වි ආතා නමැති පැරණි ගොවි මහත්තයෙක් ලද අත්දුටු සිදුවීම් මීට වර්ෂ කීපයකට ඉහත මා වෙත සපයන...
2022-07-07 18:30:00
වෛද්‍යවරයෙක් ස්කෑන් යන්ත්‍රයක් ආධාරයෙන් කුසේ සිටින දරුවාගේ ස්ත්‍රී /පුරුෂ භාවය පවසන ආකාරයට තත්කාල ශාස්ත්‍රඥයාට තත්කාල කේන්දර සටහනක් උපයෝගි කරගෙන කුසේ...
2022-06-23 18:30:00
නව නීති පැනවේ2022 ජූලි මස 16 වැනි ශනි දින පැය 41.55න් ලොව පාලනය කරන රවි ග්‍රහයා සඳු හිමි කටක රාශියට පැමිණ අගෝස්තු මස 17 දින තෙක් එහි රැඳී ගමන් කරනු...
2022-06-23 18:30:00
2022 ජුනි 27 සිට 2022 ජුලි 13 දක්වා කාලයේ මහා පුරුෂ යෝග හතරක්ම යෙදෙන අතර ජූලි දෙකෙන් පසු පංච මහා පුරුෂ යෝගයන් පහම යෙදෙනු ඇත. එම යෝග නම් කුජ රුචක, භද්...
2022-06-16 18:30:00
ලග්නාධිපති බුධ සමඟ යෝගව ලග්නයේම සිටී නම් ඉගෙනීමට වඩාත් හොඳ වේ.ලග්නය වූ කලී සමස්ත ජීවිතයම විග්රහ කෙරෙන ස්ථානයයි. මේෂ, වෘෂභ, මිථුන, කටක ආදී වශයෙන්...
2022-06-16 18:30:00
චන්ද්‍ර සිකුරු + චන්ද්රබුධ ත්‍රිකෝණ දෘෂ්ටිය – ශනි සිකුරු + ශනි බුධ චතුර්කෝණ දෘෂ්ටිය පංචමහා පුරුෂ යෝග අතරින් වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ...
2022-06-09 18:30:00
පෙරට වඩා අද කාලයේ තම හැකියාව තුළින් තමාගේ ම වූ ව්‍යාපාරයක් ආරම්භ කර ව්‍යවසායකයන් බවට පත්වීමට සිහින දකින හා ඒවා අරඹා දියුණුවට පත්වීමට හැකියාව...
2022-06-09 18:30:00
මානව ඉතිහාසය දෙස තෙවැනි ඇසින් විපරම් කර බැලීමේදී බලය හා නායකත්වය සඳහා අතිශයින් උග්‍ර තරගකාරි තත්ත්වයක් දෝලනය වන බැව් පෙනේ. ඈත යුගවලදී පවා...
2022-06-09 18:30:00
දැනට ශ්‍රී ලංකා කේන්දරයේ කුම්භ රාශියේ ගමන් ගන්නා එහි ලග්නාධිපති සෙනසුරු 2022 ජුනි මස 04 වෙනි ශනි දින තමාට මිත්‍ර බුධ ග්‍රහයාගේ අස්ලිස නැකත යෙදී...
2022-06-02 18:30:00
පසුගිය සතියේ මෙහි පළමු කොටස පළවිය. ජන්ම පත්‍රයක පස්වැන්න වූ කල්හි ජන්මියාට අන්තර් ඥානය, දුර දක්නා නුවණ යන උසස් ඥාන...
2022-06-02 18:30:00
ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ ලග්නාධිපති සෙනසුරු සස යෝග බලයෙන් බලවත්ව ලග්නයේ ගෝචර වෙමින් 10 අධිපති කුජ සමඟ නැකැත් මාරු කර ගනිමින් ගමන්...
2022-05-26 18:30:00
අතීතයේ දී මෙන් නොව වර්තමානයේ ඕනෑම පුද්ගලයකුට කිසියම් වෘත්තියක යෙදීමට අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතුය. එහෙයින් එදාට වඩා අද වෘත්තීය ජීවිතය සාර්ථක කර...
2022-05-26 18:30:00
ගැටලුව ඔබෙන්-පිළිතුරු අපෙන්ඉදිරි අනාගතය කෙසේවේ ද?ගොඩගම වීනා වයස - 61 ,පිළිතුර - වෘශ්චික ලග්න, කුම්භ නවාංශක, සුවන නැකත හිමිව ජන්මය ලද ඔබ දැනට ගත...
2022-05-19 18:30:00