වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
ලොව පුරා පැතිර පවත්නා තරගකාරී ජීවන රටාව හරහා මුදල් වලට හිමි වී ඇත්තේ ප්රමුඛස්ථානයකි. මුදල් ඇත්නම් කරන්නට බැරි දෙයක් මෙලොව නැති තරම් යැයි අද කවුරුත්...
2022-05-19 18:30:00
උපදින හැම සත්වයකුම මරණයට පත්වීම ස්වභාවිකය. එය කෙසේ කවදා කොහොම සිදුවේද යන්න නියත වශයෙන්ම කිවහැකි කෙනෙකු මෙලොව නොමැත. එහෙත් එය ඡ්‍යොතිෂයට අනුව අනුමාන...
2022-05-19 18:30:00
ලොවක් පාලනය වන්නේ ස්වභාවධර්මයාගේ සිදුවන ව්‍යුවහයට සාපේක්ෂව දිචුන ක්‍රියාවලියකින්. ස්වභාව ධර්මයට අනුගත නොවන කිසිවක් මේ ලෝකයේ නැති බවයි පතපොතේ සඳහන්...
2022-05-19 18:30:00
සෙනසුරු අපල සපල කර ගැනීමට වත්පිළිවෙත් මෙන්න සෙනසුරු වෙනුවෙන් සකස්කරන ලද නවග්‍රහ මංජුසාවක් අදාළ දින 09 ක කාලයක් පිළිවෙත් කොට සෙනසුරාදා දිනක...
2022-05-12 18:30:00
වෙසක් මස පුරපසළොස්වක දා බුදුහිමි උපන්නේය. ඒ කටක ලග්නය හා විසා නැකතිණි. මෙය ඉතා බලවත් වෙසක් පොහොය දිනක උපතක් බව අපට උන්වහන්සේ ලැබූ බුදුබලයෙන් පසක් වේ...
2022-05-12 18:30:00
2022 මැයි මස 15 වෙනි ඉරිදා පෙරවරු 5.29ට ලෝක පාලක සූර්ය දිව්‍ය රාජතෙම සිකුරු හිමි වාෂභ රාශියට පැමිණ ජුනි මස 15 දින උදේ කාලය වනතුරු එහි ගමන් ගනී...
2022-05-05 18:30:00
අද සූදානම් වන්නේ, හැමදෙනාම කතාකරන දෙයක් ගැන ලියන්නයි. ඒ තමයි කුජ දෝෂය. ජ්යෙතිෂවේදය ගැන දන්න අයයි නොදන්න අයයි හැමෝම නිකමට හරි අහලා තියෙන වචනයක්...
2022-05-05 18:30:00
නිමිති ශාස්ත්රයේ නිමිති වර්ග පහක් පිළිබඳ සඳහන් වේ.ඉන්ද්රිය ගෝචර නිමිති, සිද්ධි නිමිති, මනෝ නිමිති,ස්වප්න නිමිති සහ නිර්මාණ නිමිති වශයෙනි. ඉන්...
2022-05-05 18:30:00
අද අපි ඔබට කතා කරන්නට සූදානම් වන්නේ, ඔබේ කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව ධනවත් බවට පත්වන්නේ කෙදිනක ද යන්න ගැනයි. ඔබේ ලග්නය කුමක් වුවත් ග්‍රහ පිහිටීම,...
2022-04-28 18:30:00
සුවහසක් දූ දරුවන්ගේ නැණැස පාදන්නට උර දුන් ගුරු පියකු ලෙසත් ග්රන්ථ සියයකට අධික සංඛ්‍යාවක් රටට දායාද කළ දක්ෂ ලේඛකයකු, කවියකු සහ ගීත රචකයකු ලෙසත් ඡ්...
2022-04-21 18:30:00
නව නිවෙසක්, ව්‍යාපාරික ස්ථානයක් සඳහා ඉඩමක් තෝරා ගැනීමේ දී යම් භූමි පරීක්ෂාවක් සිදු කිරීම ඉතා වැදගත් ය. කාර්ය බහුලත්වය හා ආර්ථිකමය හේතු නිසා මේ කාරණය...
2022-04-21 18:30:00
කේන්දර පරීක්ෂාවෙන් කියැවෙන යුගදිවි තොරතුරුපුරුෂ කේන්දරයක් ගෙන පරීක්ෂා කිරීමේදී ඔහුගේ සහකාරියගේ සියලුම තොරතුරු පැවසීමට ක්ෂේත්රයේ හසළ දෛවඥවරයකුට...
2022-04-21 18:30:00
කාලසර්ප යෝගය පිළිබඳව කතා කරන්නට හුරු පුරුදු වූයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය හරහාය.විශේෂයෙන්ම ඡ්‍යොතිෂ පුවත්පත් බිහිවීමත් සමඟම එනම් හැටේ දශකයේ දී...
2022-04-14 18:30:00
ගුරු ග්‍රහයා බලවත් වු විට උස්වු දේහයක් හිමිය. රන්වන්පාටින් දිදුලන ඝන වූ කැරලි ගැසුණ කෙස්කළඹක් හිමිවෙයි. දිගටි ඇස්වලින් හෙබි ඔවුන්ගේ පපුව පළල්ය. ඉඟටිය...
2022-04-14 18:30:00
දැනට වෘෂභ රාශියේ ගමන් කරන රාහු ග්‍රහයා 2022 අප්‍රේල් මාසේ 12 වෙනි අඟහරුවාදා හරියටම දවල් 02.48ට දැනට ගමන් කරන වෘෂභ රාශියේ සිට මේෂ රාශියට පිවිසෙන...
2022-04-07 18:30:00
අපේ‍්‍රල් මස 14 වැනි බ්‍රහස්පතින්දා උදේ 08.41ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි. සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්තිය...
2022-04-07 18:30:00