වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඡ්‍යොතිෂ ලිපි -6
දෙදෙනෙකු විවාහයක් සඳහා එළඹීමේදී මූලිකව පොරොන්දම් බැලීම අනිවාර්යයෙන්ම සිදු කරනු ලබයි. පොරොන්දම් බැලීම් විවිධ ක්‍රම රාශියකි. ඒ අතර සාම්ප්‍රදායික විවාහ විසි පොරොන්දමට සුවිශේෂි ස්ථානයක් හිමිවේ. එම සාම්ප්‍රදායික විවාහ පොරොන්දමේ විද්‍යාත්මක පැති කඩ පිළිබඳ සරල විග්රහයක යෙදීම මෙම ලිපියේ මූලික අරමුණයි.
පොරොන්දම් බැලීමේ විවිධ ක්‍රමවේදයන් ඇත. එහෙත් අප රටේ විශාල වශයෙන් ප්‍රචලිත ව ඇත්තේ මෙම විසි පොරොන්දම වේ. එහි අංග 20 ක් ඇති බැවින් එම නම අන්වර්ථ වේ. එසේ වුවද විසි පොරොන්දම ගැලපීමෙන් පමණක් නිවැරදි තීරණයකට එළඹීමට නොහැකි බැව් පළපුරුදු ඡ්යොතිර්වේදීන්ගේ අදහස වේ. දෙදෙනාගේම ජන්ම පත්‍රවල ග්‍රහ ගැලපීම් මෙන්ම කුජ දෝෂ, ශනි මංගල දෝෂ, ඇතුළු තවත් කරුණු රාශියක් පිළිබඳ අවධානය යොමු කිරීමෙන් අනතුරුව ඒවා ගැලපෙනවානම් පමණක් පොරොන්දම් ගැලපීම සිදු කළ යුතුය. මෙම විවිධ පොරොන්දම් විශ්ලේෂණය කිරීමේදී නිවැරදි තීරණයක් ගැනීමට හැකි වන අංශ මොනවාදැයි තෝරා බේරා ගැනීම අපහසු නොවේ. දැනට ප්‍රචලිතව ඇති තවත් පොරොන්දම් වර්ග කීපයක්ද පහතින් දක්වා ඇත.
විසි පොරොන්දම
අෂ්ඨකූටය
සුදර්ශන චක්‍රය ( මෙය ග්‍රහ ගැලපීම සැසඳීමකි)
ඒක දින පොරොන්දම
දශ පොරොන්දම ( මෙය විසි පොරොන්දමට අමතරව බලනු ලැබේ)
විසි පොරොන්දමට අමතරව පොරොන්දම් 25 ක් පමණ බලන ආය වර්ග
පොරොන්දම යෝගිනි පොරොන්දම, චන්ද්‍ර යෝග පොරොන්දම , යුජි වර්ග විභාගය, නක්ෂත්රාධිපති පොරොන්දම, අයවැය පොරොන්දම, ආදී විවිධ අංග නොයෙකුත් ගුරු කුල විසින් පරිශීලනය කරනු ලබන බැව් පෙනේ.
කෙසේ වුවද අපට විසි පොරොන්දම, අෂ්ඨකූටය, සුදර්ශන චක්‍රය යන අංග 3 න භාවිතයෙන් ඉතාම නිවැරදි අන්දමේ විවාහ පොරොන්දම් ගැලපීමේ තීරණයකට පැමිණිය හැකිය. අප දැන් සාම්ප්‍රදායික විවාහ පොරොන්දමේ විද්‍යාත්මක පැතිකඩ පිළිබඳ සරලව විමසා බලමු.
විසි පොරොන්දම
නැකැත් පොරොන්දම – දෙදෙනාගේ පෞරුෂය සහ පවුලේ අත්‍යාවශ්‍යම අංග ගැලපේදැයි බැලීම
ගණ පොරොන්දම – පුද්ගලයාගේ ස්වභාවය පරීක්ෂා කෙරේ.
මහේන්ද්‍ර පොරොන්දම – විවාහ දිවියේ ආයුෂ හා දරු සැප බැලේ
ස්ත්‍රී දීර්ඝ පොරොන්දම –පුරුෂයාට ස්ත්‍රිය සතුටු කළ හැකි හෝ නොහැකි බව පරීක්ෂා කෙරේ.
යෝනි පොරොන්දම – ලිංගික ජීවිතයේ ගැලපීම පරීක්ෂා කෙරේ.
රාශි පොරොන්දම – අභ්‍යන්තර ගති පැවතුම් හා සිතුම්පැතුම් ගැලපේදැයි පරීක්ෂා කෙරේ.
රාශ්‍යාධිපති පොරොන්දම – දෙදෙනාගේ අදහස් උදහස් හා ජීවන ප්‍රතිපත්ති පරීක්ෂා කෙරේ.
වශ්‍ය පොරොන්දම – අන්‍යෝන්‍ය බැදීම පරික්ෂා කෙරේ.
රජ්ජු පොරොන්දම – කායික සම්බන්ධතා පරීක්ෂා කෙරේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>