වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
සඳු සිකුරු යෝගය
අගෝස්තු 9, 2019
ඡ්‍යොතිෂයේදී සුබ ඵලදෙන ග්‍රහයින් දෙදෙනෙකු හැටියට සඳු සිකුරු හඳුන්වා තිබේ. මේ දෙදෙනාගේ සංයෝගය සෑම මසකට වරක් යෙදේ. එබැවින් මෙය දුර්ලභ යෝගයක් ම නොවේ.
ජන්මියාට මෙම සඳු සිකුරු යෝගය යෙදීමෙන් ලෞකිකමය සැපසම්පත් ගෙනදේ උච්ච බලයෙන් සඳු සිකුරු යෙදීම සුබඵල දෙන අතරම පාපීන්ගේ පෙනීම හරහා වෙනස් වනු ඇත.
විවාහයේ වැදගත්ම අංශය වූ ලිංගික තෘප්තිය පිළිබඳ නිසි වගකීම දෙදෙනාට පැවරී තිබේ. මේ ග්‍රහ සංයෝගය කොතැනක යෙදුනත් ඔහුගේ හෝ ඇයගේ මනස කාමුක හැඟීම්වලින් පිරී ඉතිරී යයි. මේ යෝගය නරක තැනක පිහිටීම යෝග්‍ය නොවේ. සතුරු රැසක දෙදෙනා සිටීම නිසා අශුභ ආකාරයට සල්ලාලකමට යොමුවිය හැකි ය. පුරුෂයාටත් ස්ත්‍රියටත් එසේම ය. සමහර විට අසුබ අයුරින් පිහිටීම නිසා යුගදිවිය නීරස බවට පත්වීමේ ඉඩකඩ පෑදේ. යුගදිවියේ දෙදෙනාගේ බැඳීම ආදරය ආලය සහජීවනය අත්‍යවශ්‍ය කරුණු ය.
බොහෝවිට විවාහය බිඳ වැටෙන්නේ සහකරුගේ සහකාරියගෙන් නිසි තෘප්තිය නොලැබීම නිසාය. පොරොන්දම් ගැළපීමේ දී මේ ගැනත් වැඩියෙන් පරීක්ෂා කළ යුතුමය. තම සහකරු හෝ සහකාරියගේ නිසි ලිංගික සුවයක් නොලැබීම නිසා තම වගකීම් යුතුකම් නොකිරීම නිසා ගැටලු වහා පැනනගී.
බොහෝවිට විවාහය දෙදරා යෑම සිදුවේ. මේ සඳු සිකුරු යෝගය පිහිටි විට ඉඳුරන් පිනවීමට නිතැතින්ම පෙලඹේ. එය හරියාකාර නොලැබුණහොත් එතැන මානසික තත්ත්වය වෙනතක හැරේවි.
මේ ගැන හොඳින් සිතා බලා තමාගේ සහකරු හෝ සහකාරිය සොයා ගත යුතු යි. සඳු, කුජ හා ශුක්‍ර 7 වැන්නේ සිටි අයෙකුට 7 වැන්නේ කේතු සිටීමෙන් කායික ප්‍රශ්න ඇතිවීම වළක්වනු බැරිය. මේ කේන්ද්‍ර හිමියා වෘෂභ ලග්නකරුවෙකි. හත වෘශ්චිකයේ චන්ද්‍රයා නීචව ශුක්‍ර සමග යෝගව ඇත. මේ දෙදෙනාම කිසිදු ශුභ ග්රහයෙකුගේ හෝ අශුභ ග්රහයෙකුගේ පෙනීමක් නොවෙති. මීන නවාංශකය විය. විවාහවීමට පෙර නොමනා සබඳතා ගොඩ නගා ගෙන තිබිණ. රවි බුධ ශනි හය වැන්නේ සිටීම එයට හොඳ සාධකයකි.
24 වියේ දී විවාහ විය විවාහයෙන් පසු වෙනත් සබඳතා ගොඩනඟා ගන්නීය. ගුරු දශාවේ ශනි අන්තරය තුළ බිඳ වැටින. මුළු ජීවිතයම නීතිමය රැහැනටද කොටු විය. ජීවිතයේ පෙනිපෙනී පරාජය නිමිතිකරගන්නට කාලය එළඹින. 22 වැනි දෙවැනි දෙර්කාණාධිපති වූ ගුරුගෙ කාලයටත් ශනිගේ අන්තරයත් තුළ සිදුවීමට හේතුවිය.
නමුත් මෙවැනි සරාගී යෝග ඇති දෙපක්ෂයටම අශුභ යෝගවල බලය පාලනය කර ගැනීමට ඡ්‍යොතිෂයේ හැකියාව තිබේ.
එය නිසි ආකාරයට ගුප්ත විද්‍යාත්මකව යොදා ගැනීමෙන් මනස පාලනය කරගෙන කායික හැසිරීම් රටාව ක්‍රමවත්ව ගෙන යාමට හැකිවන යම් යම් ගුප්ත ශාස්ත්‍රීය ක්‍රමවේදයන් ඇති බැව් මෙලෙස සනිටුහන් කර සිටිමු.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ
වාස්තුවිද්‍යා විශාරද
දේශබන්ධු,
ටී. හෙන්රි බෙම්මුල්ල
෴ සබැඳි ලිපි ෴
ඡ්‍යොතිෂය හා මිනිසා අතර පවතින්නේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකි.එහිදී මිනිසා විසින් තම සුබ කටයුතුවලට ශුභ මුහුර්තයන් සලකා බැලීම සිදු කෙරේ. ශුභ මුහුර්ත...
2024-10-31 18:30:00
|ශකවර්ෂ 1946 ක් වූ තුලා රවි 16 භාග වප් අව අමාවක තිථිය ලත් කිවිදින සිට එම රවි 22 භාග ඉල් පුරසැටවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - තුලාකුජ -...
2024-10-31 18:30:00
දෛවය හරි පුදුමයි. බොහෝ වෙලාවට ජීවිතයේ වාසනාව හා අවාසනාව තීරණය කරන්නේ අප විසින්ම රැගෙන එන අපේ දෛවයයි. යම් යම් අවස්ථාවල අප සියලු දෙනා මුහුණ දෙන...
2024-10-31 18:30:00
අද දිනයේදී මා කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ මුළු රටම දන්නා සුප්‍රසිද්ධ ඡ්‍යොතිර්වේදියකු ඉතා තදබල ඒරාෂ්ටක කාලවකවානුවලදීි මුහුණ දුන් අත්දැකීම්...
2024-10-31 18:30:00
මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ ජන්ම අංකය 3 බවට පත්වී උපන් ඔබගේ චරිතය තුළ දැකිය හැකි විශේෂ ලක්ෂණ සහ ඔබගේ යහපත් ගුණාංග මෙන්ම දුර්වලතා ආදිය පිළිබඳ...
2024-10-31 18:30:00
දීපාවලී උත්සවයට සමගාමීව ධනය හා සමෘද්ධිය උදෙසා කෙරෙන චාරිත්‍ර ඇරැඹීම හින්දු ඡ්‍යොතිෂයේ ක්‍රමයයි.එ ් අනුව නොවැම්බර් මස 01 වැනිදා සිකුරාදා මෙරට වැසියන්...
2024-10-31 18:30:00
පංච මහා පුරුෂ යෝග අතරින් හංස යෝගය හෙවත් රණ හංස, ගුරු හංස යෝගය අග්‍රස්ථානයේ සැලකේ. බ්‍රහස්පති ග්‍රහයා හංස යෝගයේ නිර්මාතෘවරයාය. ප්‍රඥාව, උදාරතර ඥාන...
2024-10-24 18:30:00
සුබ මුහුර්ත සෑදීම පිළිබඳගාමිණි - රිදිමාලියද්දමහත්මියනි,සුබ මුහුර්ත සෑදීමේදී ලග්නයේ ගුරු සිටීමෙන්, දහවල් කාලයේ රවි 11 සිටීමෙන් සියලු දෝෂ භංග වෙනවා සේම...
2024-10-24 18:30:00
ග්‍රහ හැසිරීම් රටාව අනුව බලන විට උත්පත්ති කේන්ද්‍ර සටහනේ සනිටුහන් වන ග්‍රහයෝග ඔස්සේ පුද්ගල ජීවන තොරතුරු සොයා ගැනීමට හැකි වේ. අද අප කතාබහ කරන්නට...
2024-10-24 18:30:00
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව මේ ලිපියෙන් විස්තර වන්නේ ජන්ම අංක දෙකෙන් උපන් ඔබගේ චරිත ස්වභාවය ගතිගුණ දුර්වලතා පිළිබඳ විග්රහයකි. ඕනෑම මාසයක 2,11, 20,29...
2024-10-24 18:30:00
මේෂ,කටක, වෘශ්චික, මීන ලග්නවලින් උපන් ජන්මීන්ට වැඩි බලයක් උදා කරමින් ද අන් ලග්න අටෙන් උපන් සියලු දෙනාට සුබපල ගෙන දෙමින් ද සඳු ග්‍රහයා මූලික කරගත්...
2024-10-24 18:30:00
ග්‍රහයන් අතර දැනුම, බුද්ධිය, ඥානය, ශිල්පීය අවබෝධය නියෝජනය කරන බුධධ ගග්ර්රහහයයා හඳුන්වනුයේ සෞම්‍ය වශයෙනි. “සෞම්යාං සෞම්‍ය ගුණෝපේතං” යනුවෙන් බුධහු...
2024-10-17 18:30:00
බුධ වෘශ්චික රාශිගත වීමේදී ඇතැම් ලග්න හිමියන්ට යහපත මෙන්ම ඇතැම් ලග්න හිමියන්ට බාධක ස්වභාවයක් පවතී. බුධගේ අපලය සමඟ බුධ මහ දශා අතුරු දශා දැනට සඳු ග්...
2024-10-17 18:30:00
මිනිසා හා ඡ්‍යොතිෂය අතර පවතින්නේ අන්‍යෝන්‍ය සබඳතාවක්. එනිසාම අද බොහෝ දෙනා ඡ්‍යොතිෂයට අනුව විවිධ සුබ මුහර්ත සකසා ගනිමින්, තම දෛනික කටයුතු සාර්ථක කර...
2024-10-17 18:30:00
ග්‍රහ මඬුල්ලේ ඥානකාරකයා වන බුධ ග්‍රහයා ඔක්තෝබර් මස 29 වැනි අඟහරුවාදා රාත්‍රී 11.38ට විශ්ව කේන්දරයේ 8 වැන්න වූ වෘශ්චික රාශියට පිවිසෙයි. එය ලග්න රැසකට...
2024-10-17 18:30:00
ඡ්‍යොතිෂයේ දැක්වෙන මහා යෝගයන් අතර පංච මහා පුරුෂ යෝග ඉතාමත් ප්‍රබල ස්ථානයක් ගනියි. මේ පංච මහා පුරුෂ යෝග නම් කුජගෙන් යෙදෙන රුචක යෝගය, බුධගෙන් යෙදෙන භද්...
2024-10-10 18:30:00