වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
සඳු සිකුරු යෝගය
අගෝස්තු 9, 2019
ඡ්‍යොතිෂයේදී සුබ ඵලදෙන ග්‍රහයින් දෙදෙනෙකු හැටියට සඳු සිකුරු හඳුන්වා තිබේ. මේ දෙදෙනාගේ සංයෝගය සෑම මසකට වරක් යෙදේ. එබැවින් මෙය දුර්ලභ යෝගයක් ම නොවේ.
ජන්මියාට මෙම සඳු සිකුරු යෝගය යෙදීමෙන් ලෞකිකමය සැපසම්පත් ගෙනදේ උච්ච බලයෙන් සඳු සිකුරු යෙදීම සුබඵල දෙන අතරම පාපීන්ගේ පෙනීම හරහා වෙනස් වනු ඇත.
විවාහයේ වැදගත්ම අංශය වූ ලිංගික තෘප්තිය පිළිබඳ නිසි වගකීම දෙදෙනාට පැවරී තිබේ. මේ ග්‍රහ සංයෝගය කොතැනක යෙදුනත් ඔහුගේ හෝ ඇයගේ මනස කාමුක හැඟීම්වලින් පිරී ඉතිරී යයි. මේ යෝගය නරක තැනක පිහිටීම යෝග්‍ය නොවේ. සතුරු රැසක දෙදෙනා සිටීම නිසා අශුභ ආකාරයට සල්ලාලකමට යොමුවිය හැකි ය. පුරුෂයාටත් ස්ත්‍රියටත් එසේම ය. සමහර විට අසුබ අයුරින් පිහිටීම නිසා යුගදිවිය නීරස බවට පත්වීමේ ඉඩකඩ පෑදේ. යුගදිවියේ දෙදෙනාගේ බැඳීම ආදරය ආලය සහජීවනය අත්‍යවශ්‍ය කරුණු ය.
බොහෝවිට විවාහය බිඳ වැටෙන්නේ සහකරුගේ සහකාරියගෙන් නිසි තෘප්තිය නොලැබීම නිසාය. පොරොන්දම් ගැළපීමේ දී මේ ගැනත් වැඩියෙන් පරීක්ෂා කළ යුතුමය. තම සහකරු හෝ සහකාරියගේ නිසි ලිංගික සුවයක් නොලැබීම නිසා තම වගකීම් යුතුකම් නොකිරීම නිසා ගැටලු වහා පැනනගී.
බොහෝවිට විවාහය දෙදරා යෑම සිදුවේ. මේ සඳු සිකුරු යෝගය පිහිටි විට ඉඳුරන් පිනවීමට නිතැතින්ම පෙලඹේ. එය හරියාකාර නොලැබුණහොත් එතැන මානසික තත්ත්වය වෙනතක හැරේවි.
මේ ගැන හොඳින් සිතා බලා තමාගේ සහකරු හෝ සහකාරිය සොයා ගත යුතු යි. සඳු, කුජ හා ශුක්‍ර 7 වැන්නේ සිටි අයෙකුට 7 වැන්නේ කේතු සිටීමෙන් කායික ප්‍රශ්න ඇතිවීම වළක්වනු බැරිය. මේ කේන්ද්‍ර හිමියා වෘෂභ ලග්නකරුවෙකි. හත වෘශ්චිකයේ චන්ද්‍රයා නීචව ශුක්‍ර සමග යෝගව ඇත. මේ දෙදෙනාම කිසිදු ශුභ ග්රහයෙකුගේ හෝ අශුභ ග්රහයෙකුගේ පෙනීමක් නොවෙති. මීන නවාංශකය විය. විවාහවීමට පෙර නොමනා සබඳතා ගොඩ නගා ගෙන තිබිණ. රවි බුධ ශනි හය වැන්නේ සිටීම එයට හොඳ සාධකයකි.
24 වියේ දී විවාහ විය විවාහයෙන් පසු වෙනත් සබඳතා ගොඩනඟා ගන්නීය. ගුරු දශාවේ ශනි අන්තරය තුළ බිඳ වැටින. මුළු ජීවිතයම නීතිමය රැහැනටද කොටු විය. ජීවිතයේ පෙනිපෙනී පරාජය නිමිතිකරගන්නට කාලය එළඹින. 22 වැනි දෙවැනි දෙර්කාණාධිපති වූ ගුරුගෙ කාලයටත් ශනිගේ අන්තරයත් තුළ සිදුවීමට හේතුවිය.
නමුත් මෙවැනි සරාගී යෝග ඇති දෙපක්ෂයටම අශුභ යෝගවල බලය පාලනය කර ගැනීමට ඡ්‍යොතිෂයේ හැකියාව තිබේ.
එය නිසි ආකාරයට ගුප්ත විද්‍යාත්මකව යොදා ගැනීමෙන් මනස පාලනය කරගෙන කායික හැසිරීම් රටාව ක්‍රමවත්ව ගෙන යාමට හැකිවන යම් යම් ගුප්ත ශාස්ත්‍රීය ක්‍රමවේදයන් ඇති බැව් මෙලෙස සනිටුහන් කර සිටිමු.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ
වාස්තුවිද්‍යා විශාරද
දේශබන්ධු,
ටී. හෙන්රි බෙම්මුල්ල
෴ සබැඳි ලිපි ෴
කතා නොකර කොටුවෙන් බුලත් කොළයක් කඩාගෙන දෙහි කටුවෙන් බුලත් කොළයේ පිටුපස මේ මන්ත්‍රය ලියා “ඕම්ස්වඞ යාමේථ සිද්ධිඞ ප්රවාහඞ” 108 වරක් අලුයම කාලයේ මතුරාගෙන...
2024-10-10 18:30:00
ඔක්තෝබර් 11(පෞද්ගලික අංකය 2/7)ගායනය, වාදනය, නර්තනය හා සිතුවම්කරණයට ඔබ තුළ ඇත්තේ සුවිශේෂී ළැදියාවක්. ප්‍රණීත ආහාර රස බැලීමටත්, විසිතුරු විලාසිතා...
2024-10-10 18:30:00
ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හා මිනිසා අතර පවතින්නේ සමීප සබඳතාවක්. වර්තමානයේ එය පෙරදිග හා අපරදිග කොයි කා අතරත් ජනප්‍රිය විෂයය කේෂ්ත්‍රයක් බවට පත් වී තිබෙනවා....
2024-10-10 18:30:00
ගැබිනි මවුවරුන්ට සුබ කාලයක්පලතුරු පලදාව වැඩි වෙයිවෘෂභ, කන්‍යා, තුලා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට විස්මිත සුබපල උදා කරමින් සහ මේෂ, මිථුන, කටක,...
2024-10-10 18:30:00
ආගමික ස්ථානයක් නිවහනකින් වෙනස් වන ආකාර ගණනාවකි. ඒවා අතර පදනම සපයනුයේ ආධ්‍යාත්මික පසුබිමක ආගමික ස්ථානය පැවතිය යුතු වීමෙනි. එසේ වීමට අවශ්‍ය වන්නේ නම්...
2024-10-10 18:30:00
පාරින්ද්‍ර සුගතදාසගේ ලිපියට උදම් පෙරේරාගේ පිළිතුරඡ්යොතිෂවේදී පාරින්ද්‍ර සුගතදාස මහතා විසින් පසුගිය සතියේ නිදහස් දින කේන්දරයට අනුව රාජ්‍ය නායකයන්...
2024-10-03 18:30:00
ශක වර්ෂ 1946 ක් වූ කන්‍යා රවි 18 භාග වප් පුර දියවක තිථිය ලත් කිවිදින සිට එම රවි 24 භාග වප් පුර අටවක තිථිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි -...
2024-10-03 18:30:00
මෝහන්ධකාර සම්මෝහ ලෝකේ මෝහ විධ්වංසනං දීපාලෝකේන පූජේමි සම්බුද්ධං ලෝක පූජිතං සංසාර සින්ධු තරණං ඛේමං නිබ්බාන ගාමිනිං දීපා ලෝකේන පූජේමි සද්ධම්මං...
2024-10-03 18:30:00
පසුගිය සතියේ බිරිඳගේ වගතුග කියන සැමියාගේ කෙන්දරය නම් ලිපියෙන් අපි දේවතාවන් බඳු ස්ත්‍රී පුරුෂයන්, මෙන්ම මළමිනී බඳු ස්ත්‍රී පුරුෂයන් එක්වීමෙන් ඇති වන...
2024-10-03 18:30:00
මේ වසරේ ඔක්තෝබර් මස 9 වැනිදා බදාදා දහවල් 12.36 ග්‍රහ මණ්ඩලයේ ශුභම ග්‍රහයා වන ගුරු වෘෂභ රැසෙහි වක්‍ර වන්නේය. එසේ වක්‍රවන ගුරු ග්‍රහයා ලබන වසරේ (2025)...
2024-10-03 18:30:00
වෘෂභ, කන්‍යා, කුම්භ ලග්න තුනට මහත් සුබපල උදා කරමින් සෞරග්‍රහ මණ්ඩලයේ සටන්කාමියා ලෙස සැලකෙන කුජ හෙවත් අඟහරු ග්‍රහයා එළැඹෙන 20 වැනිදා සවස 2.22ට කටක...
2024-10-03 18:30:00
වෘෂභ, කන්‍යා, කුම්භ ලග්න තුනට මහත් සුබපල උදා කරමින් සෞරග්‍රහ මණ්ඩලයේ සටන්කාමියා ලෙස සැලකෙන කුජ හෙවත් අඟහරු ග්‍රහයා එළැඹෙන 20 වැනිදා සවස 2.22ට කටක...
2024-10-03 18:30:00
දුටුගැමුණු රජතුමා නිතර භාවිත කළ ගාථා රත්නය නමෝ සිං සිං සිද්ධිං දසමාර පරාජ සම්බුද්ධ බෝධි රාජ යේස්වාහඞ ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි...
2024-09-26 18:30:00
සැප්තැම්බර් 20 පෞද්ගලික අංකය 2)කන්‍යා රාශියේ බුධ(-) බලය බලපවත්වන විටකදී සඳු විසින් මානසික තලයට වඩා නැඹුරුව ගොඩනගන ලද ඔබේ පෞද්ගලික අංකය...
2024-09-19 18:30:00
ශකවර්ෂ 1946 ක් වූ කන්‍යා රවි 04 භාග බිනර අව තියවක තිථිය ලත් කිවිදින සිට එම රවි 10 භාග බිනර අව නවවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - කන්...
2024-09-19 18:30:00
අද දිනයේදී ඒරාෂ්ටක සම්බන්ධව වෙනත් ප්‍රවේශයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙමි. එනම් ඒරාෂ්ටක කාල වකවානු ඇසුරින් අනාවැකි පළ කළ හැක්කේ පුද්ගලයන් සම්බන්ධව...
2024-09-19 18:30:00