වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
“ධර්ම කර්මාධිපති” යෝගයේ බලය නියම ලෙසට ඵලදීම
අප්‍රේල් 19, 2019
“ධර්ම – කර්ම” යනු භාග්‍යස්ථානය හා කර්මස්ථානයට (9-10) හිමි ග්‍රහ එකතුවකි. තවත් ලෙසකට ප්‍රකාශ කළොත් උගත් බවේ හෝ දැනුවත් කමේ භාග්‍ය මත රැකියා දියුණුවට සම්බන්ධ බලයක් ලැබීමයි. එසේම ජීවිතයේ පැවැත්මට, කරන කර්මාංශ කටයුතුවලට එසේත් නොවේ නම් රැකියා බලයට කරන ශුභ /අශුභ බලපෑම් මෙම යෝගය තුළ ගැබ්ව පවතී.
ධර්ම හා කර්ම ස්ථාන එක් කොට තැනෙන බලයක්, ගමන් මගක් ශක්තිමත් පාලමක් මෙන් මෙම බලය ජන්මියාට ක්‍රියා වනු ඇත.
කාලීන වශයෙන් බලවත්වීමකට අවශ්‍යම වන යෝගයක් සේම, සංකීර්ණ අධ්‍යාපන ක්‍රමවේද, සංකීර්ණ රැකියාව හෝ කර්මාංශ බලය ට බෙහෙවින්ම බලපෑම්වලට ලක් කළ හැකි බලයක්ද වේ. අපට මතුපිටින් පෙනෙන මෙම ග්‍රහ බලය පෙනෙන ආකාරය හෝ ඵලදෙන ආකාරය කෙසේ දැයි යම් දෘෂ්ටියකට හේතු වුවත්, මෙම යෝගය ශුභඵල දෙන ආකාරයටම කෙනෙකුට පිහිටන්නේ පෙර භවයේ කරන ලද කුසලා කුසල කර්ම අනුව බොහෝ ජන්මීන්ට “ධර්ම – කර්ම” බලය ඇතිවිය හැකිය. එහෙත් නිරන්තර ලෙස ඵලදෙන ආකාරයට පිහිටන්නේ අතලොස්සක් දෙනාට පමණි. මන්ද, උපතේ දී ජන්මියාට 9-10 හිමිකම අනුව පවතින ග්‍රහ තත්ව මත වේ. සමස්තයෙන් බැලූවිට මෙම යෝගය ධනු ලග්න හිමි අයට රාශි 12 කුමන රාශියකට යෙදුනත් අශුභඵල අවම කර ශුභඵල අධිකව යෙදෙන බවට පෙන්වා දී ඇත. එසේ වන්නේ නව වැන්න වන ධර්මස්ථානයම එක ම දීප්ති ග්‍රහයා වන රවිට හිමිවීමත්, කර්මස්ථානය බුධට හිමිකමත් මතය. එසේ වූ විට 9 හා 10 වැන්නේම දෙදෙනා වෙත්නම් බලවත්ම ඵල නියත ලෙසටම යෙදේ. රවි – බුධ ග්‍රහ දෙපළ එකටම ගමන් ඇති ග්‍රහයෝය. එසේම රවි – බුධ යෝගය නිරන්තරයෙන්ම එක රාශියේම වේ. නිතරම බුධගේ වක්‍ර, අස්ත, නිවෘත වීම් ආදිය රවිගේ රශ්මියට අවනතව යෙදේ. සිංහ, කන්‍යා රාශිවලදීද බුධගේ බලයද අවම වීමක් නැත.
උපතට, ලග්නය, දෙර්කාණ බලය, බාධක බල ආදී සියල්ලම අදාළ කරගෙන බලන විට, මේෂ ලග්නයට දෙවැනි දෙර්කාණය, 22 වැනි දෙර්කාණ (බාධක) බලය ගුරුට හිමිවේ. ඔහු 9 අධිපතියාය. බාධක ග්‍රහයා චර රාශිවලදී බාධක බලය 11 අධිපති ශනිට හිමි වේ. මෙහිදී ධනු,මකර, 9-10 වුවත්. බාධක කම හිමියා ශනි වීම නිසා ද ධ්ධ් දෙර්කාණ බලය ගුරුට හිමිවීමත් අනුව “ධර්ම කර්මාධිපති” බලය යෙදුණද ඵලදීමක් ඇති නොවේ.
ඉහත යෝගය විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට රැකියාව, බලවත්වීමට හේතුයි. සිතුවත්, මේෂ ලග්නයට ඵලදීමක් ඇති නොවේ. එහෙත් රවි – ගුරු ( 22 වැනි දෙර්කාණ බලට ගුරුට හිමි නොවුන විට ) එම යෝගය ඉතාම යහපත් ඵලදීමක් වේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
එස්.එච්. වංසාද සිල්වා
මාදින්නාගොඩ
෴ සබැඳි ලිපි ෴
අංග සම්පූර්ණ ලෙස වැඩුණු අවයව ඇති නිරෝගීමත් කෙනෙකු වේ. නිර්භයව ඉදිරිය කරා පිය නඟන කරදර බාධා ගණන් නොගන්නා රහස් නැති කෙනෙකි. උසස් සිතිවිලිවලින් පිරුණු...
2024-06-27 18:30:00
ශකවර්ෂ 1946ක් වූ මිථුන රවි 07 භාග පොසොන්පුර පසළොස්වක තිථිය ලත් කිවිදින සිට එම රවි 13 භාග පොසොන් අව සැටවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි –...
2024-06-20 18:30:00
කීර්තිමත් දේශපාලනඥයකුව සිටි ලලිත් ඇතුලත්මුදලි මහතාගේ තදබලම ඒරාෂ්ටක කාල සීමා තුළ ඔහුට මුහුණදීමට සිදු වී ඇති සිදුවීම් පිළිබඳව කතාබහ කිරීමට අද දිනයේ දී...
2024-06-20 18:30:00
හිමිදිරි පාන්දර කොණ්ඩදෙණියේ පන්සලේ නායක සීලරතන හිමියන් බෝමළුව ඇමැද බුද්ධ මන්දිරයේ සහ දේවමන්දිරයේ උදෑසන වත්පිළිවෙත් කොට පහන්සිළු දැල්වූවා පමණි....
2024-06-20 18:30:00
චර ගුණයෙන් යුක්ත වූ තුලා රාශිය වායු භූත බලයට අයත් වේ. උපතේදී ඒ ඒ භාවවල සිටි දුටු ග්‍රහයන්ගේ තත්ත්වය අනුව ජීවිතයේ සුබ අසුබ පල ලැබෙනු ඇත.සාමාන්‍ය ප්...
2024-06-20 18:30:00
ජුනි 30 වැනිදා ඉරිදා රාත්‍රී 12.38ට ශනි කුම්භ ලග්නයේ වක්‍ර වෙයි. මෙකී සෙනසුරු ගේ වක්‍රයෙන් පසු එනම් ජූලි මස 7 වැනිදා ඉරිදා අලුයම 4.31ට සිකුරු...
2024-06-20 18:30:00
මිනිසාගේ පැවත්ම ගැන කතා කිරීමේදී නොසලකා බැරි මාතෘකාවක් ලෙස විවාහය හැඳින්විය හැකිය. විවාහය යන්නට සමාජ සම්මුතිය තුළදී නොයෙකුත් අර්ථකථනයන් ඉදිරිපත් කර...
2024-06-13 18:30:00
ශකවර්ෂ 1946 ක් වූ වෘෂභ රවි 32 භාග පොසොන් පුර අටවක තිථියලත් කිවිදින සිට මිථුන රවි 06 භාග පොසොන්පුර තුදුස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ...
2024-06-13 18:30:00
ජූනි 15 වැනිදාමෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර එය සිකුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුනි මාසයේ නිසා ඔබ මිථුන රාශි අධිපති...
2024-06-13 18:30:00
මාං භයාත් සර්වතෝ රක්ෂ ශ්රීයං වධ¢ය සර්ව දා ශරීරා රෝග්‍යං මේ දේහී දේව දේව නමෝස්තු තේසියලු ඖෂධවලට අධිපති ශ්‍රී ධන්වන්තරී දිව්‍ය රාජයාගේ පිහිට...
2024-06-13 18:30:00
චීන වසන්ත උත්සවය සහ චීන අලුත් අවුරුදු සමයේ ඉදිරිපස දොරේ සංකේතයක් එල්ලා තැබීමේ පැරණි චීන සම්ප්රදාය තවමත් ක්‍රියාත්මක වේ. යනු වසර තුන්දහසක පමණ...
2024-06-06 18:30:00
ධනයට ශ්‍රී සෞභාග්‍යයට අධිපති මහා ලක්ෂ්මී දේවියගේ නැතිනම් ශ්‍රී කාන්තාවගේ ආකර්ෂණය නිතැතින්ම හිමිකරගන්නට ඔබටත් මේ ශ්‍රී කාන්තා අෂ්ටක භාවිතයෙන් බෙලි...
2024-06-06 18:30:00
පාරින්ද්‍ර සුගතදාසගෙන් උදම් පෙරේරාට පිළිතුරක්මා විසින් ලියමින් පවතින ඒරාෂ්ටක කාලවකවානු පිළිබඳ ලිපි පෙළට විවේචනාත්මක ලිපියක් 2024 වසරෙහි මැයි 31...
2024-06-06 18:30:00
මෙතෙක් කතාව :-තරුණවියේ පසුවන වෘත්තිකයන් සිවු දෙනකු අමතා ඉන් එක් අයෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියැවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක මුණ...
2024-06-06 18:30:00
ජුනි 08 වැනිදා මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 8 වන අතර එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුනි මාසයේ නිසා ඔබ ශනි ග්‍රහයාගේ...
2024-06-06 18:30:00
ශක වර්ෂ 1946 ක් වූ වෘෂභ රවි 18 භාග වෙසක් අව නවවක ලත් කිවිදින සිට එම රවි 24 භාග වෙසක් අමාවක ලත් ගුරුදින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - වෘෂභකුජ -...
2024-05-30 18:30:00