කේන්දර පරීක්ෂාවේදී බලවත් වන බඹ රජු

සැප්තැම්බර් 27, 2024

ඡ්‍යොතිෂයේ දී රාහු මෙන්ම කේතු ද බලවත් වන බව පොදු පිළිගැනිම වෙයි. බඹ යන නමින් ද කේතු හඳුන්වයි. හැමවිටම රාහුගේ ගමනට ප්‍රතිවිරුද්ධව කේතු කටයුතු කරයි. කේතුගේ හිස මනුෂ්‍යයකුගේ මෙන්ද ශරීරය නයකුගේ ස්වරූපයෙන් ද පවතී.

කේතු මීනයේ ස්වක්ෂේත්‍ර වෙයි. කේතු වෘශ්චික රාශියට උච්ච වෙයි. කේතු ද කේන්දරයේ උපචය ස්ථානවලට බලවත් වේ. උපචය ස්ථාන ලෙස හඳුන්වන්නේ 3,6,10,11 යන ස්ථානයන්ය. පාප ග්‍රහයින්ට උපචය ස්ථාන බලවත් බව පිළිගැනීම වේ. කේතුට ද රාහුටමෙන් නැකැත් වෙන් කර ඇතිමුත් රාශි වෙන්කර නැත. කේතු ජන්මියකුගේ කේනදරයේ සුබව පිහිටය හොත් සිහිබුද්ධිය දියුණු කර ඉගෙනීම් කටයුතු දියුණු කරන බව පැවැසේ. එලෙසම කේතු ජන්මියා අකුළුවා තබා අප්‍රසිද්ධව සිටින්නට සලස්වන බව ද පැවැසේ.

උප්පත්ති කේන්දරයේ කේතු බලවත් නම් උපචය ස්ථානයක කේතු පාප පීඩිත නොවී සිටී නම් අපල අවම විය හැකිය. කේතුට මිතුරු ග්‍රහයන් වන්නේ චන්ද්‍ර, කුජ සහ ගුරුය. සම ග්‍රහයන් වන්නේ රවි, බුධ, රාහු වේ. සතුරු ග්‍රහයන් වන්නේ ශුක්‍ර, ශනිය.

මේෂ

මේෂ ලග්න හිමියන්ගේ කේතු බලවත් වන්නේ 3,6,10,11 උපචය ස්ථානවලයි. එහිදී ඔවුන්ට සුබපල ලැබේ. කේතු අසුබ තැනක ගමන් ගන්නා විට අසනීප සෑදී ඔත්පලව ප්‍රශ්න ගොඩකට මැදිවන්නට ජන්මියාට සිදුවෙයි. කේතු කේන්දරයේ බලවත් නම් සුබපල ලැබේ. ගෝචර පලයෙන් චන්ද්‍රයාගේ ග්‍රහ ගමනනේ සුබ අසුබ බව අනුව අධ්‍යාපන කටයුතු, විභාග රැකිරක්ෂා කටයුතු සාර්ථක අසාර්ථක විය හැකිය.

වෘෂභ

වෘෂභ ලග්න හිමියන්ගේ කේතු බලවත්ව උපචය ස්ථානයක සිටී නම් සුබපල ලබා දෙයි. වෘෂභ ලග්න හිමියන්ගේ ද 3,6,10,11 ස්ථානවල කේතු බලවත් වෙයි. එවිට වෘෂභ ලග්න හිමියන්ට සුබපල අත්විඳීය හැකිය. කේතු අසුබව පිහිටා ඇති විට අසනීප ගෙනදේ ඉගෙනීම කඩාකප්පල් කරයි. චින්තනය විකාර කරයි. මිනිස්සු රවටා බොරු කියා සැඟවී සිටීමට කටයුතු කරයි.

මිථුන

මිථුන ලග්න හිමියන්ගේ කේන්දරවල ද උපචය ස්ථානයක කේතු බලවත්ව සිටියි නම් අධ්‍යාපනය, ඉගෙනීම සතුටුදායක ලෙස ලබා දෙයි. ඉඩකඩම් යාන වාහන ලබා දෙයි. ජන්ම කේන්දරයේ කේතු ප්‍රබල නම් මේ අසුබ තත්ත්වයන් ඇති නොවේ. මිථුනයේ කේතු බලවත් නැතිනම් ලෙඩ දුක්, තුවාල ප්‍රශ්න මතුවේ. මවු පාර්ශ්වයේ ගැටලු ඇති විය හැකිය. බන්ධු මිත්‍ර ආදීන්ට අගුණ ගෙන දෙයි.

කටක

කටක ලග්න හිමියන්ගේ උත්පත්ති කේන්දරයේ උපචය ස්ථානයක කේතු බලවත් වී සිටී නම් මහත් සුබපල ලබා දෙයි. අධ්‍යාපන කටයුතු සාර්ථක කරයි. විභාග ජය අත්වෙයි. උසස් ආචාර්යවරු හිමිවෙයි. තව තව සම්පත් ලබා දෙයි. අසුබව කේන්දරයේ සිටියොත් දුර්විපාක ලැබෙයි. ඉගෙනීම කඩාකප්පල් කරයි. ඔළුව අවුල් කරයි. අලසකම ඇති කරයි.

සිංහ

සිංහ ලග්න හිමියන්ගේ උත්පත්ති කේන්දරයේ සඳුගේ පිහිටීම අනුව කේතුගේ තත්ත්වය කෙසේදැයි බැලිය යුතුය. චන්ද්‍රයා මීන රාශියේ සිටියහොත් සුබ දායක වෙයි. විද්‍යාව ඉගෙනුම දියුණු කරයි.

කන්‍යා

කන්‍යා ලග්න හිමියන්ගේ ද උපචය ස්ථානයක කේතු ගමන් කරන විට ජන්මියාට සුබපල ලැබේ. කන්‍යා ලග්න හිමියන්ගේ අධ්‍යාපනික, මංගල කටයුතුවලට කේතු සුබය. කේතු ප්‍රබල නම් සහ කේතුගේ දසාවක් තිබීම මෙහිදි ජන්මියාට වැදගත්ය.

තුලා

තුලා ලග්න හිමියන්ගේ ද කේතු ප්‍රබල වන්නේ උපචය ස්ථානවලදීය. එවිට ජන්මියාට සුබපල ඇතිවේ. නැතිනම් ගැටලු ඇති විය හැකිය. ලෙඩ දුක් කරදර යෙදිය හැකිය. අනතුරු ඇතිවිය හැකිය.

වෘශ්චික

වෘශ්චික ලග්න හිමියන්ගේ ද කේන්දරයේ උපචය ස්ථානයක කේතු යෙදුණ හොත් සුබපල ගෙනදේ. උසස් අධ්‍යාපනය භාග්‍යය උදාකර දෙයි. හදිසි වස්තු ලාභ ලබා දෙයි. දැහැමි ජීවිතයකට පත් කරයි. කේතු නරක් වුණොත් සම්පත් නොලැබී යයි. අධර්මිෂ්ඨ ජීවිතයක් ඇති කරයි.

ධනු

ධනු ලග්න හිමියන්ගේ ද කේන්දරයේ උපචය ස්ථානයක කේතු යෙදුණහොත් සුබපල ගෙනදේ. උසස් අධ්‍යාපනයක් ලබා දෙයි. උසස්වීම්, නව රැකියා, ආදායම් මාර්ග සරු කරයි. පියවරුන්ට, ඥාතීන්ට උරුම ලබා දෙයි. කේතු අසුබ තැනක සිටියොත් අසුබ පල ලබා දෙයි. ලෙඩදුක් ගෙන දී නඩුහබවලට පටලවයි.

මකර

මකර ලග්න හිමියන්ගේ ද කේන්දරයේ උපචය ස්ථානයක කේතු යෙදුණහොත් සුබපල ගෙනදේ. උසස් අධ්‍යාපන කුටයුතු සාර්ථක වේ. විවාහ මංගල කටයුතුවලට සුබදායක වෙයි. අසුබ තැනක පිහිටා තිබුණ හොත් දියුණුවට බාධා ඇතිවේ.

කුම්භ

කුම්භ ලග්න හිමියන්ගේ ද කේන්දරයේ උපචය ස්ථානයක කේතු යෙදුණහොත් සුබපල ගෙනදේ. කේතු දශාව අසුබ නම් පවුලේ අඬදබර ඇතිවීම් මෙන්ම මුදල් හානි ද සිදුවේ. එහෙත් ප්‍රබල තැනක කේතු හිටියොත් මේ තත්ත්වය වෙනස් වෙයි. උපචය ස්ථාන ගත වී කේතු බලවත් වී සිටියා නම් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දුර්විපාක අඩුවේ.

මීන

මීන ලග්න හිමියන්ගේ ද කේන්දරයේ උපචය ස්ථානයක කේතු යෙදුණහොත් සුබපල ගෙනදේ. උත්පත්ති කේන්දරයේ මීන ලග්නයේ කේතු සිටී නම් එය අති ප්‍රබල වෙයි. සුබපල ලබා දෙයි. උසස් අධ්‍යාපනය ලබා දෙයි. ජය ලබා දෙයි. හදිසි ලාබ ලබාදෙයි. කේතු උත්පත්තියේ ප්‍රබල ස්ථානයක හිටියා නම් සුබපල දෙයි. නැතිනම් අවුල් සහගත තත්ත්ව ඇති වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.