ජය පැරදුම දෙකම ලබාදෙන තරු සලකුණු

සැප්තැම්බර් 15, 2023

හස්ත රේඛා පරීක්ෂාවේදී රේඛා ලක්ෂණ සේම අව ලකුණද නිවැරරැදි පලාපල කථනයක් සඳහා ඉතාම වැදගත් වේ. අව ලකුණු අතර තරු සලකුණ මේ අතරින් වැදගත් වන්නේ පිහිටීම අනුව පුද්ගලයාගේ වසනාවන්ත භාවය සහ අවාසනාවන්ත භාවය යන දෙකම පූර්ණව ලබාදෙන බැවිණි.

ගුරු මණ්ඩලය මත ප්‍රබල ශීර්ෂ රේඛාවක් සමග තරු සලකුණක් පිහිටා ඇත්නම් (A) විශාල ප්‍රසිද්ධියක් මෙන්ම තත්වයක්ද ලැබේ. ඒ වගේම රාජ්‍ය ගෞරව ලැබෙන යහපත් විවාහයකට උරුමකම් කියන ධනවත් පුද්ගලයකු බිහිවේ. මේ තත්ත්වයන් උරුම වන කාලවකවානු තරු සලකුණ මණ්ඩලය මත පිහිටා ඇති ස්ථානය අනුව තිරණය වන අතර මණ්ඩලයේ යට කොටසේ තරු සලකුණ ඇති විට මුල් කාලයේද මණ්ඩලයේ මැද ඇති විට ජීවිතයේ මැද කාලයේද මණ්ඩලයේ ඉහළ පිහිටා ඇති විට අවසාන කාලයේද සුබ ප්‍රතිපල ලැබෙනු ඇත. නමුත් ශිර්ෂ රේඛාව දුර්වලව පිහිටා ඇත්නම් මෙ තත්ත්වයන් උඩු යටිකුරුව ප්‍රතිපල ලැබෙන අතර එවිට හිසට තුවාල සිදුවීම් උගුරට ශල්‍යකර්ම කිරිමට සිදුවීම මහලු වියේදි දික්කසාද වීම ආදිය බලාපොරොත්තු විය යුතුය.

ශනි මණ්ඩලය මැද තරු සලකුණත් පිහිටිම (B) පුද්ගලයා අභාග්‍ය සම්පන්න තත්ත්වයකට ඇද දමයි. නමුත් ප්‍රබල දෛව්‍ය රේඛාවක් සහිත අත්ලක ශනි මණ්ඩලයේ තරුවක් පිහිටා ඇත්නම් අදෘශ්‍යමාන බලවේගයක් නිසා ඉතා උසස් තනතුරකට පත්වේ. නමුත් ඒ නිසාම මරාන්තික සිදුවීමක් නිසා අවසානය උදාවීමට පුළුවන. රිය අනතුරු මරාන්තික සමාජ රෝග මෙන්ම ප්‍රසිද්ධියේ මරණයට පත්වීමට සිදුවිය හැකි බව පෙන්වන පිහිටිමකි. ශනි මණ්ඩලය මැද තරු සලකුණ ඇති විට සුවකළ නොහැකි රෝග සහ අංශභාගය සෑදීමට පුළුවන. අත් දෙකෙහිම ශනි මණ්ඩලවල තරු සලකුණු ඇත්නම් ඒකාන්ත වශයෙන් නීතිමය රාමුවක් තුළ පුද්ගලයා මිය යනු ඇත. එසේම දෛව්‍ය රේඛාවේ අග තරු සලකුණ පිහිටා ඇත්නම් (C) පුද්ගලයා මිනිමරුවකු බවට පත් වීමේ පැහැදිලි ඉඩකඩක් තිබේ. තවද රවි සහ ශනි මණ්ඩලය අතර තරුව ඇති විට විදුලියෙන් සර්පයන්ගෙන් හානි පැමිණිය හැක.

රවි මණ්ඩලය මතුපිට තරු සලකුණ (D) ධනයේ බලය සහ තනතුරුවල බලය ලබාදෙන නමුත් නීතියක් වශයෙන්ම සිතේ සතුට ලබා දෙන්නේ නැත. ධනය ලැබෙන්නේ ද ප්‍රමාදවය. ඒ වෙනුවෙන් බොහෝ විට සෞඛ්‍ය ගැටලු හෝ සිතේ සතුට නැතිවීමේ කි‍්‍රයාදාමයන් සිදුවේ. කෙසේ හෝ වේවා මෙම තරු සලකුණ පුද්ගලයින් තෘප්තියට පත් නොකරන බවත් සතුටින් නොතබන බවත් පැහැදිලිය. එසේම මෙහිදී ද තරු සලකුණ මණ්ඩලයට බාහිරව පිහිටිමද පුද්ගලයාට ධනවතුන් ඇසුරු කිරිමට ලැබෙන නමුත් ඔහු ධනවතකු නොවන බවට අනාවැකියකි. කෙසේ නමුත් තරු සලකුණ රවි රේඛාව සමග සම්බන්ධව හෝ රවි රේඛාව ආධාර කරගෙන සෑදි ඇත්නම් ඉන් පෙන්වනු ලබන්නේ ඉතා ඉහළ ප්‍රසිද්ධියක් සහිතව ඔහු ඇගැයීම ලක්වීමය. නමුත් වුවමනාවට වඩා අත්ලෙහි ඉහළින් නොවී රේඛාව මැදට වඩා ස්වල්පයක් ඉහළින් එහි හොදම ස්ථානයයි.

බුධ මණ්ඩලයේදි මණ්ඩලයේ ප්‍රබල බව සහ දුබල බව මත පිහිටා ඇති තරු සලකුණෙන් (E)ලැබෙන ප්‍රතිපල සුබ හෝ අසුබ වේ. යහපත් අත්ලක තරු සලකුණක් පිහිටා ඇතිනම් කථිකත්වයෙන් ව්‍යාපාරවලින් වෛද්‍ය ඉංජිනේරු වැනි විද්‍යාත්මක ව්‍යාපාරවලින් නොසිතු දියූණුවක් ලබා ගත හැකිය. එහෙත් අයහපත් අත්ලක මේ සලකුණ ඇත්නම් වැරැදි ආකාරයකට මුදල් ඉපයීමට යාම නිසා විනාශ වේ. වස විසවලින් මරණය උදාවීමට පුළුවන. තරුව සමග තිරස් අතට පිහිටි දුපත් සලකුණක් ඇතිවිට මාරාන්තික සිදුවීමක් හේතුකොට ගෙන

මානසික බිද වැටීමක් සිදුවිය හැකිය.

ඉහළ කුජ මණ්ඩලයේ තරු සලකුණ (F) යහපත් අතක ද දීප්තිමත් ජීවිතයක් ඉවසීමෙන් සහ උපායශීලීව ගතකිරිමේ හැකියාව පෙන්නුම් කරන අතර උපදෙස් මඟින් මේ තත්ත්වය වැඩි දියුණුකර ගත හැකිය. අයහපත් අත්ලක ඊර්ෂ්‍යාව සහ දුෂ්ඨ ගතිය නිසා දිවි මඟ අඩාල කර ගනි. සමහර විට සිය දිවිහානි කර ගැනිමට පවා පෙලඹිය හැකිය.

පහළ කුජ මණ්ඩලයේ තරු ලකුණක් පිහිටා ඇති විට (G) යුදකාමි අදහස් නිසා දියුණුව ළඟා වන්නේ සුළු වශයෙනි. එසේම යුද්ධයේදි අනතුරට ලක්වීමට සිදුවේ.නමුත් හමුදාවේ උසස් තනතුරු ලැබෙන ලක්ෂණයකි. යුරේනස් මණ්ඩලයට තරු සලකුණ යහපත් ලක්ෂණයකි.

චන්ද්‍ර මණ්ඩලයේ තරු සලකුණක් කුඩාවට පැහැදිළිව පිහිටා ඇතිනම් (‍H) ඒ සමගම ප්‍රබල දෛව්‍ය රේඛාවක් සහ රවි රේඛාවක් ද පිහිටා ඇත්නම් පුද්ගලයා නව නිර්මාණ ලෝකයට බිහිකරයි. එසේම ඉහළ චන්ද්‍ර මණ්ඩලයේ ඇති තරුවක් ප්‍රබල ශීර්ෂ රේඛාව සමග එකතු වේ නම් දිප්තිමත් තර්කන ශක්තියක් පුද්ගලයාට හිමි වේ. ජලය ආශී‍්‍රත කරන කර්මාන්තවලින් දියුණුව ලබා ගැනිමේ හැකියාවද චන්ද්‍ර මණ්ඩලයේ පිහිටි තරුවලින් පෙන්නුම් කෙරේ. නමුත් චන්ද්‍ර මණ්ඩලයෙන් ආරම්භ වන සංචාර රේඛාව අවසානයේ තරු සලකුණ (I) පිහිටා ඇත්නම් සංචාරවලදි පුද්ගලයාට අනතුරු සිදුවන බව පෙන්වනු ලැබේ. සිකුරු මණ්ඩලයේ සිට එන බලපෑම් රේඛාවක් තරුවක් සමග චන්ද්‍ර මණ්ඩලයේදි සම්බන්ධ වුයේ නම් උන්මාදය ඇතිවිය හැකිය.

සිකුරු මණ්ඩලයේ මධ්‍යයේ තරුවක් ඇති විට (J)ආදරයෙන් පුද්ගලයා ජය ගැනීම සිදුවේ. නමුත් තරු සලකුණ මහපට ඇගිල්ල ආසන්නයේ නම් (K) ආදර සම්බන්ධතාවය ඇතිවන්නේ අත්ල හිමියාට වඩා උසස් පුද්ගලයකු සමගය. එසේම මහපට ඇගිල්ලේ දෙවැනි පුරුකත් සිකුරු මණ්ඩලයත් අතර හෝ දාරයේ මැණික් කටු සන්ධියෙන් ඈත්වන්නට තරුවක් ඇති විට සාර්ථක ප්‍රතිවිරුද්ධතා නැති වැදගත් ආදර සම්බන්ධතා පෙන්වයි.

තරු සලකුණ පිහිටා ඇත්තේ ත්‍රිකෝණය තුළ නම් (L) කය වෙහෙසා කරන කටයුතුවලින් ආදියෙන් දියුණු විය හැකිය. එහෙත් එම පුද්ගලයා අසිමිත ලෙස මහන්සි විය යුතුය. ජීවන රේඛාවේ කතිර සලකුණකට වඩා අහිතකර ලක්ෂණයක් ලෙස රේඛාව මත තරු සලකුණ පිහිටිම (M) දැක්විය හැකිය.

ශාරිරිකව සිදුවන අනතුරක් නිසා පුද්ගලයා මානසික කම්පනයකට පත්වන පත්වන බව පෙන්වන ලක්ෂණයකි. ශිර්ෂ රේඛාව මත තරු සලකුණක් පිහිටා ඇත්නම් (ව්) හදිසි අනතුර නිසා හිසට තුවාල සිදුවන බව පෙන්වන ලක්ෂණයකි.

එසේම අත් දෙකෙහිම එකම ස්ථානයේ ශීර්ෂ රේඛාවේ තරු සලකුණ ඇත්නම් හිසට සිදුවන අනතුරක් නිසා පුද්ගලයා මිය යයි. නමුත් එක් අතක පමනක් නම් රේඛා ලක්ෂණය පිහිටා ඇත්තේ අනතුරෙන් සුවය ලබයි. තරු සලකුණ පිහිටා ඇත්තේ හෘද රේඛාවේ නම් (O) පුද්ගලයා හෘදයා බාධයකින් මිය යනු ඇත. දෛව්‍ය රේඛාව මත තරු සලකුණ (S) ක්ෂණික අනතුරක් හෝ පාඩුවක් සිදුවන බව පෙන්වයි. එසේම යම් පුද්ගලයෙකුගේ රවි රේඛාව ආරම්භ වන්නේ තරු සලකුණකින් නම් (P) ඔහුට මුල් කාලයේ සිටම ජීවිතයේ සාර්ථකත්වය පෙන්වයි. තරු සලකුණ රේඛාව අවසානයේ පිහිටා ඇත්නම් (R) උත්පත්තියේ සිට අවසානය දක්වා අති සාර්ථක දිවියක් ගත කිරිමට වසනාව ඇති බව පෙන්වයි. කුජ රේඛාවේ චන්ද්‍ර මණ්ඩලයට යන අතු ශාඛාවේ තරු සලකුණක් ඇතිනම් සුරාපානය නිසා පුද්ගලයා මානසික රෝගියෙකු බවට පත්වේ.

ලබන සතියේ අත්ලෙහි තවත් තරු සලකුණු සහ කතිර සලකුණු ගැන තව දුරටත් කථා කරමු.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.