මන්ත්‍ර කර්මයට අවශ්‍ය දෑ හඳුනා ගනිමු ආසන සකස් කිරීම

ජූලි 17, 2020

මන්ත්‍ර කර්මය සඳහා ආසන කිහිප ආකාරයකින් සකස්කර ගනී. එහෙත් ආධුනිකයන්ට පහසුක්‍රම කිහිපයක් මේ සමඟ ඉදිරිපත් කරමි. මල් තටුව මල් බුලත් පුටුව, ඇදැති පුටුව, පුට්ටු තටුව, මල් තටුව, පිදේනි තටුව ආදී වශයෙන් නානාප්‍රකාර නම්වලින් යුත් මල් තටු රාශියකි. එහෙත් මේ සියල්ල කිසිවකුට එකවර ඉගෙනීමට අපහසු බැවින් සෑම අවස්ථාවකම පොදුවේ අවශ්‍ය වන මල් බුලත් පුටුව පිළිබඳ පමණක් මේ සමඟ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. 

විශේෂ මල් තටුවක් 

යකඩ ඇණ නොගැසූ පුටුවක හෝ ඒ සඳහා වෙනම සාදා ගන්නා ලද ආසනයක් විශේෂයෙන්ම තිබිය යුතු ය. දිනපතා මන්ත්‍ර කර්මවල යෙදෙන අය ඒ සඳහා වෙනම ආසන සකස්කර ගත යුතු ය. කෙසේ වෙතත් යකඩ ඇණ නොගැසූ පුටුවක් කහ දියර, හඳුන් කිරි පැන්වලින් සෝදා පිරිසිදු කර උදේ සවස වරු තුනක් කට්ට කුමංජල් අල්ලා පේකරගත යුතුයි. මෙසේ සකස් කර ගන්නා ලද පුටුව ඒ සඳහා නියමිත වේලාවට නියමිත ස්ථානයේ තබා පුටුව මත කෙසෙල් දල්ලක් අතුරා ඒ මත කහ දියරයෙන් සෝදාගත් බුලත් කොළ දහ අටක් වටේට තබා ඒ මත පුවක් මල් කිනිතිවලින් බෙදා ඒ මැද මල් වර්ග හතක් සහ අවශ්‍ය කාරණය අනුව නියමිත ද්‍රව්‍ය තැන්පත් කර කහ දියර හඳුන් කිරි පැන් පිනිදිය ඉස කපුරු සුවඳ කූරු පහන් දල්වා සුවඳ දුම් අල්ලා නියමිත දිෂ්ටිවලට අයත් පුද පූජා තැන්පත්කර වැඩ පටන්ගත යුතු ය. 

පොදු තටුවක් 

වේවැල්වලින් හෝ බට පතුරුවලින් තනාගන්නා ලද වට්ටියක් මත කෙසෙල් දල්ලක් එලා බුලත් හතක් මල් වර්ග පහක් කපුරු, සුවඳ කූරු ආදිය දල්වා කහ දියර පිණිදිය ඉස පහනක් දල්වා අවස්ථාවෝචිතව ගත හැකිය. එය සාමාන්‍ය හදිසි අවස්ථාවකට පමණක් සෑහෙනු ඇත. මන්ත්‍ර කර්මයේ යෙදෙන්නාට නානාප්‍රකාර කටයුතු වල යෙදීමට සිදුවන බැවින් ඒ කටයුතු සඳහා නියමිත දිෂ්ටිවලට අවශ්‍ය පුද ද්‍රව්‍ය හා අවශ්‍ය වෙනත් දෑ සියල්ල තටුවේ තැන්පත්කර ගැනීමට අමතක නොකළ යුතු ය. ඉදිරි ලිපි මඟින් බලගතු වැඩ සඳහා සුදුසු ආසන සකස් කර ගන්නා පිළිවෙල වෙන වෙනම හඳුනා ගනිමු. 

මන්ත්‍ර කර්මයට හිමි වර්ණ 

වශී, ආකර්ශණ, මෝහන කර්ම සඳහා - රතුපාට 

ස්ථම්භන කර්මය සඳහා - කහ පාට 

ශාන්ති කර්ම සඳහා - සුදු පාට 

උච්චාටන කර්මය සඳහා - තද අළු පාට 

විද්වේෂන කර්මය සඳහා - කලු සහ සුදුපාට 

මාරණ කර්මය සඳහා - කළු පාට 

කර්මයට අධිපති දේවතාවෝ 

ශාන්ති කර්මයට - පාර්වතී 

වශී කර්මයට - රති 

ආකර්ශන කර්මයට - සරස්වතී 

මෝහණ කර්මයට - මෝහිණි 

පේෂණ කර්මයට - ලක්ෂ්මී 

විද්වේෂන කර්මයට - මු දේවී 

උච්චාටන කර්මයට - දුර්ගා 

මාරණ කර්මයට - භද්‍රකාලී 

සත් දින අධිපති දේවතාවෝ 

ඉරු දින - ඊශ්වර 

සඳු දින - ඌමා 

කුජ දින - ස්කන්ධ 

බුධ දින - විෂ්ණු 

ගුරු දින - බ්‍රහ්ම 

කිවි දින - ඉන්ද්‍ර 

ශනි දින - යම 

සත් දින සුබ යෝග 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.