වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
ශනි කුජ- ශනි චන්ද්‍ර දෘෂ්ටිය -රවි චන්ද්‍ර සප්තම දෘෂ්ටිය ගුරු ශනි - පාශ -වෙශී වොශී උභයචාරී යෝග රාශී දොළහකටම සුබාසුබ ගෙන දෙන අතර පංච මහා පුරුෂ යෝග උදා...
2021-10-07 18:30:00
ධනු ලග්නයෙන් හා වෘශ්චික නවාංශකයෙන් උපන් නිසා හතර අධිපති ගුරු ග්‍රහයා විසි දෙවන දෙර්කාණාධිපතියා වී ඇත. ගුරු විවාහා කාරක ග්‍රහයා ය. එසේම ගුරු මකර...
2021-09-30 18:30:00
“වළස් වෙසින ආ යක්සෙන්, අණ කර රුණ බිමට බැස්සූමෙවස් දෙවමි, රවුල් මරට, රම්ම රාම, සරය ගැස්සූමිරිස් හොරට, ගතිය අවුත් ආඳාඋල්පත මිනිස්සුවනස් පිණිස එඩි...
2021-09-23 18:30:00
ශ්‍රී ශුද්ධ සූනියම් (ගම්භාර) සුරිඳුන්ගේ උත්පත්තිය හා එම දේව බලය ලබා ගැනීම පිළිබඳව සවිස්තරාත්මකව ප්‍රකාශ කිරීම මෙම ලිපියේ ප්‍රමුඛත්වයයි.සමහර ලේඛන...
2021-09-16 18:30:00
වමනය, කෑම රුචිකමේ වෙනස්කම්, මල බද්ධය, බඩේ දැවිල්ල, නිතර මූත්‍ර කිරීමේ අවශ්‍යතාවය, දෙපාවල මස්පිඬු පෙරළීම වැනි දේ ඇති වුණත් කලබල වෙන්න එපා. ...
2021-09-09 18:30:00
යම් ස්ත්‍රියකගේ පාද අඳුරු පැහැයෙන් හා කුල්ලක හැඩයෙන් යුතුවෙයි’ද පා ඇඟිලි අපිළිවෙළින් විසිරුණු ස්වභාවයෙන් පිහිටා ඇත්තේද නියපොතු කුලුවල පිට ඇති...
2021-08-19 18:30:00
ඍෂි භාෂිතය අනුව හා ඡ්‍යෝතිෂ විද්‍යාවේ මූලාශ්‍රීය පදනම මත දාරක සම්පත පිළිබඳව ඇවතුම් පැවතුම් රාශියක්ම ප්‍රකාශ කර තිබේ. කාන්තා ඔසප් චක්‍රය අනුව ඒ ඒ...
2021-08-12 18:30:00
අනාවැකි පැවසීමේ ගුප්ත බලයක් සිහිනවලට ඇති බව අනාදිමත් කාලයක සිට මිනිසා විශ්වාස කරනු ලබයි. අපි කවුරුත් සිහින දකිමු. එම සිහින කොටස් දෙකකට බෙදෙයි. දහවල්...
2021-08-05 18:30:00
විවාහපේක්ෂාව දුරස් වෙමින් වයස ගෙවෙන ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ම අසහන දුරු කරන ප්‍රතිකාර ක්‍රමයක්, ඡ්‍යොතිෂය සමඟ සම්බන්ධ වූ ගුප්ත විද්‍යාවෙහි දැක්වේ. ධනය...
2021-07-29 18:30:00
පාරම්පරිකව එන විදිහට නම් අට පොරොන්දම, දස පොරොන්දම, විසි පොරොන්දම, යනාදී වශයෙන් නිරීක්ෂණයට ලක් කිරීමෙන් සුබ අසුබ විනිශ්චය කර තීරණ එළඹීමට පහසුතාවක් ඇති...
2021-07-22 18:30:00
උපදින අවස්ථාවේ සියලුම සුබ ග්‍රහයින් බලවත්ව සියලුම පාප ග්‍රහයින් දුබලව යෙදීම අරිටුදෝෂ භංග කරවයි. චන්ද්‍රයා හා ලග්නය සියලු සුබ ග්රහයින්ගේ දෘෂ්ටිවලට...
2021-07-15 18:30:00
දෛවරේඛාව, සුඛ රේඛාව දේශාටන රේඛා මෙන්ම කීර්ති රේඛාවද සමහරවිට මැණික් කටු රේඛා ආශ්රයෙන් ආරම්භ වෙයි. මේ අනුව හස්තරේඛා විද්‍යාවේ දී මැණික්කටු රේඛාවලට...
2021-07-08 18:30:00
කරුණා සීතල හදයං පඤ්ඤා පජ්ජෝත විහත මොහතමං සණරාමර ලෝක ගරුං වන්දේ සුගතං ගතිවිමුත්තං සකල ජනමන සනසන කරුණා ගුණයෙන් සිහිල් වූ අප භාග්‍යවත් බුදුරජාණන්...
2021-07-01 18:30:00
විවාහයකදී මුලින් දරුඵල ගැන විමසා බැලිය යුත්තේ සැමියාගේ ය. බිරිඳගේ ගැබ්දැරීම ගැන දෙවනුව බැලිය යුතු වේ. ගර්භධාරණය හීන නම් ගැබ් දැරීමේ ශාන්තිකර්ම හෝ ඖෂධ...
2021-07-01 18:30:00
විවාහයකදී මුලින් දරුඵල ගැන විමසා බැලිය යුත්තේ සැමියාගේ ය. බිරිඳගේ ගැබ්දැරීම ගැන දෙවනුව බැලිය යුතු වේ. ගර්භධාරණය හීන නම් ගැබ් දැරීමේ ශාන්තිකර්ම හෝ ඖෂධ...
2021-07-01 18:30:00
කිරි වෘක්ෂ නොමැතිවීම නිසා දරුවන් නැතැයි කියන අයද මේ අතර සිටී. තවත් සමහරු පක්ෂීන් ගැන භීතිකාවක් දක්වති. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් පිරික්සුම සෑම...
2021-06-24 18:30:00