වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
සුන්දර කාන්තාවන් තමන්ගේ ජීවිතයේ අවසන් අර්ධයේ දී ඉතාමත් සැපවත් දිවි පෙවෙතකට හිමිකම් කියන්නේද, බොහොම ධන ධාන්‍ය ලබන්නේ ද තම පවුල් සංස්ථාවේ ශි්රයා...
2021-06-17 18:30:00
පාරම්පරිකව එන විදිහට නම් අට පොරොන්දම, දස පොරොන්දම, විසි පොරොන්දම, යනාදී වශයෙන් නිරීක්ෂණයට ලක් කිරීමෙන් සුබ අසුබ විනිශ්චය කර තීරණ එළඹීමට පහසුතාවක් ඇති...
2021-06-10 18:30:00
වාත, පිත්ත, කඵ යන ත්‍රිදෝෂ හෙවත් තුන්දොස් ද ,රස, රක්ත, මාංස, මේදස්, අස්ථි, මජ්ජා, ශුක්‍ර යන 7, සප්තධාතු ලෙස ද ස්වේද, මුත්‍ර සහ පුරිෂ යන ත්‍රිමල ලෙස ද...
2021-06-03 18:30:00
පොල්තෙල් භාවිතයට අද බොහෝ අය බියවනුයේ තෙල් සම්බන්ධ වන ගැටලු නිසාමයි. හෘදය වස්තුවේ රෝගවලට පොල්තෙල් අගුණ බවත්, එසේම අධිමේදතාවය වැනි රෝග බහුල වන බවටත් මත...
2021-05-27 18:30:00
ග්‍රහයෝ මඟින් විවිධ දෑ නිවේදනය කෙරෙති. උදාහරණයක් වශයෙන් රවි හෙවත් සූර්යයා මඟින් පියා, රාජ්‍යය, ඊශ්වර දෙවියන්, පද්මරාග මැණික, අහස්යානය, නිකල් ලෝහය....
2021-05-27 18:30:00
ප්‍ර : අපේ හාමුදුරුවනේ මෙවර ඉතා භයානක වසංගත රෝගයක් පවතින විටකයි අපට මේ තෙමඟුල සැමරීමට සිදුවී තිබෙන්නේ. එය අප කරගන්නේ කෙසේද?පි : ඔව් අපි තෙමඟුල සමරන...
2021-05-20 18:30:00
දෙමාපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් තවත් නැත. මේ නිසා දරුවන්ගේ අනාගත දියුණුව සඳහා දෙමාපියන් මොනතරම් වෙහෙසක් කැප කිරීමක් කරනවාද? එහෙත් ඒ මහඟු ගුණ ගැන...
2021-05-20 18:30:00
රවි පස්වැන්නේ යෙදී සෙනසුරු දෙවැන්නේ සිටි විට දීර්ඝායුෂ භුක්ති විඳියි. නමුත් යම් යම් රෝගයන් නිසා පීඩාවට ලක්වේ. පියා සමඟ ඇති බැඳීම අඩු කරන අතර දරුවන්ට...
2021-05-13 18:30:00
විවාහය යනු කෙනෙකුගේ ජීවිතයේ සුන්දර අවස්ථාවකි. එය කෙනකුට රෝස මල් යහනාවක් සේ සුන්දර එකක් විය හැකි අතර තවත් අයකුට එය කටු පඳුරුවලින් පිරුණ වන වදුලක් සේ...
2021-05-13 18:30:00
ග්‍රහ ලොවේ ප්‍රමුඛයා වන්නේ රවි හෙවත් හිරුය. ලෝකයේ ජීවය හා පැවැත්ම හිරු මත රඳාපවතියි. කේන්ද්‍රයක හිරුගේ තැන්පත්වීම ජීවිතය පිළිබඳ කියාපාන කැඩපත වේ....
2021-05-06 18:30:00
ආරෝග්‍යා පරමාලාභා – සන්තෘෂ්ටි පරමං ධනංවිශ්වාසා පරමා ඥාතී – නිබ්බානං පරමං සුඛංනිරෝගිකම තරම් ලොකු ලාභයක්, සතුට තරම් ලොකු ධනයක්, විශ්වාසකම තරම් ලොකු...
2021-04-29 18:30:00
අප ජීවත්වන සමාජය දෙස බැලීමේ දී කෙනෙකු දිළිඳු දුෂ්කරතාවලින් පිරුණු ජීවිතයක් ගත කරන අතර තව කෙනෙක් ධනයෙන් මෙන්ම ගුණ නැණින් ද යුතුව වැදගත් අය වශයෙන් දිවි...
2021-04-22 18:30:00
විවාහයට අතිශයින්ම බලපෑම් කරන බව කියැවෙන භෞම දෝෂය යනුවෙන් හඳුන්වනුයේ කුජ හෙවත් අඟහරු දෝෂයයි. කුජ ස්ත්‍රී පුරුෂ කේන්ද්‍රවල පිහිටි ආකාරය අනුව මෙම යෝගය...
2021-04-22 18:30:00
අසනීප ගතියක් හැරුණු විට අපි කවුරුත්ම මද උණුසුම් වතුර බොන්න කැමති නැහැ. ඒකට හේතුව තමයි අපි සිසිල් ජලය පානයට නිරන්තරයෙන්ම හුරු වී සිටීම. උණු වතුර...
2021-04-22 18:30:00
ජන ක්රීඩාඅතීතයේ පැරණි ගම්වල කතුරු ඔංචිල්ලා හා තනි ඔංචිල්ලා යනුවෙන් දෙවර්ගයක් තිබුණත් වර්තමානයේ දැකිය හැක්කේ තනි ඔංචිල්ලා ක්‍රීඩාවකි. කතුරු...
2021-04-08 18:30:00
අපේ මේ මිනිස් දිවියේ ඉතා වැදගත් සන්ධිස්ථානය ලෙස විවාහය හඳුන්වා දිය හැකි ය. මව්කුසින් ද විවාහය තුළින් ද අප කවුරුත් දෙවරක් ඉපදෙන බව සෘෂිමුණි භාෂිතයකි....
2021-04-01 18:30:00