වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
මෙලොව රඳා පවතින්නේ ආදරය මතයි. එම ආදරය පිළිබඳවත් මිනිස් දිවියට ආදරයේ ඇති වැදගත්කම ගැනත් හැඟීම් පුද්ගලයාට ලබා දෙන්නේ සිකුරු මණ්ඩලයයි. සිකුරු මණ්ඩලය...
2023-06-08 18:30:00
ශක වර්ෂ 1945ක් වූ වෘෂභ රවි 26 භාග පොසොන් අව සැටවක තිථිය ලත් කිවිදින සිට මිථුන රවි 01 භාග පොසොන් අව දොළොස්වක තිථියලත් ගුරුදින දක්වායි. ග්‍රහයෝ සහ...
2023-06-08 18:30:00
ශක වර්ෂ 1945 ක් වූ වෘෂභ රවි 19 භාග පොසොන් පුර තුදුස්වක තිථිය ලත් කිවිදින සිට එම රවි 25 භාග පොසොන් අව විසේනිය ලත් ගුරුදින දක්වායි. ග්...
2023-06-01 18:30:00
රවි මණ්ඩලයරවි මණ්ඩලය පහළ කොටසේ හෘද රේඛාවට ආසන්නයේ සුළි ආකාරයට කෙඳි රේඛා පිහිටා ඇත්නම් හෘදයාබාධ ඇතිවීමට ඉඩ ඇත. එම නිසා ඒ ගැන විශේෂ අවධානයක් යොමු...
2023-05-25 18:30:00
අපට හිතේ හැටියට වියදම් කරන්න මුදල් තියෙනවා. ඒ නිසා අප ධනවතකුයයි පවසන්නට හැකියාවක්, හැම දෙනාටම ලැබෙන්නනේ නැත. බොහෝ දෙනකුට මෙම වරප්‍රසාදය ලැබී නැත. ඇයි...
2023-05-25 18:30:00
පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 1 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදි. අද අපි පෞද්ගලික අංක 2 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා...
2023-05-25 18:30:00
ඡ්‍යෝතිෂය මානසික විද්‍යාවක්ද, මානසික විද්‍යාවක් නම් ජ්‍යෝතිෂවේදීන් මානසික චිකිත්සකයන් ද? එසේත් නැතිනම් මෙය මඟහැරී ගොස් නෂ්ඨාවශේෂ වූ ගවේෂණයට...
2023-05-18 18:30:00
ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අපට බලපාන කරුණු කාරණා රැසක් තිබේ. විවාහය,ව්‍යාපාර,රැකියා, සෞඛ්‍ය,අධ්‍යාපනය ඉන් කිහිපයකි. එම නිසා ජීවිතයේ සාර්ථකත්වයට...
2023-05-18 18:30:00
අප ජිවත් වන්නේ අනන්තවත් බලාපොරොත්තු පොදි බැඳගෙනය. සමහර බලාපොරොත්තු ඉටු වන අතර සමහර බලාපොරොත්තු ඉටුවන්නේ නැත. ඉටුවන බලාපොරොත්තු නිසා අපි සතුටටත්...
2023-05-11 18:30:00
ක්රිෂ්ණ මූර්ති පද්ධතිය පෙරදිග ජ්‍යොතිෂ්‍ය ශාස්ත්රයේ නව නැම්මකි. ජන්ම පත්‍රයක් හෝ තත්කාල කේන්ද්‍රයක් මගින් පලාපල කථනය කිරීමේදී, යම් ග්‍රහයකු...
2023-05-04 18:30:00
දරුවකු ලැබීම කාන්තාවකගේ මහත් වූ බලාපොරොත්තුවකි. මේ නිසා කුසට පැමිණි කිරිකැටියා සෑම උවදුරකින්ම රැක ගැනීමට මවක විසින් නොකරන දෙයක් නොමැති තරම් ය....
2023-05-04 18:30:00
ජන්ම කේන්දරයේ දහවැනි කොටුව හෙවත් දහවැනි භාවය කර්මස්ථානය, අභිමානස්ථානය, පීතෘ ස්ථානය යන නම්වලින් හඳුන්වයි. රැකියාව පිළිබඳව ප්‍රධාන වශයෙන් දහයෙන්...
2023-04-20 18:30:00
වානරයාගෙන් ආරම්භ වූ මනුෂ්‍යයා දියුණු වන විට ඇදහැලි ද ටික ටික පුරුදු වුණා. “දෙවියා”, දෙවියෝ” දේවත්වය ද ලුහු බඳින්න වුණ එක විතරක් නොවේ දේව සංකල්පයද ඇති...
2023-03-30 18:30:00
ජන්මියෙකුට ලබන්නා වූ අපල අතුරින් සෙනසුරු අපලය ප්‍රධාන තැනක් ගන්නා අතර, විශේෂයෙන් එය ආකාර තුනකින් යෙදෙයි. එනම් ශනි ග්‍රහයා උත්පත්ති කේන්දරයේ ජන්ම සඳු...
2023-03-30 18:30:00
ජන්ම කේන්ද්‍රයේ නමවැනි කොටුව හෙවත් නමවැනි භාවය පුණ්‍යස්ථානය, භාග්‍යස්ථානය, තපස්ථානය, ශුභස්ථානය ආදී නම්වලින් හඳුන්වයි. උසස් ඉගෙනීම, වැඩිහිටියන්ට...
2023-03-23 18:30:00
කෙනකුගේ කේන්ද්‍රයේ ලග්නයේ සෙනසුරු, රාහු, කේතු, අඟහරු යන ග්‍රහයන්ගෙන් කීප දෙනකු හෝ එක් ග්‍රහයකු සිටියත් ඔහුගේ හෝ ඇයගේ යුගදිවියේ මිහිර වැඩිකලක්...
2023-03-16 18:30:00