ශිෂ්‍යත්වය හා උසස් පෙළ ලියන දූ දරුවන්ට අපල දුරුවීමට වත් පිළිවෙත්

ජුනි 28, 2019
දරුවන්ගේ ජීවිතයේ සුවිශේෂ කඩඉම් දෙකක් වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හා අපොස උ.පෙළ විභාගය දෙමාපියන්ට මහා බරක් වී ඇත. 
දරුවා ඉපදුන විට ජන්ම පත්‍රය සාදා ගැනීම සඳහා පැමිණ විට අම්මා ඡ්‍යොතිෂවේදියාගෙන් අසන පළමු පැනය නම් මගේ දරුවා ඉගෙන ගනීද. ශිෂ්‍යත්වය ජයගන්න පුළුවන්ද යන්න. එතරම් බලාපොරොත්තු තබාගෙන මොන්ටිසෝරියෙ සිට ශිෂ්‍යත්ව විභාගය තෙක් අප්‍රමාණ දුක් විඳින මව්වරු හා දරුවන් වෙනුවෙන් ඉදිරියේ කළ යුතු ග්‍රහ පූජාවන් හා වතාවත් පිළිබඳවත් දරුවන්ගෙ කේන්දර වල තත්වයන් පොදුවේ ගෙනහැර පලාපල හා වතාවත් පෙන්වා දෙන අතර ඔබගේ පවුලේ ඡ්‍යොතිෂවේදියා මුණගැසි ජන්ම කේන්ද්‍රයේ ලබා ඇති මහදශා, අනුදශා හා අතුරු දශා අනුව කටයුතු කිරීමෙන් ඉතා ඉහළ ප්‍රතිඵල ලබා ගත හැකිය. බොහෝවිට පන්තියෙ අදක්ෂයි. කියා කියන ළමුන් ඉහළ ප්‍රතිඵල ලබන දක්ෂ දරුවන් අසමත් වන ප්‍රධාන විභාගය ශිෂ්‍යත්ව විභාගයයි. එලෙසම අ.පො.ස. උසස්පෙළ විභාගය දරුවන්ගෙ විභාග ලෙස මහා ඉහළින් සලකන අතර පාසල අතහැර බාහිර පන්තිවල පමණක් ජීවත්වන කාලය මේ කාලය යි. එහෙත් එලෙස කටයුතු කළත් අවසාන සති කීපය හිසරදය, ශරීර අප්‍රානික බව, ජීවිතය එපා වීම අධික දුක හා බිය ආදිය ඇතිවන අවස්ථා දරුවන් ප්‍රකාශ කරන අතර මෙය බෙහෙත්වලින් පිළියම් කිරීමට බොහෝ විට කටයුතු කරයි. එහෙත් මේ විශ්වය තුළ අපට සොයාගත හැකි දේ අල්පය. නොපෙනෙන දේ විශාලය. එය තේරුම් ගෙන කටයුතු කරන බුද්ධිමත් අය බොහෝ දෙනා තම ආගමට අනුව කටයුතු කරන අතර සුළු ග්‍රහ ශාන්ති කර්මයකින් පවා මේ අසුබ දුරකර ඉතා ප්‍රබල ජයග්‍රහණ ලබා ගත හැකි විශ්මිත දේ ඡ්‍යොතිෂය තුළ ඇත. තෙවන ඇසක් ඇති යහපත් ,ගුණවත් ඡ්‍යොතිෂවේදීන් දෙන උපදෙස් පිළිපැදීම තුළ අනාගත ජීවිතය සැපවත් කරගෙන ජය සතුට ලබාගත හැකි බව සිතට ගෙන පහත සඳහන් කරුණු ඉටුකර ගෙන ජය ලබා ගන්නා ලෙස හදපිරි සතුටින් ආශිර්වාද කරමි. 
මේෂ ලග්නය 
මේෂ ලග්නය ලග්නාධිපති අඟහරු වන අතර පස්වැන්න අධිපති රවි වේ. ග්‍රහලොව පියපුතුගේ බල පරාක්‍රමය සහිතව සිටින බැවින්ද 9 වැන්න අධිපති ගුරු ගේ බලයද සොයාබලා ශක්තිය ගැබ්වී ඇති අයුරු අනුව පුර පක්ෂයෙ ගුරු දින ගුරු හෝරාවෙන් උදේ හෝ හවස බෝධියට නැගෙනහිරින් අබ තෙල් පහන් 7 ක් පූජාකර රතු නෙළුම් මල් 7 ක් පූජාකර සුවඳ පැන් කල 7 ක් බෝධියට පූජා කරන්න. නොකඩවා දින 7 ක් කිරීමෙන් ශුභඵල ලබාගත හැකිය. ඊශ්වර දෙවියන්ට පින්දෙන්න. කතරගම දෙවියන්ට තම දරුවාගේ විභාග ජයග්‍රහණය පිළිබඳව කියා හැකිනම් භාරවෙන්න. 
වෘෂභ ලග්නය 
වෘෂභ ලග්නය ලග්නාධිපති සිකුරු වේ. විද්‍යාස්ථානාධිපති බුධ වේ. එලෙසම භාග්‍යාස්ථානාධිපති වන්නෙ සෙනසුරුය. එබැවින් මෙම දින තුනෙන් එක් දිනක ශනි හෝරාවෙන් ඊශාන දිසා බලා නුගකොළ මත ගිතෙල් පහන් 9 ක් දල්වා නිල් කටරොලු මල්, පූජා කර බෝධිපූජා තබන්න දින 9 ක් අවසන් දින විෂ්ණු දෙවියන්ට හා ගණදෙවියන්ට පොල් ගෙඩියක්, නිල් තිරයක් පූජාකර දරුවාට සෙත සලසන ලෙස ඉල්ලා ප්‍රාර්ථනා කරන්න. ශාරීරික පිරිසිදුකමට වඩා අධ්‍යාත්මික පිරිසිදුකම ඉතා වටී. 
මිථුන ලග්නය 
මිථුන ලග්නයෙන් උපන් පින්වත් දරු දැරියන්ගෙ ලග්නාධිපති බුධ වන අතර අධ්‍යාපනයට අයත් විද්‍යාස්ථානාධිපති සිකුරුට අයත්වන අතර 9 වැන්න අධිපති එනම් පුණ්‍යස්ථානාධිපති සෙනසුරු වේ. යෝගකාරක ග්‍රහයන් වන බුධ හා සිකුරු බැවින් මෙම දින 2 න් එකක සිට දින 7 ක් බෝධියට උතුරු දෙසින් මුහුණලා එළඟිතෙල් පහන් 7 ක් පූජා කර කහමල් වට්ටි 3 ක් පූජා කරන්න. සියලු දෙවියන්ට පිං දෙන්න. හැකිනම් පමණ ක් පත්තිනි මෑණියන්ට හා විෂ්ණු දෙවියන්ට සෙත්කවි ගායනා කර පූජා තබා ජයග්‍රහණය සඳහා වරම් ලබා ගන්න. 
කටක ලග්නය 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
ඡ්‍යොතිෂවේදී 
රත්න ශ්‍රී සෙනරත් 
හොරණ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.