සොබා දහමට අවතීර්ණ වෙමු

ඔක්තෝබර් 30, 2020

සොබා දහම යනු පරිසරයයි. අප අවට වටපිටාවයි. එයට අවනතව එයට අනුගතව කටයුතු කිරීම අපේ යුතුකම වන්නේය. සොබා දහමට පිටුපා කටයුතු කළ හැම මොහොතකම අප පරාජිතයන් වූහ. ඒ සඳහා අපට ඕනෑ තරම් ආදර්ශ තිබේ.

මේ ලෝක ව්‍යසනයක් වූ කොවිඩ් 19 ගැන සිතන්න සැබවින්ම එයද බොහෝවිට සොබා දහමට පිටුපා කළ කටයුත්තක අතුරු විපාකයක් විය හැක. විෂබීජ යනු සමාජ අපිරිසිදුතාවයි. ඒ සමාජ අපිරිසිදුතාව පවතින තාක්කල් මෙම විෂබීජය අප අතර පවතින්නට ඉඩ තිබේ. සමාජ සංසරණය යනු ජනාකීර්ණ වූ එකිනෙකාට ඉතා කිට්ටුවෙන් ජනඝනත්වයක් පවතින තැනක එබදු තැනක විය හැකි අපිරිසිදු බව කොතෙක්ද යන්නට අපට වැටහෙනු ඇත. ජන ගහණය අඩු තැනක ඒ සමාජ ව්‍යසනය අපට දක්නට නැත. කෙසේ වුවද අපි සමාජය සමාජ වටපිටාව ඉතා පවිත්‍රව තබා ගනිමු. කෙටිම උදාහරණයට ලෙස පෑලියගොඩ මාළු වෙළෙඳසැල අපි කතාවට ගනිමු. එම පරිසරය අපිරිසිදු ජලයෙන් නැතිනම් මාළුන්ගේ අපද්‍රව්‍ය ගහණ වූ තැනකි. එයට එම ස්ථානයට ගරහනවා නොව, එයයි එබඳු තැනක ස්වභාවය.

අළුයම් කාලයේ රට වටින් එන මාළු ලොරි රථ එකට ගාල් කර විටෙක එතනදීම වෙන්දේසියේ දමා අලෙවි කරන මාළු ගොඩවල් වටා එක්රොස් වන වෙළෙඳුන් එම මොහොතේ සිට දහවල් 10 -11 පමණ ද වනතුරු කරන රාජකාරිය පිළිබඳව ඒ අව් රස්මියවත් නොවැටෙන හෝරා කීපය පිළිබඳව අප හොඳින් දන්නෙමු. අපට කුස පිරවීමට අපට මාළු ආහාරයට ගෙන දීමට අහිංසක පිරිස දරණ උත්සාහය සුළු පටු නොවන බව අප අමතක නොකරමු. ඒ තත්ත්වය ඒ අපිරිසිදු වටපිටාව අප මාළු වෙළෙඳසැල් වල පමණක් නොව මුළු ලොව කොයිම දියුණු රටක වුවද එය එසේමය අපිරිසිදු ජලය අයිස් ජලය පිළී ගඳ සමඟ වහනය වන පිලිකුල කිසිවිටෙක බැහැර කළ නොහැක. එබඳු පරිසරයක් එසේත් නැතිනම් අව් රශ්මියෙන් තොර සීතල පරිසරයක් තුළ කොරෝනා නොහොත් කොවිඩ් 19 ට හොඳ තෝතැන්කක් වැන්න. ඒ නිසා අප ඉදිරියටත් සිතමු. අප අපගේ පරිසරය අප ජීවත් වන වටපිටාව ඉතා පිරිසිදුවට තබා ගනිමු. කොවිඩ් පමණක් නොව වෙනත් ඕනෑම විෂබීජයක් නිසා වැළඳෙන රෝගයකට අප වෙසෙන ඉසව්ව තෝතැන්නක් නොකරමු. විශේෂයෙන්ම මේ වැසිබර කාලගුණයක් පවතින කාලයේ අප පරිසරය පිරිසිදුවට තබා නොගතහොත් ඩෙංගු, මී උණ ඇතුළු තවත් බොහෝ සැඟවුණු රෝග කාරක අප ශරිර ගත වීමට බැරි තැන මේ කොරෝනා වසංගතය පවතින කාලයේ දමන ඇදිරි නිතිය නැතහොත් ස්වයං නිරෝධායන කාලය තුළ අපට ලැබෙන නිවාඩුව නිසා බොහෝවිට අප පුරුදු වී සිටින්නේ රාත්‍රි නින්දට ගොස් පසුදා දහවල් 12 - 01 පමණ තෙක් නිදා ගැනීමටය. එහෙත් ඔබ දන්නවාද මේ කොරෝනා වෛරසය අවටින් දුරු කිරීමට අව් රශ්මිය කොතෙක් නම් බලපානවාද කියා.

මා හට අසන්නට හැකි වූ පරිදි බොහෝවිට දහවල් 12 - 01 අතරේ අව් රශ්මියට අවතීර්ණ වීමෙන් ඉතා ඉක්මනින් අප වටා ඇති විෂබීජය පළවා හැරිය හැකි බවයි. එසේ නම් කරුවලට ගුලිවී අව් රශ්මියෙන් බැහැරව අප නිදි වර්ජිතව දවස ගෙවන්නේ නම් මොන මොන විෂබීජ අපට කරදර කරන්නට හේතු වනවා ඇද්ද? මේ ලෙසම බෝ නොවන රෝග සඳහාද එය හේතු විය හැක. පරිසරයට කිසියම් ක්‍රියාකාරකමක් ව්‍යායාමයක් නැතිව වැලඳෙන කොලෙස්ටරෝල් සීනි, අධි රුධිර පීඩනය පවා වැළඳීමේ අවදානම මේ නිදි වර්ජිත ක්‍රියාව නිසා හට ගනු ඇත. එසේ නම් මේ නිවසට වී සිටින කාලය අප නිවෙස වටා අපේ ඉඩම් වපසරිය තුළ සිට ශරිරය වෙහෙසා පරිසරය පිරිසිදු කිරීමට ගහක් කොළක් සිටුවා එය ප්‍රයෝජනයට ගැනීමට ආහාරයක් සඳහා එළවළුවක් වගා කරමු. එවිට එය අපේ ශරීර සෞඛ්‍යයට පමණක් නොව බත් පතට ද විශාල සහනයක් වනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.