වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ග්‍රහ අපලවලට පිළියම ප්‍රතිපත්ති ගරුක වීමයි
ජනවාරි 24, 2020
ඡ්‍යොතිෂය දත් නොදත් බොහෝ දෙනෙකු අද ග්‍රහමාරුවක්, චන්ද්‍රග්‍රහණයක්, සූර්යය ග්‍රහණයක් වැනි දෙයකදී දක්වන්නේ පුදුම උනන්දුවකි. සැබවින්ම ග්‍රහයින් මිනිස් දිවියට තදින්ම බලපාන එක නොරහසක් වන නිසා අද එබඳු ජනතා යොමුවීමක් පිළිබඳව පුදුම වන්නටද දෙයක් නැත.
ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයින් අතර වැඩිම කාලයක් එක රාශියක සිටින සෙනසුරු වසර දෙක හමාර බැගින් රාශි, දොළසේ ගමන් කර යළි නැවත එම ස්ථානයට යාමට වසර 30ක් ගතවනු ඇත. එහෙත් ඒ එක එක රාශියට වෙන් වෙන් වශයෙන් ප්‍රතිඵල දෙන සෙනසුරු පිළිබඳ වැඩි දෙනෙකු තුළ ඇත්තේ මහත් බියකි. ඒ අන් ග්‍රහයන්ට වඩා සෙනසුරු කෙනෙකුට ඒ වසර 30 ඇතුළත ඉතා අමිහිරි අත්දැකීම් උරුම කරදෙන ඒරාෂ්ඨක අපල කීපයක්ම ගෙනදෙන නිසා ය. සෙනසුරු 12, 01, 02 ස්ථානවල ගමන් කරන විට එක රාශියක වසර දෙක හමාර බැගින් වසර හත හමාරක ලග්න ඒරාෂ්ඨකයද සඳු කෙනෙකුගේ යම් තැනකද එම ස්ථානයට සෙනසුරු පැමිණීම ජන්ම ඒරාෂ්ඨකයද සෙනසුරු කේන්ද්‍රයේ අට වැන්නට පැමිණීම. සෙනසුරු අෂ්ඨම ඒරාෂ්ඨකය හා චන්ද්‍රයා සිටින ස්ථානයෙන් අටට පැමිණීම චන්ද්‍රාෂ්ඨම ඒරාෂ්ඨකයද ලෙසින් මෙම ඒරාෂ්ඨක විවිධ වෙයි. වෙන කිසිදු ග්‍රහයකු ගෙන නොදෙන අන්දමේ අපලවිපත් සෙනසුරු ජීවිතයට ගෙන එන බව පවසන්නේ අන්න ඒ නිසා ය. කෙසේ නමුදු කෙනෙකුට කේන්ද්‍රයේ සෙනසුරු ලබා තිබෙන හොඳ නොහොඳ අනුව කෙනෙකුට සෙනසුරු යහපත් ග්‍රහයකු ලෙසද තවත් කෙනෙකුට අයහපත් ග්‍රහයෙකු ලෙසද හඳුන්වා දීමට පුළුවන. වසර දෙක හමාරක කාලයක් ධනු රාශියේ සිටි සෙනසුරු 2020 ජනවාරි 24 වන දින උදේ 09.49 ට මකර රාශි ගත වෙයි. එය පොදුවේ ගත් කල රටට ලෝකයට ජනතාවට සුබවාදී තත්ත්වයකට මූලාරම්භයක් බව කිව යුතු ය.
වසර දෙක හමාරකට එපිට තව වසර දෙක හමාරක් සෙනසුරු සිටියේ වෘශ්චික රාශියේ නිසා එම රාශියට සෙනසුරු නීචව පැවති කාලය එනම් මීට වසර 5 ක පමණ කාලයක සිට සෙනසුරු විසින් රටට ජාතියට පරිසරයට පැවති රජයන්ට ලෝකයට ගෙනදුන් විපත් කරදර පිළිබඳ ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ අනුව මිනිසුන් මිනිසුන් අතර අසමගිතා සොරකම, වංචාව එදිරිවාදිකම අයහපත් පරිසර විපර්යාසයන් රැසකට මුහුණ දුන්නේ අන්න ඒ නිසා යයි අපට සිතිය හැකි ය. කෙසේ නමුදු ඒ අමිහිරි අත්දැකීම් සියල්ල පසෙකලා 2020.01.24 දින සෙනසුරු සිය අධිපතිත්වය හිමි මකර රාශියට පැමිණීම බොහෝ සුබවාදී බලාපොරොත්තු ඉහළ නැංවීමට තරම් වනු ඇත.
කෙසේ නමුදු මෙම ග්‍රහමාරුව වන අවස්ථාවට පෙරාතුව අප වෙත එන ඉතා විශාල දුරකතන ඇමතුම් වලින් අසන පලාපල පිළිබඳව අපට සිතන්න හැකි වී ඇත්තේ අද රටේ මේ ග්‍රහ මාරු පිළිබඳ මිනිසුන් කොතෙක් උනන්දුවක් දක්වනවාද යන්නයි. කෙසේ නමුදු මෙම ග්‍රහමාරු ප්‍රතිපලවලට අනුව මෙම පාඨක හිතවතුන්ට පවසන්නට තිබෙන්නේ ග්‍රහයින්ගේ අපල උපද්‍රව අපගේ ප්‍රතිපත්තිගරුක ජීවිතය තුළින් අවම කරගත හැකි බවයි. ඕනෑම ග්‍රහයකු අපගේ චිත්ත සන්තානයට බලපෑම් කරමින් අප ව්‍යාකූල මානසිකත්වයට ගෙන යමින් අපව ලෙඩුන් මානසික දුර්වලයින් හා ඒ නිසාම විවිධ කරදර උවදුරුවලට පමුණුවන නමුදු ඒ තත්ත්වයට අප හසු නොවී සිටීමට හැකි බවයි. විවිධ ග්‍රහ අපල පවතින විට සාර්ථක ඡ්‍යොතිෂවේදීන් තම සේවාදායකයින්ට පවසන්නේ තම ආගමානුකූල ජීවිතයට වඩ වඩා නැඹුරුවිය යුතුය යන්නයි. ඔබ බෞද්ධ අයකු නම් බෝධිපූජා තබා ඒ ඒ ග්‍රහයාට අදාළ දෙවි දේවතාවුන් ඇදහීම කළයුතු බවද පවසයි. මේ කටයුතු තුළින් කෙනෙනකු තුළ ඇතිවන මානසික සුවය අධිෂ්ඨානය තුළින් විය හැකි අපල අවමවෙයි.
ඒ නිසා ඔබත් වඩ වඩාත් ග්‍රහ අපල අවම කර ගැනීමට වඩ වඩාත් ආගමික කටයුතුවල නිරතවන්න. එවිට ඔබට කිසිවිට බියවිය යුතු නැත. සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් ඔබ ශ්‍රී විෂ්ණු දෙවිඳු සඳහා පූජෝපහාර දක්වන්න. එවිට ඔබට යහපත උදාවේ.
෴ සබැඳි ලිපි ෴
මේ දිනවල රස්නය ඉතා වැඩිය. සූර්යයා කෝප වී ඇතුවා මෙනි. ගහක් වැලක් ඇති තැනක හෝ වායු සමනයක් ඇති සීත කාමරයක මිස විසීම උගහටය. අපට පමණක් නොව ලෝකයටම පරිසර ප්...
2024-05-09 18:30:00
නරක වෙලාවට දෙවියන් පවා අහක බලන බව කතාවට කියනු අසා ඇතුවාට සැක නැත. කෙතරම් සත්‍ය කතා කළ ද අන්‍යයන් එය පිළිගන්නේ නැත. එමෙන්ම නරක වෙලාවට මාරයාද කුරුමානම්...
2024-05-02 18:30:00
ලියුමක් තැපැල් කිරීමේදී අපට නියමිත ගාස්තුවට මුද්දර අවශ්‍ය වේ. එසේ නොවුණ හොත් ලියුම ලබන්නා විසින් ඒ මුදල ගෙවිය යුතු වනු ඇත. ඇතැම් අවස්ථාවල පාර්සල්...
2024-04-25 18:30:00
අලුත් අවුරුද්දේ අලුත් සිතිවිලිවලින් අනූනව ඉදිරි කාලය පිළිබඳ සිතීමට අපි සූදානම් වී ඇත්තෙමු. සියලු දෙනා සුබ පැතුවේ සතුට සැපත සෞභාග්‍යය...
2024-04-18 18:30:00
අලුත් අවුරුද්දක් ලැබීම යනු අපි සියලු දෙනාගේ ජීවිත නැවුම් හැඟීම්, බලාපොරොත්තු, අපේක්ෂා සමඟ අනාගතය වෙනුවෙන් සූදානම් වීමට යෙදෙන නිමිත්තකි. ගෙවල් දොරවල්...
2024-04-11 18:30:00
අවරුදු අසිරිය රට පුරා පැතිරෙද්දී අවුරුදු කන විදිහ පිළිබඳ ඇති වූයේ මහත් උනන්දුවකි. අතීතයේ සිට පැමිණෙන සිරිතක් වූ අවුරුද්ද ළං වන බවට කොවුලා ගයන්නටත්...
2024-04-04 18:30:00
විශ්වය පිළිබඳ සොයාගෙන යන ගමන කෙතරම් අපූරු ද යන්න දනවන තවත් පුවතක් ඉතා මෑතදී අසන්නට ලැබිණි. ඒ ශිව සහ ශක්ති ලෙස නම් කරන ලද ක්ෂීරපථයේ ඉපැරැණි පථද්වයක්...
2024-03-28 18:30:00
අප අදහන්නේ චන්ද්‍රයා පමණක් පෘථිවියේ ඇති වන උදම් රළට හේතු වනවා කියාය. එනිසා ලබන 25 වැනිදා සිදු වන ඡායා චන්ද්‍රග්‍රහණය පිළිබඳ පවා බොහෝ දෙනාගේ අවධානය...
2024-03-21 18:30:00
වසරකට සිදු වන ග්‍රහණ පිළිබඳ උනන්දුවෙන් සිටින ඡ්‍යොතිෂ ලෝලීන් සූර්යග්‍රහණයක් සලකන්නේ ඉතා වැදගත් සිදුවීමක් ලෙස බව රහසක් නොවේ. සූර්යයා නිරන්තර පෙනෙන...
2024-03-14 18:30:00
අනාවැකියක් වැරදුණ විට බොහෝ දෙනා කරන්නේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට සහ ඡ්‍යොතිර්වේදියාට දෙස් දීමය. එහෙත් එය වැරදුණේ ශිල්පීය නිපුණත්වයේ දොසක් නිසාම ද නැතහොත්...
2024-03-07 18:30:00
මෑතක කරන ලද විද්‍යාත්මක පර්යේෂණයකින් ජීවය, විශ්වය පුරා ඇසට නොපෙනෙන, ඉතා සියුම් අංශු ලෙස විසිරී ඇතැයි මතයක් ප්‍රකාශ කර තිබේ. එයින් ඔවුන් කතා කිරීමට...
2024-02-29 18:30:00
පල හෝ අපල ගැන කතා කරන විට බොහෝ අය පවසන්නේ අහවල් ග්‍රහයා අහවල් භාවයේ නැත්නම් කොටුවේ සිටින නිසා අහවල් පලය හෝ අපලය සිදුවනවා කියාය. එය තේරුම්...
2024-02-22 18:30:00
වස් කවිවලට කවුරුත් බයය. සෙත් කවි සදා ගැනීමට අපි කැමැත්තෝ වෙමු. එසේම වස් වදින වචන කියනවාට කිසිවකු කැමැති නැත. එහෙත් සිත් පහන්වන සුබවාදී වචන ඇසෙනවාට...
2024-02-15 18:30:00
සිකුරු ග්‍රහයාගෙන් විස්මිත කොළ පැහැ ආලෝකයක් විහිදුණු බව පසුගිය දා තාරකා විද්‍යාඥයෝ ඡායාරූප ද සමඟින් පෙන්වා දුන්හ. මේ අතර විශ්වයේ තවත් මන්දාකිණි...
2024-02-08 18:30:00
අද අප ගත කරන්නේ අතීතයේ මුතුන් මිත්තන් ගෙවූ සැහැල්ලු ජීවිතය නොවේ. එදා කෙතේ කමතේ හේනේ වැඩ කළ ගොවියා නිරායාසයෙන් ව්‍යායාමය සිය සිරුරට ලබා දුන්නේය....
2024-01-25 18:30:00
නූතන විද්‍යාඥයන්ගේ අපූර්ව සොයා ගැනීමක් ලෙස පෘථිවියේ සියලු ජීවීන් මූලද්‍රව්‍ය පහක් මත යැපෙන බව මෑතකදී ප්‍රකාශ කර ඇත. ඒ කාබන්, හයිඩ්රජන්,...
2024-01-18 18:30:00