වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ලෝක ආයුර්වේද දිනය සමරමින් කෙටි වීඩියෝපට තරඟයක්
2024ලෝක ආයුර්වේද දින සැමරුම් උත්සව මාලාවේ එක් කොටසක් ලෙස, දේශීය වෛද්‍ය පීඨය විසින් සිසුන්ගේ නිර්මාණශීලීත්වය සහ ආයුර්වේද දැනුම ප්‍රදර්ශනය කරමින් කෙටි වීඩියෝපට තරඟයක් සංවිධානය කරන ලදී. සහභාගීවන්නන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම සහ භාවිතයන් ඉස්මතු කරමින් තීක්ෂ්ණ බුද්ධිය සහ සිත් ඇදගන්නා වීඩියෝපට නිර්මාණය කර තිබීම අනිවාර්ය කර තිබුණි. මේ අවස්ථාවට පීඨාධිපතිතුමන්, තරගයේ විනිසුරු මඬුල්ල, දේශීය වෛද්‍ය පීඨයේ අචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහ සිසු සිසුවියන් සහභාගී විය. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව ප්‍රවර්ධනයට දායක වෙමින් නව ආකාරයෙන් ආයුර්වේදය පිළිබඳ අවබෝධය ප්‍රකාශ කිරීමට සිසුන්ට වේදිකාවක් සහ අවස්ථාවක් සලසා දීම මෙහි අරමුණ විය.
- ජයන්ති කුරේ