සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 105 වැනි වසර සැමරේ

දෙසැම්බර් 27, 2024

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට වසර 105 ක් පිරීම නිමිත්තෙන් සැමරෙන ශාසන විරු දිනය ද අරමුණු කරමින් එම සම්මේලනයේ ආරම්භයේ සිටි ආදි කර්තෘවරුන් වෙත පින් පැමිණවීමට හා වර්තමාන සාමාජික සාමාජිකාවන් හට සෙත් පැතීම නිමිති කරගනිමින් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරිණි.

එහිදී තෛ‍්‍රනිකායික නායක ස්වාමීන්වහන්සේගේ සහභාගීත්වයෙන් සර්වරාත්‍රික පිරිත් පින්කමක් පැවැත් වුණු අතර සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආරම්භක සභාපති ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මහතා විසින් රට, ජාතිය, ආගම වෙනුවෙන් කරන ලද අනුපමේය මෙහෙවර සිහිකරමින් කොළඹ විජේරාම මංසන්ධියේ ඉදි කිරීමට යෙදුණු ජයතිලක මහතාගේ පිළිරුව නිරාවරණය කිරීමට ද පියවර ගැනිණි. එයට සමගාමීව ශාසන වීර දිනය සැමරීම ද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වත්මන් සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.