අන්තර්ජාතික යෝගා දිනය සැමරේ

ජුනි 23, 2023

ජුනි මස 21 දිනට යෙදෙන අන්තර්ජාතික යෝග දිනය සමරමින් ජනත‍ාවගේ කායික මානසික සුවය උදෙසා ඉවහල් වන අභ්‍යාස වලින් සමන්විත ප්‍රදර්ශනාත්මක මෙන්ම ප්‍රායෝගික අභ්‍යාසවලින් යුත් විශේෂ යෝගා වැඩසටහනක් පසුගිය දා කොළඹ නිදහසේ චතුරස්‍රයේදී පැවැත්විණ. එය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, විශේෂ කටයුතු අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ රැසක දායකත්වයෙන් සංවිධානය කෙරිණි.එම අවස්ථාව සඳහා ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විශේෂ කටයුතු අමාත්‍ය අලී සබ්රි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි යන අමාත්‍යවරුන් ශ්‍රී ලංකා ඉන්දියානු මහා කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බාගල් මහත‍ා ඇතුළු රාජ්‍යත්‍ර‍ාන්ත්‍රික නිලධාරීහු යෝග අභ්‍යාස සඳහා උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික පුරවැසියෝ මෙන්ම මෙරට සංචාරයට පැමිණ සිටින විදේශීකයෝ් පිරිසක් ද එක්ව සිටියහ.

 

ජයන්ති කුරේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.