සතියේ පුවත්

මැයි 19, 2023

 

නොමිලේ ඩිප්ලෝමා පාඨමාලාවක්

 

දේශීය ඥානය සහ සාම්ප්‍රදායික විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යයන ආයතනය මඟින් දේශීය වෛද්‍යවරුන් සඳහා වෛද්‍ය විද්‍යාව, බෞද්ධ මනෝ විද්‍යා ක්‍රම, බෞද්ධ භාවනා ක්‍රම, ජ්‍යෝතිෂ පිළිබඳ දැනුමක් ලබාදීම සඳහා ඩිප්ලෝමා පාඨමාලාවක් නොමිලේ පැවැත්වේ.

මොණරාගල විද්‍යා සාගර පිරිවෙන් විහාරයේදී පාඨමාලාව පැවැත්වෙන අතර, මහාචාර්ය අනුර තිසේරා , මහාචාර්ය ලයනල් වීරකෝන්, මහාචාර්ය සමන් වීරක්කොඩි, වෛද්‍ය ජානක කරුණාරත්න, මහාචාර්ය අරුන්දතී ගුණරත්න මෙහි දේශන මෙහෙයවති. මහාචාර්ය සමන් වීරක්කොඩි, විද්‍යා සාගර පිරිවෙන් විහාරය, රන්බඩගල, මොණරාගල යන ලිපිනයෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.

 

 

 

ඩෙංගු රෝගයට පිළියම්

 

මේ දිනවල ඩෙංගු රෝගය දිවයින තුළ බහුලව වාර්තා වන අතර, මදුරුවන් දෂ්ඨ කිරීම මඟින් ව්‍යාප්ත වේ. මේ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ තද උණ සහ හිසරුදාව, ඇස් යට වේදනාව, ඔක්කාරය සහ වමනය මස්පිඬු හා සන්ධි වේදනාව, සමේ රතු ලප හට ගැනීම හා රුධිර වහන තත්ත්වයන් ( විදුරුමසෙන්, නාසයෙන්, සමෙන්) ඇතිවේ. ඩෙංගු රෝගයේ ප්‍රභේද වන සාමාන්‍ය ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ වැලඳුන රෝගීන්ගේ මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකිය.

මේ සඳහා දේශීය ප්‍රතිකාර වශයෙන් කෂායක් ලෙස රසකිඳ, පාවට්ටා, දියමිත්ත, කලාඳුරු අල, වියළි ඉඟුරු, බිංකොහොඹ, ඉරිවේරිය කළන් 1යි , මදටිය 15 බැගින් ගෙන වතුර පත 8 -1 ට සිඳවා උදේ, සවස අනුපාන ලෙස සීනි, මීපැණි දීම සුදුසුය.

ඉඟුරු, කොත්තමල්ලි, පත්පාඩගම් තම්බා බීම, ශරීර ශක්තිය වර්ධනය වීම සඳහා කොළ කැඳ වර්ග, ගිරාපලා, එළබටු, යකිනාරං, හාතවාරිය කොළ සහ අල, කැඳ, ගොටුකොළ අල, කැඳ බීම.

කොත්පනා මල් තම්බා බීමට දෙන්න. බැදි හාල් කැඳ බීම සුදුසුය.

අක්මාව ශක්තිමත් වීමට මොනරකුඩුම්බිය කැඳ, කොක්මොට කැඳ සහ ව්‍යංජනය ඉතා සුදුසුය. අවුරුදු 12ට වැඩි අයට සුදර්ශන පෙති 2 බැගින් දවසට දෙවරක් ගත හැකි අතර සුදර්ශන චූර්ණය තේ හැඳි 1 බැගින් දවසට තුන් වරක් නිවාගත් උණු වතුරෙන් බීමට දියහැකියි. නෙල්ලි රසකිඳ තම්බා බීම සුදුසුය. මේ සියල්ලම වෛද්‍ය උපදෙස් මත ගැනීම කළ යුතුවේ.

එසේම උණ වැලඳී ඇති අවස්ථාවල විජලනය වැළැක්වීම සඳහා දියර වර්ග ( කැඳ වර්ග, ජීවනී සුප්, තැඹිලි වතුර, නරං) පලතුරු යුෂ පානීය ජලය පානය කිරීම වැදගත් වේ. රතු දුඹුරු පැහැති ආහාරපාන ගැනීම මඟින් රෝගය නිසා ඇතිවිය හැකි ලේ වහන තත්ත්වය හා වමනය හෝ මලපහ වෙන්කර ගැනීම අපහසු බැවින් වර්ණ කළ ආහාර බීට්රූට් රතුපාට එළවළු , රතුපාට බීම වර්ග සුදුසු නැති බව දංගල්ල ආයුර්වේද බෙහෙත් ශාලාවේ ආයුර්වේද වෛද්‍ය නන්දා කස්තුරිආරච්චි මහත්මිය පැවසීය.

 

ජයන්ති කුරේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.