වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ජලභීතිකාවට අත්බෙහෙත්
ජලභීතිකා රෝගය මාරාන්තික රෝගයකි. එහෙත් එය වළක්වා ගත හැකිය. ජලභීතිකාව පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු වර්ධනයක් සිදු වී ඇති අතර වසරකට ජලභීතිකාව නිසා පුද්ගලයන් 30ක් පමණ මරණයට පත්වේ. බල්ලන් සහ පූසන් සපා කෑම් හේතුවෙන් වැඩි වශයෙන් රෝගය බෝවන අතර, වසරකට සුනඛ සපාකෑම් ලක්ෂ දෙක හමාරක් තුනක් අතර, ප්‍රමාණයක් සිදුවන බව දංගල්ල බෙහෙත් ශාලාවේ ආයුර්වේද වෛද්‍ය ශිවන්ති අබේවර්ධන පැවසීය.
උපදෙස් :– සුනඛයා සපා කෑ ස්ථානය සබන් දා හොඳින් සෝදා හැරිය යුතුය.
තෙල් වර්ග – පිණ්ඩ තෛලය, නීල්‍යාදි තෛලය,
සීතෝදක තෛලය කෑ මුඛයට ගෑම සුදුසුය.
මුරුංගා පොතු, අමුකහ, ඇල්වතුර ස්වල්පයකින් අඹරා ගෑම සුදුසුය. මුරුංගා පොතු පමණක් ඇල්දියෙන් අඹරා ගෑමත් සුදුසුය.
සුනඛයන් සපා කෑ විට දෙනු ලබන එන්නත් ලබා ගැනීම අවශ්‍යයය. තුවාලයට විෂබීජ ඇතුළුවීම වළක්වාලන්නට වෙළුම් පටියකින් ආවරණය කිරීම වඩාත් සුදුසුය.
මී උණට ආයුර්වේද පිළියම්
මීයන් පිටකරන මුත්‍රා සමඟ මී උණ බැක්ටීරියාව බාහිර පරිසරයට එක්වේ. කුඹුරුවල ඇති දියකඩිති හා ජලය රැඳෙන තැන්වල මෙම බැක්ටීරියාව රැඳෙන අතර, මී උණ, වෙල් උණ, පතල් උණ, මඩ උණ වශයෙන් හඳුන්වනු ලබයි. ගවයන්, මී ගවයන් වැනි සතුන්ගෙන්ද බෝවන මෙය වකුගඩු ආශි‍්‍රතව ආසාදන ඇතිකරන රෝගයකි. රෝගියකුගෙන් තවත් කෙනකුට මෙම රෝගය බෝවන්නේ නැත.
කලට නිසි ප්‍රතිකාර ලබා නොගැනීමෙන් වකුගඩු, හෘදය මොළය වැනි අවයව අක්‍රිය වී මෙම රෝගය මාරාන්තික විය හැකි බව දංගල්ල ආයුර්වේද පාරම්පරික වෛද්‍ය භාෂණ හේරත් පැවසීය.
මී මුත්‍ර මිශ්‍ර ජලය ස්පර්ශ වන රැකියාවන්හි නිරත අයටද, වැලිගොඩ දමන වගුරුබිම් හෝ පුරන් කුඹුරුවල වැඩ කරන ගබඩා ආශි‍්‍රත රැකියාවල නියුතු අයට මෙම රෝගය වැලඳීමේ අවදානමක් ඇත.
මෙහි රෝග ලක්ෂණ වන්නේ
උණ, මස්පිඬුවල තදබල වේදනාව, ඇස් තද රතු පැහැවීම, වමනය, හිසරදය, අප්‍රාණික බව, මුත්‍රා අඩුවෙන් පිටවීම, මුත්‍රා තද කහ පැහැ වීම, මුත්‍රා සමඟ ලේ යාම වැනි ඒවා වේ.
දේවදාර, පත්පාඩගම්, කලාදුරු අල, අරළු, වියළි ඉඟුරු, කට්පල, සුවඳ කොට්ටං, සිරිතේක්කු, එළබටු මුල්, තිප්පිලි, කටුවැල්බටු කලං 1යි, මංචාඩි 2 බැගින් ගෙන වතුර පත 8 එකට සිඳවා ගෙන කෂාය පත 1/2 බැගින් උදේ, සවස සීනි, මී පැණි ස්වල්පයක් දමා බීමට සුදුසුය.
වැල්මී, වෙනිවැල්ගැට, වියළි කහ, දියමිත්ත, ඇහැළ පොතු, කලාදුරු අල, කොහොඹ පොතු කලං 1 මංචාඩි 15 බැගින් වතුර පත 8 එකට සිඳවා පත 1/2 බැගින් උදේ, සවස සීනි, මී පැණි දමා බීමට සුදුසුය.
තුවාල තිබේනම් ඇඟිලි පුරුක් සුදු පැහැති වී ඇත්නම් ඇඟිලිවල තුවාල සඳහා සීතෝදක තෙල්, සර්වවිශාදි තෙල් ගෑම සුදුසුය.
සීතාරාම වටිය
මහාවර්ථිකා වටිය ගුළි 2ක් 4ත් අතර, ගැනීම සුදුසුය.
අමුර්ථා අරිෂ්ටය මේස හැඳි 2ක් 4ත් අතර ප්‍රමාණයක් ගැනීම සුදුසුය.
ධාරුපර්පට ක්වාඨය
නගරාදී පන්චක ක්වාථය මේස හැඳි 2ක් 4ක් අතර ප්‍රමාණයක් බීමට සුදුසුය.
බුද්ධරාජ කල්කය නවරත්න කල්කය මදටිය ඇට 1ත් 2ත් අතර ප්‍රමාණයක් බීම සුදුසුය.
වියළි ඉඟුරු, ගම්මිරිස්, සුදුලූනු, තම්බපු වතුරෙන් බීමට දීම සුදුසුය.
අස්වැන්න,පොල්පලා, එළබටු මුල්, කටුවැල්බටු, හීන් නෙරෙංචි, සුදුලූනු තම්බාපු වතුරෙන් බීමට දීම සුදුසුය. මේ සියල්ල සඳහා වෛද්‍ය උපදෙස් පිළිපදින්න.
සටහන - ජයන්ති කුරේ