අත් ‍ෙබ‍ෙහත් අම්ල පිත්තයට ( බඩ දැවිල්ලට)

මැයි 12, 2023

1.වී පොරි, සුදුහඳුන්, සැවැන්දරා මුල්, කළු උක් දඬු, සූදුරු, මහදුරු, තැම්බූ වතුර සීනි දමා බොන්න.

2. බෙලිකොළ, හීං උඳුපියලිය, කොත්තමල්ලි, එක පමණ ගෙන වේලා කුඩුකර කෝපි මෙන් වක්කර බොන්න.

3. උඳුපියලිය, ගොටුකොළ, හාතවාරිය කොළ, වැල්පෙනෙළ,ටික ටික ගෙන කැඳ සාදා බොන්න.

4. වැල් පෙනෙළ කැඳ බොන්න.

5. කීකිරිඳිය කැඳ බොන්න.

6.හාතාවාරිය අල හෝ කොළ කැඳ බොන්න.

7. ඉරිමුසු කැඳ බොන්න.

8. බෙලිමල්, කොත්තමල්ලි, පත්පාඩගම්, රසකිඳ, සැවැන්දරා මුල්, පුහුල් දඬු තම්බා ගත් වතුර බොන්න.

9. සුදුහඳුන්, බෙලිමුල්, කොත්තමල්ලි තම්බා බොන්න.

10. බෙලිකොළ තැම්බූ වතුර බොන්න.

11. කෝමාරිකා මද තේ හැඳි 2 පමණ ගෙන වතුර ටිකක් දමා හොඳින් ගසා උදේට බොන්න.

 

නගනවලට

 

1.සියඹලා ඇට කබලෙන් බැද කුඩුකර මී පැණියෙන් අනා ගාන්න.

2. සියඹලා ඇටයක් දෙහි ඇඹුලින් උරච්චි කර ගාන්න.

3.රසකිඳ දලුවක් පොල්කිරෙන් තම්බා එලන්න.

4.උදේට කථා නොකර තුත්තිරි ගහක් ගලවා එම දණ්ඩේ ඇති පැණි මිරිකා ගාන්න.

 

ඉක්කාවට

 

සුදුහඳුන් කුඩු මී පැණියෙන් අනා ලේහ කරන්න.

 

නිදි උළුක්කුවට

 

මී ඇට තෙල් ටිකකට, කපුරු පෙත්තක් දමා රත්කර නිවුනාම බෙල්ලේ ගා බුලත් කොළයක් රත්කර තවන්න.

 

 

වෛද්‍ය ටී.ඒ.ඩී. උපතිස්ස මහතාගේ ‘සුවය සඳහා අත්බෙහෙත්’ කෘතියෙනි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.