වර්ෂ 2025 ක්වූ January 03 වැනිදා Friday
මොනරාගල ආයුර්වේද වෛද්‍ය සායනය
මොනරාගල ආයුර්වේද සංරක්ෂණ සභාව,මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුග්‍රහය ඇතිව නොමිලේ සංවිධානයකළ වෛද්‍ය සායනයක් ඉකුත්දා මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී බෝවන බෝනොවන රෝග,සර්වාංග රෝග, කැඩුම්බිඳුම්,ගෙඩිවණ,විෂවෙදකම,රූපලාවණ්‍ය ප්‍රතිකාර සිදුකෙරිණි. පාරම්පරික සහ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන් රැසක් සායනයට එක්ව සිටි අතර ප්‍රදේශවාසීන් රැසක් ඊට සහභාගීවී ප්‍රතිකාර ලබා ගත්හ. ඔවුන්ට ඖෂධ නොමිලේ ලබාදීමද සිදුකෙරිණි. මොනරාගල ප්‍රාදේශීය ලේකම් චතුර සමරසේකර මහතාගේ අදහසක් අනුව මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
ඌව වෙල්ලස්ස විශේෂ
ඩී.එස් ගුණතිලක