වර්ෂ 2025 ක්වූ January 03 වැනිදා Friday
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාවට නව පත්වීම්
ශ්‍රීලංකා ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපතිනි ගීතාමණී කරුණාරත්න මහත්මිය සහ නව කළමනාකරණ අධ්‍යෂ වෛද්‍ය එම්.ජේ මාරසිංහ මහතා සිය ධුරයන්හි වැඩ බාර ගැනීම මහරගම නාවින්නේ පිහිටි එම සංස්ථා පරිශ්‍රයේදී සිදුවිය.
ගීතාමණී කරුණාරත්න මහත්මිය ශ්‍රීලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන අතර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා රැඳවියන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම මානවහිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙසද සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් සංවර්ධන ලෙසද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන ලෙසද තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ලෙසද කටයුතු කර ඇත.
රුහුණු විශ්වවිද්‍යාලයේ වානිජවේදී උපාධිධාරිනියක සේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියක වන ඇය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ තනතුරු දරමින් කටයුතු කළ අත්දැකීම් බහුල නිලධාරිනියකි.
කළමනාකාර අධ්‍යක්ෂ ලෙස පත්වූ වෛද්‍ය එම්.ජේ මාරසිංහ මහතා කොළඹ මහ නගර සභාවේ ස්වදේශ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානී ලෙස මෙන්ම කලක් ශ්‍රීලංකා ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සාමාන්‍ය අධිකාරි ලෙස කටයුතු කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලය මගින් ආයුර්වේද වෛද්‍ය හා ශල්‍යවේදී උපාධිය හදාරා ඇති අතර ජයවර්ධනපුර ව්ශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියද, කැලණිය විශ්වවිද්‍යාලය මගින් රෝහල් පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමවද, වයඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියද හදාරා තිබේ .