කතරගම පළමු පෙරහැර විිදි සංචාරය කරයි

ජුනි 23, 2023

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගලයේ පළමු පෙරහැර පසුගිය සඳුදාත් 03 වැනි දින ආරම්භ වූ අතර පෙරහැරට සමගාමීව ආදිවාසී චාරිත්‍ර ඉටුකිරීම 21 වැනි දිනත් සිදු විය. පෙරහැර ආරම්භ විිමට පෙර සර්ව ආගමික කේන්ද්‍ර ස්ථානයක් වන කතරගම පුදබිමට පැමිණි හිංදු බෞද්ධ, මුස්ලිම්, බැතිමතුන් එක්ව සමගියෙන් ධජය ඔසවන ලදි. මෙම අවස්ථාව සදහා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරධිපති රජකිය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමි, කතරගම ශ්‍රී අභිණවාරාම රාජමහා විහාරධිපති ශ්‍රාස්ත්‍රපති කපුගම සරණ හිමි, කතරගම පල්ලියේ ප්‍රධාන මවුලවී මුභාරක් තුමා, හිංදු පුජක තංගවේලු, මොණරාගල දිස්ත්‍රික් ලේකම් දිසාපති අර්.එම ජි. දිසානායක, දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සහ මුස්ලිම් පල්ලියේ පුජක තුමාන්ලා, හිංදු පුජකවරැන් ප්‍රමුඛ සියලු ආගමික බැතිමතුන් මෙම අවස්ථාව ට එක්විය.

අනතුරුව රාත්‍රි ඇසළ මංගලයේ ප්‍රථම පෙරහැර දෙවියන් වැඩමවා ගෙන මහා දේවාලයෙන් විිදි සංචාරය ආරම්භ කරන ලදි. මහා විිදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත පැමිණ චාරිත්‍ර ඉටු කරමින් පසුව නැවත මහා දේවාලය වෙත පැමිණ පෙරහැර අවසන් විය. කතරගම දේවාලයේ ඇසළ මංගලයේ අවසන් මහා පෙරහැර ලබන ජුලි 03 වැනි දින දක්වා පැවැත්වේ ගිනි පැගිමේ උළෙල ලබන 30 වැනි දින උදැසන සිදු වන අතර දිය කැපිමේ මංගල්‍යය ජුලි 03 වැනි දින සිදුවේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.