වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
2025.02.04 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය
ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.20
රාහු කාලය - සවස 03.22 - 04.50
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව සැලසෙන දිනයකි.
වෘෂභ
සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරයි. විරුද්ධවාදියකු නිසා නොසිතූ ගැටලුකාරී බවක් මතු කරයි. සෙම් රෝග, හිසේ ආබාධ ඇති විය හැකි බවක් පෙනේ.
මිථුන
හදිසි ගමනක් හේතුවෙන් සැලසුමක් වෙනස් කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් සිදුකරයි. මිහිරි ආහාරපාන කෑමට හිමිකරන දිනයකි.
කටක
අවිවේකී ලෙස දවස උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි. හදිසි ගනුදෙනුවක් යෙදීමට ඉඩ ඇත. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි.
සිංහ
පැරැණි හිතවත්කමක් අලුත් කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුව අඩු කරයි. ඉවසීමෙන් කටයුතු කරන්න.
කන්‍යා
පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. අලුත් දේ ඉගෙනීමට පි‍්‍රයතාවයක් දක්වන දිනයකි. නිතර නිතර අදහස් වෙනස් කරන බවක් පෙනේ. දුරදිග බලා කටයුතු කරන්න.
තුලා
බාහිර අලංකාරය පිළිබඳ වෙහෙසෙන දිනයකි. අමතර වියදම් බහුල කරයි. අවිවේකී බවක් ඇති කරයි. විශේෂ හිතවත්කමකට මඟ සැලසෙන දිනයකි.
වෘශ්චික
පවුලේ අය සමඟ සුහදව කටයුතු සිදු කරයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. අමතර වියදම් බහුල කරන දිනයකි.
ධනු
විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. පැවැති නොසන්සුන්කාරී බව මඟ හැරී යයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති දිනයකි.
මකර
ශාරීරික වෙහෙසීම් බහුල කරයි. වැඩිහිටියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. උත්සාහවන්තව කටයුතු සිදු කරන දිනයකි.
කුම්භ
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. නැති වූ දෙයක් නැවත හිමිවීමට ඉඩ ඇත. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි.
මීන
පැවැති අසහනකාරී බව මඟහැරී යයි. පවුලේ සුහදතාවයට හේතු ඇති කරයි. සෙම් රෝග, හිසේ ආබාධ ආදියෙන් පීඩා ඇති කරන දිනයකි.