2025/01/08 බදාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 8, 2025

 

ඉර උදාව පෙ.ව. 06.25
ඉර බැසීම ප.ව. 06.09
රාහු කාලය - දවල් 12.17 - 01.45
සුබ දවස - උතුර

 

මේෂ

වෙහෙසකාරි දිනයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට සිදුවේ. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.

වෘෂභ

පි‍්‍රයමනාප ගති පැවතුම් ඇති කරයි. නිතර විනෝදයට කැමති දිනයකි. ඥාති හිතවතකු සමඟ විනෝදවීමට අවස්ථාව උදා කරයි.

මිථුන

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. නිතර වයසින් අඩු සමඟ ඇසුරට කටයුතු උදා කරයි.

කටක

ගතට සිතට චංචලකාරි බවක් ඇති කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන බවක් පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි.

සිංහ

වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදු කරයි. සහෝදර සිත් අමනාපයක් මඟහැරී යයි. වගකීම් බහුල දිනයකි.

කන්‍යා

පොත්පත් කියවීමට ළැදි දිනයකි. අලුත් දේ ඉගෙනීමට වෙහෙසක් දරයි. යටපත් වූ සෙම් අමාරුවක් නැවත මතුවීමට ඉඩ ඇත.

තුලා

ඉඩකඩම් ගැටලුවකට මුහුණදීමට සිදු වෙයි. උසස් අය හා ඇසුරට කටයුතු සැලසේ. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

වෘශ්චික

 

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් ඇති කරයි. අරපිරිමැස්මෙන් කටයුතු සිදුකරන දිනයකි. රහස් ගමනකට කටයුතු සැලසෙන බවක් පෙනේ.

ධනු

කලබලකාරී ගතිපැවතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාර හිමි කරයි. ප්‍රසිද්ධිය තරමක් දුරට අඩුකරන දිනයකි.

මකර

පවුලේ සුහදතාවයට බාධා ඇති කරයි. නොසිතූ සිදුවීමකට ඉඩ ඇති බවක් පෙනේ. සමිති සමාගම්වල නිලතල දරන දිනයකි.

කුම්භ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. අමතර වාසි සැලසෙන කටයුතු යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන දිනයකි.

මීන

හදිසි ගණුදෙනුවකට කටයුතු උදා කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි. හිතවත්කම් අලුත්කරන කටයුතු කීපයක් යෙදේ. වගකීම් බහුල දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.