2024.10.27 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 27, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.52
රාහු කාලය - සවස 04.22 - 05.52
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතුවලට යොමුවන දිනයකි. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. සෙම් දෝෂ, හිසේ ආබාධ වරින්වර ඇතිවිය හැකි දිනයකි.

වෘෂභ

ගේ දොර අලංකාරයට හේතු ඇති කරයි. සහෝදරයකු නිසා නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදු වෙයි. අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි.

මිථුන

හදිසි ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත. වරින් වර අදහස් හා ක්‍රියාමාර්ග වෙනස් කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.

කටක

ගේ දොර අලංකාරයට කටයුතු සැලසේ. අමතර ලැබීම් සහිත දිනයකි. අලුත් දැන හැඳුනුම්කම්වලට හේතු යෙදේ. පැවැති බාධාවක් මඟහැරී යයි.

සිංහ

දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා කරයි. සිතේ ධෛර්යයෙන් කටයුතු සිදු කරයි. දුර බැහැර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී.

කන්‍යා

ආගම දහමට ළැදිව කටයුතු කරයි. පවුලේ අය සමඟ දුර ගමනකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

තුලා

පැවැති කරදරකාරී බව මඟහැරී යයි. අන් අයගේ අදහස්වලට ගරු නොකරන බවක් පෙනේ. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන දිනයකි.

වෘශ්චික

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.

ධනු

පැවැති කරදරකාරී බව මඟහැරී යයි. පවුලට අලුත් ඥාතියකු එකතුවීමට හේතු ඇති කරයි. පැවැති අසනීපයකින් සුවය හිමිවන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරුකරන දිනයකි.


මකර
දුර බැහැර ගමනකට සැලසුමක් ඇති කර ගනී. ආගම දහම කෙරෙහි භක්තිය වැඩිකරන බවක් පෙනේ. වැඩිහිටි ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.


කුම්භ
සමාජයේ කැපී පෙනෙන දිනයකි. ගුප්ත ශාස්ත්‍රය ඉගනීමට කැමැත්තක් දක්වයි. පැවැති අසනීපකාරී බව මඟහැරී යන දිනයකි.


මීන
අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. ආර්ථික අපහසුතා කීපයක් මඟහැරී යන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.